අරගලය හා දේශපාලනය ගැන නිරීක්ෂණ – අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි නැත. අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික අපරාධකරුවන් ඉවත්කිරීමට හැකි වී තිබේ. අරගලය විසින් පිළිනොගත්ත ද, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව පත්වූයේ ද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග අරගලය දියවීයාමක් සිදුවී ඇති බව ඇතැමෙක්…

රනිල් ගැන තව කතාවක්…! – චන්දන ප්‍රසන්න

  පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන දැන කාගෙ හරි ප්‍රොපගැන්ඩා ප්‍රොජෙක්ට් එකක් කරනව ද? මේ තියෙන්නෙ රනිල් අගමැති වුණු පස් වතාව: 1993 – ප්‍රේමදාස මළා…

මෙම පාර්ලිමේන්තුවෙන් ගත හැකි හොඳ ම ව්‍යවස්ථා සංශෝධනය ගැන හිතමු – මහාචාර්ය රොහාන් සමරජීව

විධායක ජනාධිපති ක්‍රමය අහෝස්සි කරන නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ජනමත විචාරණයක් අවශ්‍ය වන කල් ගතවන ක්‍රියාවක් නිසා මේ මොහොතේ මෙම පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගත හැකි පමණට ජනාධිපති බලයට උපරිම සීමා පමුණුවන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ක්‍රියා කළ යුතු බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි. එහි දී මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා බල රහිත කරන බවට…

කූඹින් ලවා ගල් අද්දවන වෑයම – අනුර කේ එදිරිසූරිය 

ගෝඨා ගෝ ගම අරගලයට දින පනහක් පිරුණි. අරගලය විසින් ඉල්ලා සිටින වෙනස සිදු කරන්නට ආණ්ඩුව තැත් කරන බව පෙනෙන්නට තිබෙන නමුත් එය ඉටුකර ගත හැකිද එසේම  අවංක උත්සාහයක්ද යන සැකය පවතී. ගාලු මුවදොර උද්ඝෝෂණය තීව්‍ර කළ එක් හේතුවක් වශයෙන් වත්මන් ආර්ථික අර්බුදය පැවතියද අරගලය විසින් ඉල්ලා සිටින වැදගත්ම සහ බලගතුම වෙනස වන්නේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය…

අරගලය මං සන්දියක – නිශාන්ත කමලදාස

අදට අරගලකරුවන් ගෝඨාගෝගම කඳවුරු බැඳ දින 50 කි. අරගලකරුවන් පැමිණියේ කඳවුරු බැඳීමට නොවන්නට ඇත. කොහුවල, නෙළුම් පොකුණ අභියස, මිරිහානේ ජනපති නිවස ඉදිරිපිට පමණක් නොව හන්දියක් ගානේ, ටවුමක් ගානේ, මතු වෙමින් තිබුණු, කිසිදු බලවේගයක ආරාධනයක් නොමැති ව, ස්වෙච්ඡාවෙන් එකතු වූ පිරිස, අවසානයේ අරගලයේ කේන්ද්‍රය බවට ගෝල්ෆේස් පිටිය පත් කර ඊට ගෝඨාගෝගම යනුවෙන් නමක් ද තැබූහ. ඒ…

රාජපක්ෂලාගේ තුවාල රාසමානික්කම්ලා ලෙව කන්නේ ඇයි? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ඝාතනය වූ නඩරාජා රවිරාජ්ට පසුව සිංහලෙන් කතා කරන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ද්‍රවිඪ සංධානයේ චානක්‍යන් රාසමානික්කම් ජාතික එකමුතුවේ පාලමක් සේ සැලකේ. ඔහුගේ චතුර සිංහල භාවිතය සත්තකින්ම සජිත්ගේ සිංහල හැසිරවීමට වඩා ව්‍යක්තය. සමීපය. සරලය. එහෙත් පසුගිය මැයි 20 වෙනි දින චානක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී කතා කළේ ආකර්ශනීය ලෙස සිය මව් බසවත් කතා කිරීමට අසමත් සජිත් ප්‍රෙමදාස…

එපා වුණත් හෙට ඕනෑ වේවි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

එච් ආර් ජෝතිපාල මහතා ගායනා කරන එපා වුණත් හෙට ඕනෑ වේවි යන ගී කොටස වර්තමාන ආණ්ඩුවේ තේමා පාඨය ලෙස තෝරා ගත යුතුය කියා කිසිවකු යෝජනා කළ හොත් පුදුමයට හේතුවක් නැත. වසර දෙක තුනකට එපිට වත්මන් පාලකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නයාට අඳුකොළ තරමට විෂ සහිත විය. වසර කිහිපයකට පෙර වර්තමාන පාලනයේ නියෝජිතයන් බලය ඉල්ලුවේ මූල්‍ය අරමුදලේ…

රටේ ගැලවීම හෝ විනාසය හෙවත් රනිල් සහ සජිත් – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනතාවගේ නැගී සිටීම හමුවේ අසරණවූ ගෝඨාභය රාජපක්ෂට අගමැති මහින්ද රාජපක්ෂ නම් තම සොහොයුරා බිල්ලට දී පුටුව හෝ ජීවිතය බේරා ගැනීම අරගලයේ ජයග්‍රහණයක් ලෙස විපක්ෂ දේශපාලනඥයන් දකින්නේ නැත. එසේම ශ්‍රී ලංකා නිතිඥ සංගමය අරගලය සදහා දෙන ශක්තිය නිවැරදිව තේරුම් ගත්තේ නම් ඔවුන් තම පටු දේශපාලන න්‍යය පත්‍ර අනුව, ගෝඨා යන තෙක් ආණ්ඩුව භාර නො ගන්නා බවට…

ඉන්ධන පෝළිම් සහ මන්ත්‍රී තුමන්ලා – අනුර සුරිය බණ්ඩාර

ආණ්ඩුව නැවත නැවතත් කටයුතු කරමින් සිටින්නේ ජනතාව ගේ කෝපය සහ විරෝධය වැඩි වර්ධනය කරන ආකාරයෙන් බව පෙන්වන හොඳම නිදර්ශනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ප්‍රශ්නය විසඳන ලද ආකාරයයි. මේ වන විට රට පුරා දැඩි ඉන්ධන හිගයක් පවතී. ජනතාව ඉන්ධන පෝළිම් වල දින ගණන් ගත කරන තත්ත්වයක් පවතී. විෂය බාර ඇමැතිවරයා ගැටලුව විසඳනවා නොව කරන්නේ, ඉන්ධන පෝළිම් වලට…

පාර්ලිමේන්තුවේ චරිත සහතිකය – අනුර කේ එදිරිසූරිය 

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රැස්වූ පාර්ලිමේන්තුවේ මුල්ම කටයුත්ත වූයේ නියෝජ්‍ය කතානායකවරයකු පත්කර ගැනීමය. එසේ පත් කෙරුණේ, වත්මන්  අර්බුදකාරී දේශපාලන වටපිටාව තුළ පත් වූ දෙවන නියෝජ්‍ය කතානායකවරයා ය. ඉල්ලා අස්වී  පත්වී නැවත ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය ගේ අඩුව පුරවන්නටය. නියෝජ්‍ය කතානායක ධූරය හිස්ව තබාගෙන පාර්ලිමේන්තුවේ කටයුතු කළ හැකි බවට පූර්වාදර්ශය තිබියදී රටේ දහසක්…

මැයි 9 දා පෙරළිය තේරුණේ රනිල්ට විතර ම ද ? – සී ජේ අමරතුංග      

  අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා බී බී සී ය සමග පැවති සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ රාජපක්ෂවරයකුට මින් පසු ජනාධිපති වනවා තබා මන්ත්‍රීවරයකුවත් විය නොහැකි වන බව යි. ඒ මැයි 9 දා සිදුවීම්වල ප්‍රතිවිපාක වශයෙනි. දේශපාලන තත්ත්වය වෙනස් වූ ආකාරය රනිල් වික්‍රමසිංහ මහතා දකින්නේ ඒ ආකාරයෙනි. ඒ ඔහුගේ දේශපාලන තක්සේරුව යි….

අගින් නොවෙයි මුලින් ගන්න – අනුර කේ එදිරිසූරිය 

පසුගිය දා රට පුරා සිදු වූ ගිනි තැබීම් සහ දේපළ හානි වලට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය මහත් උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව පෙනේ. නීතිය අතට ගෙන ක්‍රියා කිරීම මෙන්ම මහජන දේපළ සහ පෞද්ගලික දේපළ වලට හානි සිදුකිරීම වරදකි. එවැනි ක්‍රියා අනුමත කළ නොහැකි අතරම ඒවාට සම්බන්ධ  තැනැත්තන් අත්අඩංගුවට ගෙන නීතිය…