රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක රට හදන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  ලංකාවට මේ තත්වය ඇතිවෙන එක වළක්වන්නට ඉවහල් වන, ආණ්ඩුව දැන් කරන්නට යන ප්‍රතිසංස්කරණ මුලින්ම යෝජනා කළේ 2001-04 කාලෙ. ඒ කාලෙ ඒවා කරන්නට දරපු උත්සාහය වැළැක්වූයේ නැතිනම් පසුගිය අවුරුදු 20 තුළ අපි කොයි තරම් ඉදිරියට යන්නට තිබුණාද? විදුලි බල මණ්ඩලේ කෑලි කඩලා විකුණන්න හදනවාය කියලා ප්‍රතිව්‍යූහගත කිරීම වළක්වන්නට වර්ජන මෙහෙයෙව්වෙ කවුද? ජාතික සම්පත් විකුණනවාය කියලා…

සමාජවාදය යනු රාජ්‍ය අයිතියද? – සී.ජේ. අමරතුංග

  සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වන විට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්‍රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසා ය. කෙසේ වෙතත්, පොදු දේපළ ක්‍රමය…

|

ලබන අයවැයෙන් ආදායම් බදු ඉහළට ; සමාගම් බද්දකුත් එයි

  ඉදිරි අයවැය ලේඛනයෙන් ආදායම් බදු වැඩිකිරීමට සහ සමාගම් බද්දක් ඇතුළු බදු කිහිපයක් අලුතින් හඳුන්වාදීමට නියමිත බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. තව තවත් ණය නොගෙන රජයේ ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට මෙම නව බදු පැනවීම අවශ්‍ය වී තිබේ. ණය ලබාගැනීම අඩුකොට රජයේ ආදායම්, වියදම් පරතරය පියවා ගැනීමට කටයුතු කිරීම ජාත්‍යන්තර…

|

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ කුමට ද ? කෙලෙස ද ? – කීර් ති ගොඩිගමුව

    අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල එයට යොදා ගන්නා ක්‍රමවේද වල එකිනෙකට වෙනස්කම් දක්නට ලැබුණ ද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පෙර පැවති ආයතනික ව්‍යුහ බොහෝ දුරට…

ලංකාවේ ර්අබුදයට වාමාංශික විසඳුම් – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම හැර වෙන කුමක් කරන්නද යන්න සම්බන්ධයෙන් විසඳුමක් නැතිකමයි. දැනට වාමාංශිකයන් විසින් ඉදිරිපත් කර තිබෙන විසඳුම් යෝජනා පහත දැක්වේ. රාජපක්ෂලා හොරකම්…

අවසන් වූ අරගලයට පසු වදනක් – නිශාන්ත කමලදාස

  අරගලය ආරම්භ වෙන්නෙ ගෑස් තෙල් පොහොර හිඟයත් එක්ක. ඒ ගැන මිනිසුන්ගේ තියෙන කලකිරීම එක්ක. ආණ්ඩුව මේ තත්වයට පත් වෙන්න ඉඩ දීල බලා සිටීම සම්බන්ධයෙන් විරෝධයත් එක්ක. බොහෝ අය හිතන විදිහට මිනිසුන් සිස්ටම් චේන්ජ් කරන්න ම ආවා නොවෙයි. ඒකෙ පෙරමුණ ගත්තෙ රටේ පීඩිත ම කොටස නෙවෙයි. මධ්‍යම පංතිය කියල කියන කොටස. ඉගෙන ගත්ත මධ්‍යම කළමනාකාරිත්වයට…

|

පුලුවන් නම් අයින් කරන්න : ජී එල් ; තර්ජනයක් නැති නිසා හදිසියක් නැහැ : සාගර

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 17 දා සෙනසුරාදා බ්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර බලා ගියේ කලක් මෙරට ද රාජ්‍ය නායිකාව ලෙස සිටි දෙවන එලිසබත් මහ රැජිනගේ අවමගුල් කටයුතුවලට සහභාගී වීම සඳහා ය. ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් එයට සහභාගී වුව ද ශ්‍රී ලංකා ජනාධිපතිගේ සංචාරය ගැන විපක්ෂයෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය…

|

ආර් ථිකය : අනාගතය අවදානම් -ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

  ලංකාව සතු විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව සැරසෙයි. හෙට එනම් 2022 සැප්තැම්බර් 23 වැනිදා ලංකා ආණ්ඩුවත් ආණ්ඩුව විසින් පත්කරන ලද උපදේශකයන් දෙදෙනාත් ලංකාවේ ණය හිමියන් සමග ප්‍රථම සාකච්ඡාව ඇරඹීමට නියමිතය. මේ ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. විජේවර්ධන මහතා ප්‍රවීණ සහ…

|

IMF ණය දෙසැම්බරයේ අනුමත වෙතැයි මහ බැංකුව ආයෝජකයන්ට කියයි

  මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර් තා කොට ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අද (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බව රොයිටර්…

|

පන්සල්, පල්ලි, කෝවිල්වල ලයිට් බිලට දැනටමත් සහන ලැබෙනවා – ශ්‍රී ලංකා ආර් ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර් ය විජිතපුරේ විමලරතන හිමි

    හිඟ ගාස්තු තරාතිරම නොබලා අයකර ගත යුතුයි විදුලි බිල වැඩි කළේ වසර 9කට පස්සේ නිෂ්පාදන පිරිවැයට අඩුවෙන් කිසි දෙයක් විකුණන්න බෑ විදුලිය පරිභෝජනය කරන සියලු දෙනාටම සහන දිය යුතුද එසේ නැතහොත් ජාතික ආර්ථික දියුණුවට දායක වන්නන්ට පමණක් සහන සැලසිය යුතුද යන කරුණ ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි…

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය – චින්තන ධර්මදාස

මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා. මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු වෙළුමෙහි සංස්කාරක සටහන අරගෙන කන්නංගර දේශනයකදි අපූරු පරිවර්තනයක් කරනවා. මේ දේශනයේ විවිධ තැන්වලදි පරිවර්තනය තමන්ට අවශ්‍ය විදිහට නමන කන්නංගර විශේෂයෙන්ම…

ඕමල්පේ ගරු සෝබිත හාමුදුරුවන් වහන්සේ වෙතය- චන්ද්‍රසිරි සෙනෙවිරත්න

  පිරිවෙනේ විදුලි බිල ඉහළ යාමෙන් පරල ව ඔබ වහන්සේ කළ තර්ජනය, අමාත්‍ය කාන්චන විජේසේකර “ගෙවන්න බැරි නම් සෝලා ගහ ගන්නවා මිස, මිනිසුන් කුපිත කරන්න එපා” යයි  නිෂේධ කළේය. පසුගිය සිකුරාදා අරුණ පත්තරයේ කතුවරයා “බුදුන් වර්තමානයේ  වැඩ සිටියා නම් විදුලි බිල වැඩිවීම උපේක්ෂාවෙන් ඉවසා වදාරනු ඇතැයි නො පැසුණ හෝ අවිචාරවත්  ප්‍රවේශයක් ලෙස බැහැර කර තිබිණ….