හොරට කහින සුදත් රෝහණ – සිරිසේන රාජපක්ෂ

හොරට කහින සුදත් රෝහණ – සිරිසේන රාජපක්ෂ

දේශපාලන සදාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙන්වෙන් කලාකරුවෝ සංවිධානය පසුගිය 14 වන දා පිටකෝට්ටේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් නිදහස් කලා සංවිධානයේ සභාපති සුදත් රෝහණ මහතා 2018.11.18 ඉරිදා පුවත්පතකට ප්‍රකාශයක් නිකුත්කර තිබුණි. එහිදී ඒ මහතා දේශපාලන සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කලාකරුවෝ සංවිධානයට එල්ල කර ඇති චෝදනා කිහිපයක් මධ්‍යස්ථව විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. සුදත්…

මුරලි වාදය – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

මුරලි වාදය – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා  බී. බී. සී. සේවයට ලබා දී තිබුණු සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනවල මහත් කතාබහකට ලක්විය. මුරලිදරන් මහතා එහි දී ප්‍රකාශ කරන්නට යෙදී තිබුණේ ඔහුගේ පෞද්ගලික මතය වුව ද එහි දී මෙරට පොදුජන විඥානයේ යම් පැතිකඩක් නිරාවරණය වූ බව මගේ අදහසයි. මුරලිදරන් මහතාගේ ප්‍රකාශයේ සරල අර්ථය වන්නේ ජනතාවට වඩා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය,…

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මුදල් වියදම් නතර කරන්නැයි මෝසමක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මුදල් වියදම් නතර කරන්නැයි මෝසමක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මුදල් වියදම් නතර කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායකවරයා වෙත මෝසමක් භාර දී තිබේ. රජයේ කටයුතු නීති විරෝධිව සිදු වන බැවින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බව හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේ අද දින පාර්ලිමේන්තු රැස්වීම අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “දින 5 ක කල්…

“දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනයාගේ ගැටළු වලට විසඳුම් නෑ” – සුමන්තිරන්

“දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනයාගේ ගැටළු වලට විසඳුම් නෑ” – සුමන්තිරන්

දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අපේක්ෂා කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් 18 දා සවස මේ බව පැවසූ සුමන්තිරන් මහතා කියා සිටියේ පසුගිය රජය නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට යම් විසදුමක් සෙවීමට…

ජනාධිපතිවරයා සාකච්ඡුා කළ යුත්තේ තමන්ගේම හෘදසාක්‍ෂිය සමගයි… බලහත්කාරී ආණ්ඩුව හදා ගත්තේ ඔවුන්ට තිබෙන නඩුවලින් බේරීම සඳහා පමණයි –  ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයා සාකච්ඡුා කළ යුත්තේ තමන්ගේම හෘදසාක්‍ෂිය සමගයි… බලහත්කාරී ආණ්ඩුව හදා ගත්තේ ඔවුන්ට තිබෙන නඩුවලින් බේරීම සඳහා පමණයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයා විසින් අද සවස 5.00ට විශේෂ සාකච්ඡුාවක් පවත්වන බව අපිට දැනුම් දී තිබෙනවා. පක්‍ෂයක් ලෙස එයට සහභාගි නොවීමට අප තීරණය කොට තිබෙනවා. ඊට හේතු සඳහන් කොට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා. මෙම අස්ථාවරත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි. අස්ථාවරත්වය පිළිබඳව අප සමඟ සාකච්ඡුා කොට ඵලක් නැහැ. මුළුමනින්ම එය සමනය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඔහු සාකච්ඡුා කළ යුත්තේ…

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටමය

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටමය

මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වූ අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා රටේ අගමැති ධුරයට එම මහින්ද රාජපක්ෂව නැවත පත්කිරීම කාගේත් විමතියට කාරණයක් විය. තත්වය තවත් ව්‍යාකූල වීමට ගියේ දින කිහිපයකි. පාර්ලිමේන්තුවේ නියමිත වාර කාලය තව අවුරුදු දෙකක් පමණ ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා…

2015 පොරොන්දු පත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සදාචාර විරෝධීයි

2015 පොරොන්දු පත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සදාචාර විරෝධීයි

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය සහ එහිදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම සඳහා පුරවැසියා ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමාජ සාධාරණත්වය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් අද(18) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. පසුගිය 26 වැනිදා අගමැතිවරයා මාරු කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයත් සමඟ මේ වනවිට රට දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුධයකට ගොස් ඇතැයි ද දේශපාලකයා, මාධ්‍ය…

මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය තුන්වන වරටත් සම්මතයි

සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවද සම්මත වූ බව කතානායකවරයා නිල වශයෙන් ප්‍රකාශ කළා. බාධා කිරීම් මධ්‍යයේ පොලිස් ආරක්ෂාව මැද සිට සෙන්කොලය ද පසෙකින් තබාගෙන කතානායකවරයා අදාළ විශ්වාසභංග යෝජනාවට නම් වශයෙන් මන්ත්‍රීවරුන්ගේ ජන්දය විමසන බව ප්‍රකාශ කළා. බාධා කිරීම් හමුවේ කතානායකවරයා කියා සිටියේ අද දිනයේද ස්ථාවර නියෝග යටතේ හඬ අනුව කැමැත්ත විමසීමේ රීතිය…

මින් පසු පාර්ලිමේන්තුවට කිසි බාධාවක් නෑ : ජනපති පොරොන්දු වෙයි.

මින් පසු පාර්ලිමේන්තුවට කිසි බාධාවක් නෑ : ජනපති පොරොන්දු වෙයි.

මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තමන් පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායකවරයාට පොරොන්දුවක් ලබාදී ඇතැයි වාර්තා වේ. අද (15) සවස කතානායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර ඇතිවූ සාකච්ජාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. විශ්වාසභංගය පිළිගන්නේ නෑ ඊයේ (14) දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව තමන්…

රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි… ඔහු කටයුතු කරන්නේ අවසිහියෙන්ද කියලා සැකයක් තිබෙනවා… –  ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි… ඔහු කටයුතු කරන්නේ අවසිහියෙන්ද කියලා සැකයක් තිබෙනවා… – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂත්, කැබිනට් මණ්ඩලයකුත් පත්කළා. එය ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී, සදාචාර විරෝධී කි‍්‍රයාවක්. ජනාධිපතිවරයා, පත්කරපු අගමැතිවරයාට බහුතරය තියෙනවා කියලා විවිධ අවස්ථාවලදී කිව්වා. පහුගිය 05වැනිදා රැුස්වීමේදී 113 හදලා ඉවරයි කියලා ඔහු කිව්වා. නමුත් දිගින් දිගටම මෛතී‍්‍රපාල සිරිසේනගේ ඊනියා ආණ්ඩුවට බහුතරය හදාගන්න බැරිවුණා. බහුතරය නැතිනිසා තමයි පාර්ලිමේන්තුව වාර අවසාන කළේ. පසුව ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව…

ජනපති‍ මෛත්‍රිගේ විශේෂ ප්‍රකාශයට පුරවැසි පිළිතුරක්

ජනපති‍ මෛත්‍රිගේ විශේෂ ප්‍රකාශයට පුරවැසි පිළිතුරක්

ජනාධිපතිතුමනි, 2018 නොවැම්බර් 11 විශේෂ ප්‍රකාශයක් කරමින් ඔබ පැවසුවේ, දින 14ක් ඇතුළත ඔබ ජාතිය අමතන තුන්වැනි අවස්ථාව බවයි. ජනපති වරයකු ජාතිය ඇමතීම යනු සුවිශේෂී අවස්ථාවක සුවිශේෂී කාරණයක් අරබයා ජන මතය දැක්වීමක් ලෙස සාමාන්‍යයෙන් සැලකුවත් ඔබ ජාතිය ඇමතීම වශයෙන් ප්‍රකාශකර දින 14ක් ඇතුළත තුන් වතාවක් කළ අදහස් දැක්වීම අපට නම් පෙනුනේ රටක් හමුවේ තම වැරදි වසා…

කතානායකගේ මයික්‍රෆෝනය ගලවන්න ගිය දිළුම් අමුණුගමට තුවාල

කතානායකගේ මයික්‍රෆෝනය ගලවන්න ගිය දිළුම් අමුණුගමට තුවාල

මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලා සිටීමෙන් පසුව පාර්ලිමේන්තුව උණුසුම් විය. ඉන් අනතුරුව කතානායකවරයාගේ ආසනය වටකර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර දැඩි බහින් බස්වීමක් සිදු විය. මේ අතර කතානායකවරයාගේ මයික්‍රෆෝනය ගලවා දැමීමට දිළුම් අමුණුගම සහ ආනන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරුන් උත්සාහ කළ අතර එහිදී දිළුම් අමුණුගමගේ අතට තුවාල සිදුව ඇති බව වාර්තා…