ජනපතිගේ නියෝගය බලරහිත කරන්න ඉල්ලා ‍පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනපතිගේ නියෝගය බලරහිත කරන්න ඉල්ලා ‍පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට  මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි  ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කළේය….

අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ  ගුණමකු අසත්පුරුෂයෙක් –  ගාමිණි වියන්ගොඩ

අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගුණමකු අසත්පුරුෂයෙක් – ගාමිණි වියන්ගොඩ

19 වෙනි සංසෝධනයක් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා. ඒ වෙනස් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ  කොහෙවත් නැහැ, අගමැතිවරයාව ජනාධිපතිවරයාට ඉවත් කළ හැකියි කියල. ලියුමකින්වත් වෙනත් ආකාරයකින්වත් ගැසට් නිවේදනයකින්වත් කිසිම දේකින් අගමැතිවරයාව ඉවත් කිරීමේ බලයක් වර්ථමාන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට නැ. දේශපාලන විශ්ලේෂක, ග්‍රන්ථ කර්කෘ ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශකළේ ඊයේ (10) කොළඹ දී පැවති පුවත්වත් සාකච්ඡාවක දී ය….

මෛත‍්‍රීපාල සිරිසේන කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි – ජවිපෙ නායක, අනුර දිසානායක

මෛත‍්‍රීපාල සිරිසේන කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි – ජවිපෙ නායක, අනුර දිසානායක

අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මහා මැතිවරණයකින්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරය එක් පිළකට අහිමි වී තවත් පිළක් බලයට පත්වීමෙන්. එය සිදුවුණේ එක් මැතිවරණයක සිට තවත් මැතිවරණයක් දක්වා අතර තුර කාලයේදී පාර්ලිමේන්තුව ඇතුළේ. නමුත් 26වෙනි සිකුරාදා ආණ්ඩු මාරුව සිදු වුණේ මැතිවරණයකින් හරි මේ කියපු ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස්වීමකින් හෝ නොවේ. මෛතී‍්‍රපාලත් මහින්ද රාජපක්ෂත් මේසෙ දෙපැත්තේ හිටගෙන…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන –  ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ. ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප‍්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක්…

ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ද, අර්බුදයක් ද: ප්‍ර​ශ්නෝත්තර මාලාවක් – මාස් එල්. යූසුෆ්

ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ද, අර්බුදයක් ද: ප්‍ර​ශ්නෝත්තර මාලාවක් – මාස් එල්. යූසුෆ්

මාස් එල්. යූසුෆ් 2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලූම් කෑවේය. දැන් හැමෝම කතා කරන්නේ, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතිය ගැන ය. දෙපැත්තේම පිරිස්, අගමැතිවරයා ඉවත් කිරීම සහ අලූත් අගමැතිවරයෙකු පත්කිරීම පිළිබඳව පක්ෂව හෝ විපක්ෂව කතා කරති. දේශපාලනික සහ නෛතික…

මාදුලුවාවේ සෝභිත හිමි සමරු දේශනය: දේශපාලන අන්ධකාරය සහ දේශපාලන අපේක්ෂාව – ජයදේව උයන්ගොඩ

මාදුලුවාවේ සෝභිත හිමි සමරු දේශනය: දේශපාලන අන්ධකාරය සහ දේශපාලන අපේක්ෂාව – ජයදේව උයන්ගොඩ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ අප මාදුලුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර පැවති තත්ත්වයෙන් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. එහි මුඛ්‍ය ලක්ෂණය වන්නේ, මාදුලුවාවේ සෝභිත හිමියන්ගේත්, එතුමන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේත් අනුප්‍රාණ ලැබ සිදු වූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවන…

දෙමල ජාතික සන්ධානයේ තීරණයේ වෙනසක් නෑ – ජනාධිපති හමුවී කියයි
|

දෙමල ජාතික සන්ධානයේ තීරණයේ වෙනසක් නෑ – ජනාධිපති හමුවී කියයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මැතිතුමා, ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් මැතිතුමා , ගරු එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා යන අය අද දින අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසී සාකච්ඡා කරන ලදී.  මෙම සාකච්ඡාව පැය 1 ½ ක කාලයක් පැවැත්විණි.   රටේ වත්මන්…

ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක්.

ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක්.

ජනාධිපති සිරිසේන අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 නොමැතිවීම මීට මූලික හේතුවවී ඇති බවද වාර්තා වෙයි. ජනාධිපති සිරිසේන පසුගිය දින කිහිපයේම කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළකරන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ සහය ඇතිව මන්ත්‍රීවරුන් බිලිබා ගන්නට උත්සාහ කළත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ ක්‍රියාවට එරෙහිව මේ වන විට…

දේශපාලනික දේ පුද්ගලික ද වේ – අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි – ජයදේව උයන්ගොඩ

දේශපාලනික දේ පුද්ගලික ද වේ – අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි – ජයදේව උයන්ගොඩ

‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති ප‍්‍රතිපත්තිමය සහ පුද්ගල වෙනස්කම් ගෙනහැර පාමිනි. ඔහුගේ කතාව විමසා බලන විට, ප‍්‍රතිපත්තිමය හේතුවලට වඩා පුද්ගල හේතු වඩා ප‍්‍රබල බව පෙනී යයි. ඒ පුද්ගල හේතු බෙහෙවින් දේශපාලනික බවත්…

පිම්පි බුද්ධිමත්තු – අනුර සූරියබණ්ඩාර

පිම්පි බුද්ධිමත්තු – අනුර සූරියබණ්ඩාර

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා බිලීබා ගන්නට කුමන්ත්‍රණ ආණ්ඩුව ගත් උත්සාහය මේ වන විට රහසක් නොවේ. හෙළිදරව් වී ඇති කරුණු අනුව, යෝජිත රාජපක්ෂගේ නියෝජිතයෙක් වන දිනූෂ නමැත්තෙකු පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා අමතා ප්‍රකාශකර ඇත්තේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර හරහා රුපියල් කෝටි 50 ක මුදලක් ලබා දිය හැකි බවයි. එසේම එස්. බි. දිසානායක මන්ත්‍රිවරයා ද පාලිත…

මනුෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වේ : රනිල්ට සහය දෙයි.

මනුෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වේ : රනිල්ට සහය දෙයි.

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පසුගිය නොවැම්බර් මස 1 වන දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ලැබීය. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇති වු දේශපාලන වාතාවරණය දෙස අවදානය යොමු කිරීමේ දී,  ඇති වු…

දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට ජවිපෙ සූදානම් – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට ජවිපෙ සූදානම් – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

26වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක්. ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවේ. එම නිසා මෙම කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. පළමුව මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කළා, 05වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව. පසුව කතානායකවරයා සහ මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර සිදුවූ කතාබහකින් අනතුරුව 07වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ප‍්‍රකාශයට පත්කළා. 07වැනිදා පාර්ලිමේන්තුව කැඳවන නිසා එදින එදින කටයුතු සාකච්ඡුා කිරීමට පසුගිය…