20 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි  – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

20 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළ කර ඇත. එය එක වාක්‍යයකින් විස්තර කරනවා නම් කිව හැක්කේ එයින් රට 2010-2015 කාලයට ආපසු ගෙන යන බවය. 20 යෝජිත ආකාරයට සම්මත  වුවහොත් 19 වන සංශෝධනයෙන් ඉතිරිවන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ වසර 5ක ධූර කාලය, ජනාධිපති ධූර සීමාව සහ තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිවාසිකම පමණි.    20හි සාරාංශ කීපයක්…

”එජාපය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්මා” – ධම්ම දිසානායක

”එජාපය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්මා” – ධම්ම දිසානායක

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්ම මේ මොහොතේ විපක්ෂය දුර්වලවීමට ප්‍රධාන හේතුව බව හිටපු ආණ්ඩුකාර ධම්ම දිසානායක අවධාරණය කර සිටියි. ”ඊට පස්සේ ඔහු වෙනුවට තෝර ගත්ත කෙනාට හැකියාවක් නැහැ අර මරා දැමූ වීර චරිතය ඉස්සර කර යාමට හෝ වීරයා බවට පරිවර්තනය වෙන්න” යයි ද ධම්ම පවසයි. ‘සමබිම’ සිවිල් සමාජ…

19න් පටන් ගනිමු – තිසරණි ගුණසේකර

19න් පටන් ගනිමු – තිසරණි ගුණසේකර

රාජපක්‍ෂ-විරෝධී කඳවුර අබියස ඇති ප්‍රධානතම අභියෝගය රාජපක්‍ෂවරුන්ගේ බල පරාක්‍රමය නොවේ. අප අතර ඇති අසමගියත් අප තුළ වර්ධනය වෙමින් පවතින දැඩි අපේක්‍ෂා භංගත්වයත්ය. මහා මැතිවරණයෙන් තමන් ලද අනපේක්‍ෂිත කඩා වැටීම නිසා එජාපයේවත් සමගි ජන බලවේගයේවත් ඇස් පෑදී නොමැත. මැතිවරණ පරාජයෙන් පසු ගතවූ තෙසතියක කාලය තුළ මෙම පක්‍ෂ දෙක අතරත් එජාපය තුළත් කුලල් කා ගැනීම් තවත් වර්ධනය…

‘ජනාධිපති ගෝඨාට ආර්ථික දැක්මක් නැති බව තහවුරු වෙලා’ – සැබෑ දේශප්‍රේමියෝ

රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය ආදායම 2/3 කින් අඩුවී තිබීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ රජයට කිසිදූ ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පු වී ඇතැයි ‘සැබෑ දේශප්‍රේමියෝ’ අවධාරණය කර සිටියි. ‘සැබෑ දේශප්‍රේමියෝ’ වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර තිබේ. ඒ, ‘රැඩිකල්…

2020 කැබිනෙට්ටුවේ හොඳ නරක -ආචාර්ය සුජාත ගමගේ

2020 කැබිනෙට්ටුවේ හොඳ නරක -ආචාර්ය සුජාත ගමගේ

2020 අගෝස්තු මස 15 වැනිදා පැවතුනු මහා මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ විසින් ප්‍රකාශිත ඡන්ද වලින් 59% ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් අත්පත් කරගෙන ඇත.  එම පත්වෙන ආණ්ඩුව සඳහා අමාත්‍ය ධූර 28 ක් හා රාජ්‍ය අමාත්‍ය ධූර 40 ක් නම් කර ඔවුනගේ සඳහා වගකීම විස්තර කෙරෙන අංක 2020/8/2187-27 ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව එම තනතුරු සඳහා…

JR ගේ ව්‍යවස්ථාවේ නරක කොටස් කඩිමුඩියේ ප්‍රතිෂ්ඨාපනය කරන්නට වෙහෙසෙන්නේ ඇයි?- මහාචාර්ය රොහාන් සමරජීව

JR ගේ ව්‍යවස්ථාවේ නරක කොටස් කඩිමුඩියේ ප්‍රතිෂ්ඨාපනය කරන්නට වෙහෙසෙන්නේ ඇයි?- මහාචාර්ය රොහාන් සමරජීව

ප්‍රවෘත්ති වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේ දී එන ණය අර්බුදය මුහුණ දීමට වඩා 19 වන සංශෝධනය ඉවත් කිරීමට නව ආණ්ඩුව වැඩි ප්‍රමුඛතාවක් දෙන බවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට විරුද්ධ වුවන් නායකත්වය දෙන පක්ෂයක් එහි නරක ම අංග ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙහෙසීම උත්ප්‍රාසාත්මක ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය 1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ කෙලින් ම ජනතාව විසිනි….

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977යි. 1970දී තුනෙන් දෙකේ බලයක් ලබාගත් සමගි පෙරමුණු රජය 1972දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ ය. එම රජය පරාජය කරමින් 1977 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එක්සත් ජාතික පක්ෂයට…

නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි – ගාමිණි වියන්ගොඩ

මේ රටේ ජනතාව තමන්ව පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි දැන් තීරණය කොට ඇත. අඩමානයකට කිසි ඉඩක් ඉතිරිව නැත. රාජපක්ෂ බලය යළි ස්ථාපිත කරමින් පවුල් පොහොට්ටුව පිපී තිබේ. ඒ, කෙතෙක්ද යත්, මීට පෙර දේශපාලනයේ නොසිටි කෝඩුකාරයෙකු වන, ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඥාති පුත්‍ර නිපුණ රණවක, වෙනත් බොහෝ ප්‍රවීණයන් පරදවා මාතර දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට ඔසවා තැබීමට රාජපක්ෂ පවුල සමත්ව…

හොඳ මිනිස්සු කියල කොටසක් ඉන්නවද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

කැළණි පාලම යට (තොට ලඟ) අති දුෂ්කර ආර්ථික කොන්දේසිත් එක්ක පැල්පත් වාසී විශාල ප්‍රජාවක් ජීවත් වෙනව. පාතාලෙ,කුඩු,ආදී විවිධ සමාජ අපචාර බොහෝවිට පවතින්නෙ මේ සමාජ පසුබිම ආශ්‍රිතව. මේ පරිසරය තුල උප්පත්තිය ලබන පුත්ගලයින් අපරාධ කාරයින් වීමේ ලොකු සම්භාවිතාවක් තියෙනව. කිසිම පුත්ගලයෙක් ඉපදෙන්නෙ තමන්ගෙ කැමැත්තෙක් තෝරාගත් තැනක නෙමේ. මිනිසා යනු තමන් ඉපදිච්ච සමාජ ආර්තික දේහයේ ප්‍රකාශනයක්. ඒ…

තුන් සිංහලය එක්සේසත් කරේ සුද්දෝ … !! – ප්‍රියශාන්ත රාජපක්ෂ

ධනවාදය පැමිණීමට පෙරෙ මෙහි විසූ ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් කටයුතු සිද්ද උනේ කරත්ත සහ දෝලාවල් වලින් වන අතර සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් කටයුතු සිදුවූයේ පාගමනින්. ඒ අනුව අඩි පාරවල් සහ කරත්ත පාරවල්වලට එහා ගිය මුළු රටම ඒකාබද්ධ කල මහාමාර්ග පද්දතියක් එවකට තිබුනෙ නෑ. මන්ද වානිජකණය නොවූ අති සරළ වැඩවසම් සමාජයකට දියුණු මහාමාරග පද්දතියක් අවශ්‍ය නොවූ බැවින්….

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසි – සුමිත් චාමින්ද

මෙරට බොහෝ දේශපාලන විශ්ලේෂණයන්හි ඇති පොදු ගැටළුවක් වන්නේ ඒවා ජාතිකමය රාමුවක් තුළ සිරගතව පැවතීමයි. මෙය ජාතිකවාදීන්ට පමණක් අදාළ වූ ගැටළුවක් නොවේ. ඇතැම්විට, ඇතැම් ලිබරල්වාදීන්ගේ විශ්ලේෂණද ලාංකීය ජාතික රාජ්‍යය නමැති රාමුවෙන් පිටතට ගමන් කිරීමට අසමත් වී ඇති බව පෙනේ. නමුත්, අද අප ජීවත් වන්නේ කිසිසේත්ම ගෝලීය සහ කලාපීය දේශපාලන වර්ධනයන් සහ ප්‍රවණතා සැලකිල්ලට නොගෙන ලාංකීය දේශපාලනයේ…

වසංගතය සහ එහි ආර්ථික ප්‍රතිවිපාක කළමනාකරණයට නැතුවම බැරි ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව

බහු වසංගත: කොරෝනා වෛරසය පාදක කරගත් වසංගතය අද ලෝකයට බල පාන එකම ව්‍යසනය නොවේ. විද්‍යාත්මක ප්‍රතිචාරයන්ට අභියෝග කරන, වැරදි තොරතුරු පතුරුවන, දුස්තොරතුරු වසංගතයක් ද ඒ සමග පැමිණියේ ය. සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ලෝකය පුරා ජනතාවට ලබා දෙන විට එන්නත් විරෝධීන් විසින් එම පිළියමට බරපතළ හානියක් සිදුකරනු ඇත. තුන්වැනි වසංගතය දේශපාලන නායකයන්ට වැළඳී ඇති ඒකාධිපති බලතල…