|

ජපුර රෝහල ළඟ තට්ටු නිවාසයක කුමන්ත්‍රණ කළේ කවුද ?

මේ සතියේ ආණ්ඩුවට තම ස්ථාවරත්වය යලිත් රටට පෙන්වීම සඳහා දැවැන්ත පිම්මක් පැනීමට සිදුවිය. ඒ ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට අදාල විවාදය සහ ඡන්ද විමසීම තුළිනි. බදාදා ඇරැඹූ එම විවාදය තුලින් වඩාත් කැපී පෙනුණේ ආණ්ඩු විරෝධයට වඩා විපක්ෂ කණ්ඩායම අතර ඇති දේශපාලනික සහ න්‍යායයාත්මක පරස්පරතාය. ඔවුනොවුන් තම තමන්ගේ ශක්තිය වාචිකව පෙන්වන ගමන් ආණ්ඩුවට වඩා…

ජනාධිපති තනතුරට පත්විය යුත්තේ රට හදන්න දැක්මක් ඇති නායකයෙක් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

දිනන්න පුළුවන් අය, ජනප්‍රිය අය කියමින් එක එක නම් ජනාධිපතිවරණයට යෝජනා වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ හා එම තනතුරට පත් කළ යුත්තේ රට හදන්න පුළුවන් නායකයකු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. උත්සව සභාවක් අවසානයේ ජනමාධ්‍යවේදින් නගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍ය පෙළ සමත් නැති අය හැට හැත්තෑවක් පාර්ලිමේන්තුවේ සිටින…

බොදුබලය සහ ෆාතිමා – සිරිසේන රාජපක්ෂ

සිංහල  තරුණයකු සමග විවාහ වීම හේතුවෙන් ගමේ මුස්ලිම් පල්ලියෙන් සහ ගමේ අසල් වැසියන්ගෙන් තමාටත් තම සැමියාටත් දරුවන්ටත් තාඩන පීඩන එල්ල වන බව බණ්ඩාරගම අටලුගම අබ්දුල් හසන් ෆාතිමා  නැමැති  කාන්තාව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියාය. ඇගේ එම  ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සමාජගත කරන්නට වේදිකාව සපයා තිබුණේ බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසිනි.  ඥානසාර ඇතුළු බොහෝ…

දිළිඳුකම  පිටුදැකීමේ දාර්ශනික දුප්පත්කම – අනුර සූරියබණ්ඩාර

පවුල් ලක්ෂ 6 කට අලුතින් සමෘද්ධි හිමිකම් සහතික පත්‍ර බෙදාදීමේ ජාතික උත්සවයක් පසුගිය මැයි 30  දින අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. සමෘද්ධි සංවර්ධන  දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ වශයෙන් සඳහන් වන්නේ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම තුළින් දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම…

අයි.සී.සී.පී.ආර් මොවුන්ට නැද්ද ? – සම්පත් අමරසිංහ

මෑත  ලාංකේය ඉතිහාසයේ පැවැති ගෝත්‍රවාදීතම කල්ලි ගැසීම  පසුගියදා නුගේගොඩදී පැවැත්වුණු  බව කියන්නට පුළුවන. එම කල්ලි  ගැසීම  සංවිධානය කර තිබුණේ “වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය” නමින් පෙනී සිටින කණ්ඩායමක් විසිනි.මෙරට  මේ වන විට පවතින තත්ත්වය අනුව  ඕනෑම කෙනෙකුට හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුට මහා බලයක් මෙන් පෙනී සිටින්නට පුළුවන. ඒ සඳහා අවශ්‍ය වන්නේ අලෙවි කළ හැකි ආකාරයේ…

|

විද්වතුන්ගේ ඡන්ද ගුණ්ඩු – නිශාන්ත කමලදාස

දින දෙකක් ඇතුළත විද්වතුන් මෙහෙය වූ සම්මන්ත්‍රණ දෙකකට නිරාවරණය වීමි. ඒ සම්මන්ත්‍රණ දෙකේම අපේක්ෂාව වී තිබුණේ ජාතික ප්‍රතිපත්තියක් එලි දැක්වීම ය. ඉන් එකක් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන විට අනෙක ජාතික ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලැබීය. මේ සංවිධාන දෙකම තමන්ගේ සම්මන්ත්‍රණය සඳහා සම්මත දේශපාලනඥයන් ගෙන්වාගෙන තිබුණේ නැත. එකක් පැවතියේ මාලඹේ රාහුල මහා විද්‍යාලයේ ය….

නිදහස් පක්ෂය පොහොට්ටුව ඉදිරියේ දණ ගැසිය යුතු නෑ-දයාසිරි

රාජපක්ෂ පවුල් පාලනය 2015 ජනවාරි 08 වනදා ජනතාව විසින් පරාජය කළ බව සිහිපත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ දරන්නේ එම පාලනයම හෝ ඊටත් එහා එකක් ගෙන ඒමටදැයි ප්‍රශ්න කරයි.  ජනාධිපති ධුරයත් අගමැති ධුරයත් ප්‍රධානතම අමාත්‍ය ධුර හත අටකුත් ඔවුන් වෙතම ලබා දෙමින් ඔවුන් හා සන්ධානගත…

අද රටම වැඩ බිමක් බවට පත් වෙලා-මංගල

වසර හතළිහකට ආසන්න කාලයක් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැමරූ කළු ජූලිය “සුදු ජූලිය” බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.  අමාත්‍යවරයා සඳහන් කරන්නේ, සංවර්ධන ව්‍යාපෘති 86,000ක් අද රටපුරා ක්‍රියාත්මක බවත්, ඒ නිසාම අද රටම සංවර්ධන කලාපයක් සහ වැඩ බිමක් බවට පත්ව ඇති බවයි.  මංගල සමරවීර මහතා මේ බව…

බෙරයේ පළුවක් නැති මත්පැන් විරෝධය – අනුර සූරියබණ්ඩාර

මත්ද්‍රව්‍ය ජාවාරම්  වලට සම්බන්ධව මරණ දඬුවම නියම වී සිරගතව සිටින පිරිසෙන් සිව් දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය යෙදී තිබුණු පසුගිය 26 වනදා ජනාධිපති වරයා අත්සන් තබා ඇති බව සඳහන්ය.  ඒ අතරවාරයේ පසුගිය සතියේ මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් වී තිබුනි.   ඒ අතර බන්ධනාගාර කොමසාරිස්වරයා අභියාචනාධිකරණයට දන්වා…

ලංකාව එල්ලන මරණ දඬුවම – සම්පත් අමරසිංහ

”කවුරු විරුද්ධ වුනත් එල්ලා මැරීම ස්ථිරයි. ඉදිරි සති දෙක තුළ දඬුවම ක්‍රියාත්මකයි” පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ සඳහන්ව තිබුණේ එසේය. ජනාධිපතිවරයා ජුනි 26 බදාදා මාධ්‍ය ආයතන ප්‍රධානින් අමතමින් පවසා තිබුණේ, එදින ලෝක මත්ද්‍රව්‍ය දිනය බවත්, තමා මරණීය දණ්ඩනයට අත්සන් තබා ඇති බවත්, ළඟදීම හතර දෙනෙකුට එය ක්‍රියාත්මක වනු ඇති බවත්ය. එසේවුව මරණ දණ්ඩනය…

|

ඩීල් නොදාපු එකම ඇමති කිරිඇල්ලයි – අගමැති කියයි : පාස්කු ඉරිදා මඩ මිටිතැනින් බැස්සවීම

ගෙවීයන සතිය තුල අගමැතිවරයා ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලැබෙන “සුදු ජූලිය” සංකල්පය යටතේ පියවර රැසක් ගත්තේය. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හමුදා සහ පොලීසියට ආබාධයන්ට වකුගඩු රෝහීන් ඇතුළු ජන ස්ථර රැසකට රු. දස ලක්ෂ 39,360 ක  දැවැන්ත මුදලක් හරහා ප්‍රතිලාභ ලබා දීම ජූලි මාසයේ සිට ඇරඹිණි. ඊට අමතරව සමෘද්ධිය අලුතින් පවුල් ලක්ෂ 6 කට බෙදා දීමද රට පුරා…

තමන්ගේ බොළඳ හැසිරීම නිසා රටම අනතුරේ දමා ඉන් බේරීමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු බිල්ලට දෙන ජනපති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා පමණක්ද යන්න මේ වනවිට රටේ ජනතාව නගන ප්‍රශ්නයකි. රටේ ආරක්ෂාව පිලිබඳ නිවැරදිව ක්‍රියාත්මක වීමට නොහැකි වූ හේතු දෙස බැලීමේදී අපගේ අවධානය යොමුවන ප්‍රධාන කරුණක් වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයත්, අගමැතිවරයාගේ උදාසීන ක්‍රියාකලාපයත් මීට සෘජුවම බලපා ඇති බවයි. ඔවුන් දෙදෙනාගේ තීන්දු තීරණ නිසා ඇති වූ ගැටුම් මෙම හේතුවෙන් රජයත්…