මුර දේවතාවන් වෙනුවට මුර බල්ලන් – නිශාන්ත කමලදාස

 ජාතිය රැක ගැනීමට මුර දේවතාවුන් හිටියේ ඉස්සර ය.දැන් ඉන්නේ මුර බල්ලන් ය.මුර බල්ලන් නිතරම ඉන්නේ ඉව කරගෙන ය. කිසියම් ආගන්තුකයෙක්, ආගන්තුක යමක්, දැක්කේ නම් හෝ ආගන්තුක යමක් දැනේ නම් උන්ට බුරන්නට ඒ ඇති ය. මුණ සෝදන බේසමේ උන් කිඹුලන් දකින්නේ ඒ නිසා ය. කන්නට ගත් තම පිඟානට බෙදා ගත් කොත්තුවේ වඳ පෙති දකින්නේ ඒ නිසා…

යාන්තමින් ගැලවුණු ‘කළු මාර්තුව’ සන්නාමය – මනෝජ් රූපසිංහ

ජාතින් අතර සමගිය බිඳ දැමීම පිණිසත්, විවිධ ආගම් ලබ්ධිකයන් අතර ගැටුම් ඇති කිරීමත්, එකිනෙකා වෛරක්කාරයන් බවට පත් කිරීමත් අරමුණු කරගත් ඉතා භයානක වූත්, ඉතා විනාශකාරී වූත් අරගලයක සැලැස්මක් ආරම්භයේදී ම පාහේ නතර කර ගැනීමට හැකි වී ම සතුටට කරුණක්. එසේ නොවිනි නම් එය ඉතිහාසයේ තවත් කළු පැල්ලමක් වී, ‘කළු මාර්තුවක්’ යනුවෙන් නම් කළ හැකි සිදුවීම්…

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නෙ වැඩවසම්වාදි හා ජනතාවාදි පිල් දෙක අතරයි – ජාතික විද්වත් මණ්ඩලයේ – සුජිත් අක්කරවත්ත

  පසුගිය ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් උණුසුමේ විවිධ සංවිධාන කරළියට ආවා. ජාතික විද්වත් මණ්ඩලයත් එම මැතිවරණ ව්‍යාපාරය එල්ලකර ගෙන බිහි වූ සංවිධානයක් ද? ජාතික විද්වත් මණ්ඩලය ආරම්භ වෙන්නේ 2004 වර්ෂයේ දී.  ඒ වෙනකොට චන්ද්‍රිකා රජයේ නිලකාලය අවසන් වෙමින් තිබුණා. ඒ වෙනකොට ව්‍යවස්ථාවෙන් පනවපු නිර්ණායකයන් පිළිඅරගෙන ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග ආදි ජනාධිපතිවරු ගණනාවක් සිය දුර කාලය නිමවී…

මහා පාවාදීම – ගාමිණී ජයවීර

2015 ජනවාරි 8 වැනි දා, ශ‍්‍රී ලංකාවේ ජනතාව රටේ අනාගතය ගැන, නිදහසින් පසු උද්ගත වූ අතිශය බරපතල ප‍්‍රශ්නයකට මුහුණදුන්හ. එනම්, තනි පවුලක් සහ එහි සහායකයන්ගෙන් පාලනය වෙමින් පැවති ඒකාධිපති තන්ත‍්‍රය සඳහා සහාය පළ කරන්නේ ද, නැතහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, දයාබර, සාමකාමී, නීතිගරුක, ස්වෛරී රාජ්‍යයක් සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල සහාය ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකුට සහාය පළ…

එදා ඉදන් මේ රට ගොඩනැගුවේ ආගමික නිදහස තුළින් – ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානාධිපති ශාස්ත‍්‍රපති හෑගොඩ විපස්සී හිමි

මම මෙතන කිසිදු පක්ෂයක් නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. ශාන්ති නායක බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව භික්ෂූ ජීවිතය අර්ථවත් කරමින් සමාජයේ ප‍්‍රගතිය කරා යම් මෙහෙවරක් කරන්න අවශ්‍ය දේ අවශ්‍ය තැනදි කරුණු ඉදිරිපත් කරන හාමුදුරු කෙනෙක්. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ දේශනාව ”සියලූ සත්වයෝ සුවපත් වෙත්වා” කියලයි. බුදු දහම හුදෙක් මානව කෙන්ද්‍රීය දහමක් විතරක් නෙමෙයි. සත්ව කේන්ද්‍රීය ගහකොළ…

මිනිස්කම දැනෙන්නේ අනිකාගේ ප‍්‍රශ්න තේරෙනකොට – උතුරු නැගෙනහිර හිටපු පළාත් ආණ්ඩුකාර ලයනල් ප‍්‍රනාන්දු මහතා

මේ ප්‍රෙක්ෂකාගාරයෙන් ප‍්‍රශ්නයක් අහන්න මම කැමතියි. ”තුනුක්කායී කොහෙද තියෙන්නේ, සතුරු කොන්ඩාන් කොහෙද තියෙන්නේ ” තුනුක්කායි යාපනයේ, සතුරු කොන්ඩාන් මඩකලපුවේ තිබෙන්නේ. මගේ රාජකාරී කාලයේ සැලකිය යුතු පරිච්ජේදයක් ගත කළේ මන්නාරම, වව්නියාව, අම්පාර, මුලතිව් යනාදී ප‍්‍රදේශවල. දකුණෙන් උතුරේ රාජකාරියට යන නිලධාරියෙක් හෝ සේවකයෙක් ඉටු කරන කාර්යභාරය කුමක්ද? මම කල්පනා කරන්නේ පැය අටක කාලය තුළ ෆයිල් එහෙට මෙහෙට…

|

ඒකාබද්ධයේ මත ගැටුම්; ඒජාපය එක මතයක

 ජපානයේ කළ සාර්ථක සංචාරයකින් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා දිවයිනට පැමිණියා. ජපන් සංචාරයේ අතරතුර දී ද ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් හා ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනාධිපතිතුමා සොයා බැලුවා. මැති ඇමැතිවරුන්ට කතා කරමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන ආයතනවලට තරගකොට තේරීපත් වූ නියෝජිතයන් ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම්…

මහින්දගේ පුස් වෙඩි – භාතිය බරුකන්ද

එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂ කල්ලිය විසින් පසුගිය 21 වැනිදා කතානායක කරු ජයසූරිය මහතාට භාර දුන් බව මාධ්‍ය වාර්තා කළා. මාධ්‍ය වාර්තා අනුව සුපුරුදු ලෙසම මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා නැහැ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 51 දෙනකු සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනකු…

|

විශ්වාසභංග වූ දේශපාලනය – සී. ජේ අමරතුංග

 සාමාන්‍යයෙන් විශ්වාසය භංගවීමක් කියන්නේ මෙතෙක් තබා තිබූ විශ්වාසයක් බිඳ වැටුණු බවය. එවැන්නක් ඉදිරිපත් කළ යුතු වන්නේ විශ්වාසය තබා සිටි පිරිසක් විසිනි. අඩු තරමේ එබඳු පිරිසකගේ සහයෝගයෙනි. කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හදන්නේ ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි. මේ සතියේ එම විශ්වාසභංග යෝජනාව භාරදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබිණි….

වැඳීම හා කොඳු නැවීම – නිශාන්ත කමලදාස

 මංගල සමරවීර අපූරු මිනිසෙකි. පහුගිය දිනක ඔහු ඉදිරියේ ශිෂ්‍ය නායිකාවකට වඳින්නට සැලැස්වීම ගැන කම්පාවෙන් කතා කළේ ය. එය උඩු ගං බලා යෑම කි. දේශපානඥයෙක් පැත්තක තිබිය දී ඡන්ද අපේක්ෂා නොකරන නිකම් ම නිකම් මිනිහෙක් පවා නොකරන වැඩකි. ජාතියත් ආගමත් විකුණා ගෙන කෑම ජිවිතය කර ගත් කිසිදු දේශපාලනඥයෙක් නම් කොහෙත්ම නොකරන වැඩකි. ඔහු ඒ වැඩේ කළ…

විශේෂ මහාධිකරණයට එරෙහිවීම – පුහුල් හොරා කරෙන් දැනේ – භාතිය බරුකන්ද

‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ කියලා කතාවක් අප අතර තිබෙනවා. ඒ වගේම ‘‘කැණට කලින් හොරා වැට පණිනවා, කුඩු කෑ මිනිහාගේ නහය දනවා’’ වාගේ කතාත් අපේ සමාජයේ ප‍්‍රකට ඒවා. මේ සියලූම කතාවල පොදු අදහසක්, එහෙම නැතිනම් ළඟින් යන අදහසක් තිබෙනවා. ඒ තමයි ‘‘කළ කිසිවක් සඟවන්න බැහැ’’ කියන එක. පුහුල් හොරාගේ කතාව ගැන මතකය යළි අලූත් වුණේ සුවිශේෂ…

රනිල් රැකගත යුතු ඇයි ? – සමුනි සමරකෝන්

  සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ යනු ලංකාවේ සුදු පාලන සමයේ පළමු සිංහල දිසාපතිවරයාය. ඔහු වියළි කලාපයේ රාජකාරිවල නියුතුව සිටියදී කැලෑ වැදුණ පුරාණ වාරිකර්මාන්තයේ වැව් පිළිබඳව ආර්ථික දෘෂ්ටිකෝණයකින් කල්පනා කළේය. ඊට සමගාමීව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කොළණි හෙවත් ජනපද වැඩපිළිවෙළ පිළිබඳවද උනන්දුවෙන් අධ්‍යයනය කළේය. තම රට දිළිඳුකමෙන් ගොඩගත හැක්කේ කෘෂිකර්මාන්තය ඔස්සේ ලබන ආර්ථික සංවර්ධනයකින් බව තේරුම්ගත් වික්‍රමසිංහ දිසාපතිතුමා, සියතින්ම…