|

රට ගොඩගන්න කළ යුතු දේ නොකළ යුතු දේ – ධනනාත් ප්‍රනාන්දු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහා බිල්ලකු සේ සලකමින් සිටි ආණ්ඩුව දැන් එහි පිහිට පතයි. අපේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මුදල් ඇමැති හා මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් දැන් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරති. මේ ඒ පිළිබඳව විමසා බලන ලිපියකි. මෙම ලිපිය සඳහා තොරතුරු සපයන්නේ ඇඩ්වකාටා ආර්ථික පර්යේෂණායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතාය. මේ…

|

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් විසඳුම් යෝජනා 9 ක්

  ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද…

ගෝඨා ඕන කාටද? – අනුර සූරියබණ්ඩාර 

  දින ගණනක්  පුරා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ලා උද්ඝෝෂණයක නිරතව සිටිති. සමාජ ජාල ක්‍රියාකාරී තරුණ  පිරිසක් මූල් ව පටන්ගත්  එම ජන එකමුතුව මේ ⁣වන විට විවිධ වයස් වල ,  සියලු ජන කොටස් වල සහභාගීත්වයත් සහයෝගයත් ලැබෙමින් ශක්තිමත් වෙමින් තිබේ. පිරිස රැස් ව සිටින ස්ථානයට නමක් ද දී තිබේ. එනම් ” ගෝඨා ගෝ…

|

’’IMF ගියත්, ණය ලැබුණත්, ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අපි පරාදයි’’ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

      රටේ දේශපාලන ආර්ථික පරිසරයේ විශ්වසනීයත්වය සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දැන්වත් සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනයම් පාර්ශ්වයකින් ණය මුදලක් ලබාගැනීම තුළ තවත් මාස කිහිපයකට ආර්ථිකය ගැට ගසා ගැනීමක් විනා, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ස්ථිරසාර විසඳුමක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අවධාරණය කරයි. රට…

74 වසරක ශාපය – අනුර කේ එදිරිසූරිය 

  74 වසරක ශාපය තුරන් කරමු! යනු මේ වන විට පවතින ජනතා උද්ඝෝෂණ වල කැපීපෙනෙන සටන් පාඨයකි. ඉන් අදහස් කරනුයේ, නිදහසින් පසුව ගෙවුණු කාලය තුළ රට පාලනය කළ සියලු ආණ්ඩු විසින් මේ රට පරිහානිය කරා ළඟා කර ඇත; ඉදිරියේ සිදුවන ආණ්ඩු වෙනසකදී මෙතෙක් රට පාලනය කළ බලවේග වලට වෙනස් පාලක පිරිසක් තෝරා ගත යුතුය යන්නය….

හරීන්ගේ කතාව සැමගේම අවධානයට ලක්විය යුතුයි – “ලංකාදීප” කතුවැකිය

රටේ පවතින තත්ත්වය පාර්ලිමේන්තුවේ වාද විවාද උණුසුම් තත්ත්වයට හරවා තිබේ. එහෙත් පසුගිය දින කිහිපය තුළදීම වචන හරඹ විනා ජනතාව පාරට බැස්ස වූ රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ හරවත් සංවාදයක් එහි සිදු නොවූ තරම්ය. හිස් වචන හරඹවලින් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. මුළු පාර්ලිමේන්තුවම කතා සාප්පුවක් පමණක් වනවිට රටේ වීදි බැස අරගල කරන ජනතාවගේ විශ්වාසයද ගිලිහී යයි. එය…

ජනතාව, විරෝධතා සහ උප්පරවැට්ටි – අනුර සූරියබණ්ඩාර 

  ආණ්ඩුවට එරෙහිව නැඟෙන ජනතා විරෝධය දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබේ. මේ අරගලය තුළ කැපීපෙනෙන  අතිශය වැදගත් ලක්ෂණය තමන්ගේ අයිතිය වෙනුවෙන් ජනතාව ස්වේච්ඡාවෙන් කරන වීදි බැසීමය. පසුගිය තුන්වන දා පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතාව මැඩීමට ආණ්ඩුව පැනවූ අනීතික හදිසි නීතිය උල්ලංඝනය කිරීමට ජනතාව ගත් පියවර විසින් තමන් කිසිසේත්ම ආණ්ඩුවේ වහලුන් නොවේය යන පණිවුඩය ලබාදෙනු ලැබිණ. එදින…

|

අර්බුදයට අන්තර්වාර විසඳුමක් – ආචාර්ය අතුල විතානවසම්

අන්තර්වාර ආණ්ඩුවක් යනුවෙන් අදහස් වන්නේ රාජ්‍යයක් අභ්‍යන්තරයේ ඇති වන සිවිල් යුද්ධයක් හෝ රාජ්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති වන සංග්‍රාමයක් නිසා කිසියම් රටක පාලන තන්ත්‍රය බිඳ වැටී ඇති විටෙක නව පාලන තන්ත්‍රයක් ගොඩනැගීම අරබයා පිහිටුවන තාවකාලික ආණ්ඩුවකටය. Government Provisional Government යන යෙදුම් මේ අන්තර්වාර ආණ්ඩුව හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ ව්‍යවහාර වෙයි. ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය…

|

හාල් මිල වැඩිවීමේ ප්‍රධාන සාධකය – මහාචාර්ය බුද්ධි මාරඹේ

මෙරට අඥාන, ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලකොට කියා හෝ කෘෂිකර්මාන්තයට අදාළ තීරණ තාර්කික අයුරින් නිසි වෙලාවට ගත යුතු බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට නොහැකි වීම ගැන මෙරට මිලියන විසිදෙකක් වූ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂයෙන් ගොවි ප්‍රජාව වෙනුවෙනුත් මා ගැනමත් දැනෙන්නේ දැඩි සංවේගයක් මෙන්ම ලජ්ජාවකි. අවම වශයෙන් 1948 නිදහස දිනාගත් දා පටන් (මදකට අනෙකුත් ආර්ථික අංශ පසෙක තැබුවහොත්) මේ දක්වා…

සමාව ඉල්ලන පොහොට්ටුකාරයෝ – අනුර සූරියබණ්ඩාර  

  ජනාධිපතිවරයා ජාතිය අමතා රටේ ගැටලුසහගත වාතාවරණයක් පවතින බව පිළිගත් නමුත් එය තමන්ගේ හෝ වත්මන් ආණ්ඩුවේ වරදකින් සිදුවූවක් බව පිළිගන්නට සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ඔහුගේ අදහස වූයේ අර්බුදයට හේතුව පසුගිය පාලන කාලවල වරදක් බවය. ප්‍රශ්නය ඇති කළ අය ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරනවා යනුවෙන් ඔහු කීම මඟින් ඒ බව පැහැදිලි වේ. ජනාධිපතිවරයාගේ අදහස මුළුමනින්ම වැරදි…

|

රුපියල වැට්ටූ බලධරයෝ – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

මේ විනිමය අර්බුදය ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා නොකළ එකක් නොවේ. රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දෙන ලෙස ඔවුන් මීට මාස හත අටකට කලින් ආණ්ඩුවට දැනුම් දුන් නිසාය. එවකදී මහ බැංකුව රුපියලේ පාලනය අත්හැරියේ නම් ඩොලරයේ රුපියල් අගය ක්‍රමයෙන් ඉහළ යෑමට ඉඩ තිබිණි. ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230 ත් 235 ත් අතර මිලකට පැමිණීමට හැකියාව තිබිණි. එහෙත්…

|

පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු – සම්මානික මහාචාර්ය ඩැනී අතපත්තු

අපේ රටේ විදේශ මූල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන ආදායම අතර පැවැතියේ මහා පරතරයකි. ඒ නිසා එක් පැත්තකින් විදේශ ණය වැඩි විය. අනෙක් පැත්තෙන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලට ඇතිවන පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියේය. එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202 ක සීමාවේ…