2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති රනිල් වික්රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස අද දින ඉදිරිපත් කරන ලද අයවැය ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලනික දැක්ම ප්රකාශයට පත්කරන අවස්ථාවක්. එය පැවති සමාජ-ආර්ථික ක්රමය වෙනස්කරන ක්රියාවලියේ සන්ධිස්ථානයක්. බොහෝ අයගේ අවධානයට යොමු නොවූ වැදගත් ප්රකාශයක් එහි අංක 3.12 යටතේ සඳහන් වෙනවා: “නව ආර්ථික පදනම සැලසීමේදී සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුයි….
