කලූ ජනවාරිය සිහි කැඳවන පෑනට එරෙහිව තුවක්කු කතා කළ ඉතිහාසය – සීතා රංජනී
|

කලූ ජනවාරිය සිහි කැඳවන පෑනට එරෙහිව තුවක්කු කතා කළ ඉතිහාසය – සීතා රංජනී

මාධ්‍ය නිදහස අගයන්නන් විසින් 2009 වසරේ සිට ජනවාරි මාසය හඳුන්වන්නේ ‘කලූ ජනවාරිය’ වශයෙනි. එයට හේතුව එම මාසය තුළ මාධ්‍යයට එරෙහි බරපතල අපරාධ කිහිපයක් ම සිදු වී ඇති බැවිණි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, සුබ‍්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීම, සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම, ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලය ගිනි…

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස
|

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස

පෞද්ගලික පාසලක දැරියක් අපොස උසස් පෙළ කලා අංශයෙන් උසස්ම ප්‍රතිඵල හිමි කරගෙන තිබීම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ තැති ගැන්මට හේතු වී තිබේ. ඔහු කියන්නේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇති බව ය. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව…

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස
|

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස

රටේ අවුලක් ඇති බව පිළි නොගන්නා කෙනෙක් නැත. එහෙත් ඒ අවුල තිබෙන්නේ කොහි ද යන්න ගැන ඇත්තේ ලිහා ගන්නට අමාරු අවුලකි. ඇතැම් අයට අනුව අවුල තියෙන්නේ දේශපාලනඥයන්ගේ ය. ඔවුන් බොහෝ දෙනෙක් හොරුන් ය. වංචාකාරයන් ය. මැරයන් ය. ස්ත්‍රී දූෂකයන් ය. කුඩු කාරයන් ය. කසිප්පු කාරයන් ය. මේ කතා කිසිවක් බැහැර කළ නොහැකි ය. බොහෝ දේශපාලනඥයින්…

උපාලි කියන්නේ පුදුමාකාර මනුස්සකමින් පිරුණු ඉතාමත් සත්ගුණවත් චරිතයක් – ගායක ගායිකා සංගමයේ සභාපති  කීර්ති පැස්කුවෙල්

උපාලි කියන්නේ පුදුමාකාර මනුස්සකමින් පිරුණු ඉතාමත් සත්ගුණවත් චරිතයක් – ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල්

ඊයේ (15 වනදා) මළ හිරු බසිනා ‍ සැඳෑයාමයේ දී කොහුවල නිසල අරණ පොදු සුසාන භූමියේදී ප්‍රවීන වාද්‍ය ශිල්පියෙකු හා ගායකයකු වන උපාලි කන්නන්ගර සියල්ලෙන් සමුගෙන ගියේය. එම අවස්ථාවට පැමිණි හැමකෙනෙකුගේ මුවින්ම පිට වූයේ උපාලි ගේ දක්ෂකම් හා ඊටත් වඩා ඔහු තුළ තිබූ මනුෂ්‍යත්වයයි. ඔහුගේ හොඳක් නොකිය වුණු මුවගක් නොවීය. හුස්ම ගැනීමේ අපහසුවක් සැදී හෘද වස්තුවේ ඇතුළත…

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස
|

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස

පෝලිම අපට නුපුරුදු යැයි කිව නොහැකි ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ඉක්මණින් සැපයිය නොහැකි තැනක එවැන්නක් ඇති වීම ස්වභාවික ය. ඉදින් දුප්පත් රටක පෝලිම් යනු ස්වභාවික සංසිද්ධියකි. එවැනි පෝලිමක ඉඳීමේ භාග්‍යය පසු ගිය දිනක මට ලැබිණි. ඒ බල්ලෙකු විසින් සපා කනු ලැබ ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහරෝහලට ගෙන ගිය මගේ පුතා වෙනුවෙනි. ජල භීතිකා ප්‍රතිකාර…

මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස
|

මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස

මැජික් කියන්නේ ඇස්බැන්දුමකි. ඒ කියන්නේ අප එකකට අවධානය යොමු කරගෙන සිටින විට අපේ ඇස් වසා අපට හොරා තව එකක් කොට මැජික්කරුවන් අප පුදුම කරන නිසා ය. මිනිසුන් අහසේ පා කිරීමටත් කපා වෙන්කර නැවත එක් කිරීමටත් ඔවුන්ට පුළුවන. අප හිතන දේ කීමට ඔවුන්ට පුළුවන. අප නොහිතන දේ කිරීමට ඔවුන්ට පුළුවන. ඔවුන් කර පෙන්වන්නේ අපට කරන්නට බැරි…

වැඩ ඇති පටි නැති පොලිස් කතුන්- චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

වැඩ ඇති පටි නැති පොලිස් කතුන්- චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ඇබර්තු නොමැති බැවින් ඉහත තනතුරට සුදුසුකම් ඇති පොලිස් නිලධාරිනියන් 40 දෙනෙකුට තනතුරට ඉල්ලුම් කිරීමෙන් වැලකී සිටින්නට දැනුම් දී ඇතැයි කියවෙන පුවතක් පසුගිය දිනක දක්නට ලැබුණි ..ඔවුන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර ඇති බව කියවේ.එකී පොලිස් නිලධාරිනියන් එම තත්වය හදුන්වාදී ඇත්තේ තමන්ට සිදුවූ ලිංගික භාවය පදනම් කරගත් මදි පුංචිකමක්…

පාපන්දු ලෝක කුසලානය තායිලන්තයට..!!!!!! – අනුර රන්වල

පාපන්දු ලෝක කුසලානය තායිලන්තයට..!!!!!! – අනුර රන්වල

අවසානයේ ලෝකයම සැනසුම් සුසුම් හෙළමින් ඒ අපූර්ව ක්‍රියාන්විතය නිමාවිය.ඌරු කණ්ඩායම (Wild Boar) යහතින් හිරුඑළිය දුටුවෝය.මුලින්ම ගණන් බැලූ පරිදි මේ නසරානී ගැටවුන් ටික බේරා ගැනීමට මාස ගණනාවක් යා යුතුව තිබුණි.තවද නොබෝ දිනකින් කඩා වැටීමට නියමිත මහා මෝසම් වැසි හේතුවෙන් ඔවුන් රැදී සිටි ගුහාව දක්වා වතුර පිරීමට නියමිතව තිබුණි.අමිහිරි හා අවසනාවන්ත ඉරණමක ඉඟි පළවෙමින් තිබුණි.බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්…

එකා මෙන් සමගියෙන් ඉන්න  ලංකාව ආදරණීය මිනිසුන් වෙසෙන ලස්සන රටක්

එකා මෙන් සමගියෙන් ඉන්න ලංකාව ආදරණීය මිනිසුන් වෙසෙන ලස්සන රටක්

පසුගිය 6,7.8 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගන දෙකම යොදා ගනිමින් පැවැත් වූයේ මේ දිනවල ලොව පැවැත්වෙන විශාලතම සමුලුවයි. එයට ඇමරිකාව, ඉන්දනීසියාව, කොංගෝව, ඉන්දියාව ඇතුළු විවිධ රටවල් රැසකින් විදේශිකයන් 4000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් 12000ක් පමණ ජනකායක් සහභාගි වී සිටියහ. මේ අනුව දින තුනක් පුරා සමුළුවට සහභාගි වූ…

සදා නොමියෙන චාමර මතකය

සදා නොමියෙන චාමර මතකය

වගකීම් සහිත වෘත්තීය ක්ෂේත්‍රයක පෙළහර පෑ සැමගේ ඇගයුමට ලක්වූ මාධ්‍යවේදියෙක් ජනාධිපති සතිඅන්ත ජාතික පුවත්පත සිළුමිණ සහ දිනපතා ජාතික පුවත්පත ‘රැස’ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සොව පළ කර සිටී. එම පණිවිඩය මෙසේය. සිළුමිණ සහ රැස යන පුවත්පත්හි ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවය සැලවීමෙන් ‍මම…

පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්! – මාධ්‍යවේදි තිලක් සේනාසිංහ

සියවසක හමාරක පමණ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වනු ලද මෙම උත්සවය 1984 වසරේ සිට රාජ්‍ය මට්ටමින් හඳුන්වනුයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙනි. එමෙන්ම මේ දිනවල විද්‍යුත් මාධ්‍ය වලින් මෙම අලුත් අවුරුද්දේ ගුණ රුව වනන මහාචාර්යවරුන්ගේ, ජ්‍යෙතිර්වේදීන්ගේ, නැට්ටුවන්ගේ සිට සුපිරි හෝටල් වල කෝකියන් දක්වා වූ ‍පිරිස් මෙය ‍සිංහල දෙමළ සියල්ලෝම එකට එක්ව…

අපේ කාලයේ වීරවරිය

ශාන්ති දිසා­නා­යක වියළී ඉරිතලා ගිය පොළොව තෙමාලන වර්ෂාව ගොවි හද පමණක් නොව ළමා ළපටි කොයි කාගේත් සතුට වඩවයි. කෙමෙන් වියැකී ගිය හරිත පැහැය යළිත් සෙමින් ලැගුම් ගන්නා තුරුලතාවෝ ප්‍රමුදිතව රඟන්නාක් බඳුය. ගොවි බිමත්, ජලයත්, අස්වැන්නට නිසි මිලක් පමණක් ඉල්ලන ගොවියෝ උකටලී බව හැර පියා යුහුසුළු වන අපූරුව බලන්නට ලස්සනය. අස්වැසුණ සිතෙහි සාමය උදුරාගන්නට දුරකතනය සමත්…