|

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හරහා ආර්ථික සටන ජයගත හැකිද? – කීර්ති ගොඩිගමුව

පුන්‍ය ආයතන හා ලාබ නොලබන ආයතන හැර අනෙක් සියලු වාණිජ ව්‍යාපාර ආයතන ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවාගනු ලැබූ ආයතන වේ. මේ හැර යම් සේවාවක් සැපයීමට අරමුණු කරගෙන රජය විසින් පිහිටවනු ලැබූ ආයතන පවා  වාණිජ පදනමක් මත පිහිටුවා තිබීමෙන් පෙනී යන්නේ, ලාබ ලබාගැනීමේ හෝ අඩුතරමින් වියදම පියවා ගැනීමේ අරමුණ මෙහි ගැබ්ව ඇති බවයි. සෑම ව්‍යාපාරික ආයතනයකට ම,…

|

තිත්ත ඇත්තට මූණදෙමු – කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය

ගෙවා ගැනීමට බැරි තරමට ඉහළ ගොස් තිබෙන දෙස් විදෙස් ණය සහ විදේශ විනිමය සංචිතය පහළ බැසීම නිසා අද රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී සිටින්නේ බරපතළ අර්බුදයකටය. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි. මේ විමසුම කරන්නේ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාය. යුනයිටඩ් මෝටර්ස් සහ පැලවත්ත සීනි යන සමාගම්වල ද සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා,…

|

චීන ණය පමණක් ‘ණය උගුල්’ වශයෙන් හඳුන්වන්ණේ ඇයි? – කීර්ති ගොඩිගමුව

  සාමාන්‍යායෙන් ලෝකයේ  පවතින ණය ලබා දීමේ  සහ ගැනීමේ ක්‍රමවේදය  වන්නේ  දෙපාර්ශවය එකඟ වන පොලී අනුපාතයක් මත සහ නිෂ්චිත කාල වකවානුවක් තුළ ආපසු ගෙවීමේ එකඟත්වය මත එම  මුදල ලබා දීමයි. එසේ  ලබාදෙන මුදල් සඳහා ආරක්ෂාවක් අවශ්‍ය නිසා වටිනා යමක් ඇපයට තබා ගැනීම සරල ම සහ පැරණි ම ක්‍රමයයි. බැංකු ක්‍රමයේ  දියුණුව මත  මෙම මූලික සංකල්ප…

|

කාබනික පොහොර නිසා ශ්‍රී ලංකාවේ සමස්ත තේ කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීම – දුලිප් ගුණරත්න විසිනි (ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශක)

  තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින්…

|

කාබනික උන්මාදය සහ පාදෙණිය නොදත් වෘත්තීය ආචාර ධර්ම – කේ.කේ.අයි.යූ. අරුණ කුමාර, බෝග විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය

වෘත්තීය ගරුත්වය රැකීම යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් තම වෘත්තියේ ආචාර ධර්මවලට ගරු කිරීම සහ ඒවාට අනුගතව කටයුතු කිරීමම නොවේ. යමෙකුගේ වෘත්තීය ගරුත්වය රැකෙන්නේ තම වෘත්තියට මෙන්ම අනෙකාගේ වෘත්තියට ද ගරු කිරීමෙන් පමණි. වෘත්තීය ආචාර ධර්ම අවැසි වනුයේ ඒ සඳහාය. තම වෘත්තීයට සැබෑ ලෙසම ගරු කරන කිසිවෙකුත් අනෙකාගේ වෘත්තීයට ගැරහීම් නොකරන්නේත්, අගෞරව නොකරන්නේත් ඒ නිසාය. රටක…

|

යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය: ගෝඨාභය දිනවන්න ගෙනා වාගාලංකාර දැන් පරාජය වෙලා – නීතිඥ සුදර්ශන ගුණවර්ධන 

  2021 ජුනි මාසේ 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා ලංකාවේ තත්වය සම්බන්ධයෙන්. එහි වැදගත් කාරණා මොනවාද? එහි ප්‍රධාන අවධානය යොමුවුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් කියන කාරණය. මේක විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණා. තවත් කරුණු අතරේ ලංකාවට දැනට ලබාදීලා තිබෙන ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම පිළිබඳවත් එහි සඳහන් කරලා තිබුණා….

|

රාජ්‍ය අංශය ද? පෞද්ගලික අංශය ද? – නිශාන්ත කමලදාස

  අම්ම ද නැත්නම් ඔබගේ බිරිඳ ද? මේ ප්‍රශ්නය නගමින් ගැයෙන වාද බයිලාවක් ඔබ අසා ඇතුවාට සැක නැත. ගම ද නගරය ද? තවත් එවැනි ම වාදයකට ප්‍රස්තූත වෙන යුගලයකි. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ද තවත් එවැනි යුගල පදයක් ගැන ය. ඒ වඩා හොඳ රාජ්‍ය අංශය ද? පුද්ගලික අංශය ද යන්න ය. මේ වාදය සඳහා…

|

ඕස්ට්‍රේලියා සහල් ප්‍රාතිහාර්යයෙන් අපට පාඩමක් – ඩබ්ලිව් ඒ විජේවර්ධන

ශ්‍රී ලංකාවේ ජනතාව ඈත අතීතයේ පටන්ම වී වගාකොට බත් අනුභව කළහ. මහාවංශයට අනුව වසර දෙදහස් පන්සියයකට පමණ පෙර කුසගින්නේ හෙම්බත් වී තම්මැන්නා වෙරළින් ගොඩබට විජය කුමරු සහ ඔහුගේ පිරිවරට, බිඳී ගිය නෞකාවේ තිබූ සහල් ගෙන කුවේනිය බත් පිස කන්නට දුන්නාය. ශ්‍රී ලංකාවෙන් සහල් අපනයනය කළ බව හෝ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කළ බවක් මහාවංශයේ සඳහන්…

|

පොහොර – රසායන ද්‍රව්‍ය තහනම “සිලෝන් ටී” අභිමානවත් නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් තුරන් කරනු ඇත – රජිත් කීර්ති තෙන්නකෝන්

පොහොර – කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි.  ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි.  රසායනික පොහාර – කෘමි, දිලීර, වල් නාශක තහනම් කිරීම ශ්‍රී ලංකාව සතු සුවිශේෂතම හා මිල කළ නොහැකි ‘ශ්‍රී ලංකා  තේ සන්නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අහෝසි කිරීමට හේතු වනු ඇත. ගහෙන් ගෙඩි ඒන්නා සේ එකවරම සියළුම රසායනික පොහොර…

වැරදි ප්‍රතිපත්ති නිසා කබලෙන් ළිපට වැටීම – ධනනාත් ප්‍රනාන්දු

මා ඉගෙනගත් පාසලේ විදුහල්පතිව සිටි අභාවප්‍රාප්ත බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා කතන්දර සහ උදාහරණ මගින් සිසුන්ට උපදෙස් දීමට පුරුදුව සිටියේ ය. සිසුන්ට උපදෙස් දීමට ඔහු නිතර යොදාගත් ප්‍රශ්නයක් වුයේ “ හොඳ කේතලයක් සහ නරක කේතලයක් අතර වෙනස ඔබ දන්නවාද ?” යන්න යි. ඒ දෙක ම පෙනුමෙන් එක හා සමාන ය. දෙකේ ම ශබ්දය එක ම ය. දෙකෙන්…

|

කාබනික කෘෂිකර්මාන්තය – හදිස්සි ම නම්, හිමින් යමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

‘පොහොර දියව්’ – මේ පසුගිය දිනවල පුද්ගලික රුපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති විකාශනයේදී අසන්නට දකින්නට ලැබුණු දෙයකි. මෙය නව සටන් පාඨයක් නොවුවද, මෙවර එය එලි දකින්නේ ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ පලිබෝධනාශක ආනයනය තහනම් කර ඇති අවධියක දිය. ඒ තහනම දින කිහිපයකට පෙර ගැසට්ටුවක් මගින් පැනවුවා පමණි. ක්ෂේත්‍රයේ පොහොර මාෆියාවක් බිහි වී ඇතැයි දැනගන්නට ඇත. මෑතකදී…

ඇතුවත් බැරි නැතුවත් බැරි පෝර සහනය – සාරා කන්දෙගොඩ

රසායනික පොහොර භාවිතාවේ හොඳ නරක ගැන සෑහෙන කාලයක සිට වාද විවාද තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර  ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවට ප්‍රකාශ කර ඇත. එක පැත්තකින් වස විස නැති ගොවිතැනකට දොරටු විවෘත කිරීමකි. අනෙක් පැත්තෙන් පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා ආනයනය කරන රසායනික ද්‍රව්‍ය ගෙන්වන වියදම අඩු කරන පියවරකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය…