|

පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය වාරික නොව ණය පොලියවත් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් දැන් රජයට නොලැබෙයි. එසේ වන තැනට රජය විසින් ද කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවෙයි. චෝදනා කරන අය එසේ කියන්නේ ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම කළ බදු සංශෝධනය හේතුවෙනි. එහෙයින් රටේ බදු ප්‍රතිපත්තිය ගැන මේ විග්‍රහය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ…

|

“එක රටක් – බලපත්‍ර ගොඩක්” ආර්ථික විද්‍යාත්මකව – ධනනාත් ප්‍රනාන්දු

හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ රසායනික පොහොර තහනම ඉවත් කරාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. රජය ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදු කර නැති බවත් ලබා ගත් තීරණය ඉදිරියටම පවත්වාගෙන යන බවයි. ඒ අතරම කාබනික පොහොර සහ සමහර රසායනික සංඝටක ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බවත් කියවෙනවා. මීට පෙරත් සීනි ආනයනය, පාම් ඔයිල් ඇතුළු…

|

මුදල් ඇමැතිට අභියෝගය ජයගත හැකිද? – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පසුගියදා රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන රජයේ ස්ථාවරය දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මූල්‍ය සහනයක් රජය බලාපොරොත්තු නොවන බව කියා සිටියේය. සියලු විදේශ ණය නිසි වේලාවට ගෙවා දමමින් මෙතෙක් තබා ඇති වාර්තාවේ නිකැලැල් බව ආරක්ෂා කර ගනිමින් 2021 ජූලි 27 දිනට කල් පිරුණ මුළු අන්තර්ජාතික…

ඉහළ මට්ටමක මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

 මුල්‍යමය ආකර්ෂණයට නැතහොත් අඩු මිලට ලබා දෙන වැදගත්කම අඩු කරමින් ඒ ටී කර්නි සමාගම ගෝලීය සේවා ස්ථාන දර්ශකය එන වසරේ නැවත ක්‍රමාංකනය කරන විට ශ්‍රී ලංකාව පළමුවැනි 25 අතරින් පහතට වැටීමට නිසැක බව දෙසතියකට පෙර මම ලියුවෙමි. ශ්‍රී ලංකාව පළමු 25 තුළ සිටින්නේ ප්‍රධාන වශයෙන් ම අප සපයන සේවාවල මිල අඩුකම නිසා ය. අපගේ දුර්වලතාව…

|

ව්‍යවසායකත්වය නොසලකා හැරීමේ ආනිසංස – ආචාර්ය නයන දෙහිගම

දේශීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තිබෙන බවට ඔවුන් අතරින්ම විවිධ මතවාද පැන නැගී තිබේ. මේ ඒ පිළිබඳව දේශීය ව්‍යවසායකයකු සමග කළ සාකච්ඡාවක සටහනකි. ඒ ව්‍යවසායකයා ආචාර්ය නයන දෙහිගමය. එපික් ටෙක්නෝලොජි සමාගම් සමූහයේ නිර්මාතෘවරයා ද ඔහුය. ජපානය, සිංගප්පූරුව හා මැලේසියාව යන රටවල ද තම සමාගම්වල ශාඛා පිහිටුවාගෙන යමින් විදෙස්…

|

ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක් – ධනනාත් ප්‍රනාන්දු

යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමත් සමගම ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබෙන GSP Plus පිළිබඳව විවිධ අදහස් පළවීමට පටන්ගෙන තිබෙනවා. එක් මතයක් වන්නේ GSP Plusවලින් ශ්‍රී ලංකාවේ ඇගලුම් සහ මත්ස්‍ය අපනයනවලට විශාල බලපෑමක් එල්ල වන නිසා එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විනිමය අර්බුදය තවත් ඉහළ යා හැකි බව සහ අපනයන තවත් අඩු විය හැකි බවයි….

|

වත්මන් ප්‍රශ්න වලට – අතීත විසඳුම් – නිශාන්ත කමලදාස

ප්‍රශ්න වලට මුහුණ දෙන බොහෝ දෙනෙකුට හිතෙන්නේ වර්තමානය ඊට හේතුව බව ය. ඒ නිසා කළ යුත්තේ ඒ ප්‍රශ්න නොතිබූ අතීතයට යෑම ය. ගෝලීයකරණය නිසා බොහෝ රටවල දියුණුවක් ඇති වූ බව ද හැම රටක ම පාහේ බහුතර ජනතාවකට ඉන් වාසි සැලසුන බව ද ඇත්ත ය. එහෙත් එහි ප්‍රතිඵල හැමට ම වාසි දායක වූයේ නැත. ගෝලීයකරණයට අන්තර්ග්‍රහණය වූ…

|

තැචර්ගේ ආර්ථික පාඩම – සංජීව ජයවීර

කාලයක පටන් කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නොවූ ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ අප රට මුහුණ පාමින් ඉන්නා දරුණු ආර්ථික අභියෝග පිළිබඳව රතු කොඩිය ඔසවා අනතුරු හඟවති. අවාසනාවකට මෙන් දේශපාලනඥයෝ නිරන්තරයෙන්ම මෙම අභියෝග නොසලකා හැරියෝය. සාමාන්‍ය සංවේදනයක් ඒ පිළිබඳව තිබේ නම් යන මඟ නිවැරදි අතට හරවා ආර්ථිකය නම් නෞකාව සුමට ලෙස යාත්‍රා කරවිය හැකිවේ යැයි පෞද්ගලික අංශයේ…

|

තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයට එන පොට හොඳ නැති පාටයි – මහාචාර්ය රොහාන් සමරජීව

“ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය: ප්‍රශ්නය මානව සම්පතයි “ යනුවෙන් මා විසින් ලියන ලද තීරු ලිපියක් මගින් මෙම ක්ෂේත්‍රය, එහි තීරණාත්මක ආදානය වූ මානව සම්පත සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව පෙන්වා දෙන ලද්දේ වසර එකොළහකට පෙර දී ය. අපගේ තෘතීය අධ්‍යාපන ආයතනවලින් අප ඉල්ලා සිටිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ සාකච්ඡාවකට…

|

තේ වගාවේ අනාගතය කොයිබටද – දැවෝරා තේ කම්හල් සමූහයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර

රසායනික පොහොර හිටි හැටියේ නැතහොත් හදිසියේ තහනම් කිරීම පුද්ගලයකුගේ නහය හා කට වසා හුස්ම ගන්නැයි අණ කිරීමක් බදු ක්‍රියාවකි. මම එසේ කියන්නේ ඇයි දැයි මතුවට විස්තර කරමි. පළමුව බැලිය යුත්තේ ආණ්ඩුව මේ තීරණය ගැනීමට බලපෑ එහෙත් ආණ්ඩුව එළිපිට නොකියන ඇත්ත හේතුව ගැනය. විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන අප රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන මාර්ග…

|

ආර්ථික වින්නැහියේ උරුමකරුවෝ – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

ඕනෑම රටක ආර්ථික ස්ථාවරත්වය ඉතාම වැදගත් සාධකයකි. ආර්ථික මෙහෙයවන නායකයන් ප්‍රමුඛත්වය දියයුතු වැදගත්ම කාරණය වන්නේ ආර්ථික ස්ථාවරත්වයයි. ආර්ථික ස්ථාවරත්වය බාහිර සහ අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වය කෙරේ මුලින්ම අවධානය යොමු කරමු. අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම පාහේ ඇතිකර ගැනීමට උත්සාහ කරන්නේ රාජ්‍ය අයවැය සහ ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය තුළය. විශේෂයෙන් 2000 සිට 2011 දක්වා…

|

උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත…