|

පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු – සම්මානික මහාචාර්ය ඩැනී අතපත්තු

අපේ රටේ විදේශ මූල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන ආදායම අතර පැවැතියේ මහා පරතරයකි. ඒ නිසා එක් පැත්තකින් විදේශ ණය වැඩි විය. අනෙක් පැත්තෙන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලට ඇතිවන පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියේය. එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202 ක සීමාවේ…

|

දුරදිග නොබැලීමේ විපාකය – මහාචාර්ය වසන්ත අතුකෝරාළ

  භාණ්ඩ හා සේවාවල, සාමාන්‍ය මිල ගණන්වල සිදු වන ඉහළ යෑම උද්ධමනය ලෙස හැඳින්වෙයි. ආර්ථිකයක දියුණුව කෙරෙහි මෙන්ම විනාශය කෙරෙහි ද මේ විචල්‍ය දැඩි බලපෑමක් සිදු කරයි. එවැනි සන්දර්භයක මේ වන විට ලෝක ආර්ථිකයෙහි උද්ධමනය කවර තත්ත්වයක පවතින්නේ ද ලංකාවේ පසුගිය වර්ෂවල උද්ධමනය හැසිරී ඇති ස්වභාවය සහ වත්මන් උද්ධමනීය තත්ත්වය ඉදිරි මාස කිහිපයේ දී කවර…

|

හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම – තත්සරණී සිරිවර්ධන 

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක.  …

|

අර්බුදය නිර්මාණය කළේ කවුද? – නිශාන්ත කමලදාස

ලංකාවේ අපරාධ කරන කෙනෙක් නැත. ඒවා ඉබේ සිදු වන්නේ ය. පවතින අර්බුදය ද ඊට සමාන ය. අර්බුදයක් ඇතත් වගකියන්නට කෙනෙක් නැත. ජනාධිපතිතුමා ම වගකීමෙන් කර හරින විට එය පටවන්නට ඉතිරි වන්නේ කවුද? එය කර්තෘ කෙනෙකු නැති තවත් එක කරුමයකි යැයි කියා බැහැර කළ හැකි ද? ශ්‍රී ලංකාව එක් ලේඛකයෙකු හඳුන්වා දී තිබුණේ වැරදි දහසක් සහිත…

|

හිටපු මහ බැංකු නි.අධිපති ඩොලර් හොයන හැටි කියයි

  වත්මන් ආර්ථික අර්බුදය හා එයින් ගොඩ ඒමට ගත යුතු පියවර පිළිබඳ විමසමින් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.  පවතින ආර්ථික අර්බුදයේ ස්වභාවය හා එය ඇති වූ ආකාරය නිවැරදිව හඳුනා නොගෙන ඊට විසඳුම් යෙදිය නොහැකිය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය විමසීමේදී පෙනී යන්නේ මේ අර්බුදයේ දිග පළල ඔහු වටහා ගෙන…

|

අර්බුදයට විසඳුම එක්සත් වෑයමක් – මහාචාර්ය  ජනක් කුමාරසිංහ

ශ්‍රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයයි. එම අර්බුදයෙහි පැතිකඩ ගණනාවක් තිබේ. ශීඝ්‍ර ලෙස ඉහළ යන උද්ධමනය එකකි. වැඩි වන ජීවන වියදම දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත් පවා අසන්නට ලැබෙන කාලයක අපි ජීවත් වෙමු. භාණ්ඩ හිඟය තවත් එකකි. ඩොලර් හිඟය බුද්ධි ගලනය යනු වත්මන් ආර්ථික අර්බුදයේ අනෙක්…

|

තෙලෙන් විදුලියෙන් බිඳවැටෙන ඇඟලුම් – නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු

ලංකාවේ වසරක අපනයන ආද‌ායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කි. ඉන් 11 ක් ලැබෙන්නේ කාර්මික අපනයන වලිනි. කාර්මික අපනයනවලින් ලැබෙන ආද‌ායමෙන් සියයට 48 සිට 49 අතර ප්‍රමාණයක් ලැබෙන්නේ ඇඟලුම් අපනයනවලිනි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. කොරෝනා උවදුර පැවැතිය දී 2021 දී ද අපි එතරම් ආද‌ායමක් රටට උපයා දුන්නෙමු. රටට ලැබෙන විදේශ ආද‌ායමෙන් නැතහොත් ඩොලර්…

|

ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද? – ආණ්ඩුවෙන් වෙන්වන  පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ විවේචනයක් – හර්ෂ ගුණසේන

  ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන…

බෙල්ලටම හිරවූ ඉදිකිරීම් කර්මාන්තය – ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල්

ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍යවල හිඟයත් සමග ඒවායේ මිල ද අදහාගත නොහැකි අයුරින් ඉහළ ගොසිනි. පවතින මේ තත්ත්වය පුද්ගලයන්ට, පෞද්ගලික අංශයට සේම රජයේ සංවර්ධන කටයුතුවලට ද බලපා ඇතත් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවක් නොපෙනෙයි. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම්…

|

අයි.එම්.එෆ් නොගොස් බැරිද..? – කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ

  රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන් වී ඇති ප්‍රමුඛ මාතෘකා බවට පත් වී ඇත්තේ ආර්ථිකයේ මතුවී ඇති අර්බුදවලට පිළියම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු ද? නැද්ද? යන්නයි. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට අදහස් දක්වමින් සඳහන් කරන්නේ ලංකාවේ වර්තමානයේ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු…

|

ජාතික සම්පත් හා ජාතික අපරාධ – දනනාත් ප්‍රනාන්දු

  ශ්‍රී ලංකාවේ කාලෙන් කාලේට මතු වන විශාල ප‍්‍රශ්නයක් තමයි මොනව ද මේ ජාතික සම්පත්? ජාතික සම්පත් රැකගන්න අවශ්යනද? ජාතික සම්පත් විකිනුවොත් මොකද වෙන්නේ? යන කතා බහ. මේ මාතෘකාව දේශපාලනය තුළ ද කතා බහට ලක් වෙනවා. ඕනම දෙයක් සම්පතක්ද නැද්ද කියල තීරනය කරන්න පුළුවන් ප‍්‍රධානම කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජාතික සම්පත් වලින් ධනයක්…

එක රැයේ තීරණයේ ආදීනව – ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ

එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 72 ක පමණ ආදායමකි. එය අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 දක්වා වැඩි කිරීම දැන් අපේ ඉලක්කයයි. ඒ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන්නේ පලතුරු වර්ග තුනකිනි. ඒ කෙසෙල්, අඹ හා අන්නාසි යන වර්ග තුනයි. ඒ වර්ග තුනෙන් පමණක් දැනට ලබන අපනයන ආදායම වසරකට ඇමෙරිකන්…