|

රජයේ ලොකුම ව්‍යාපාර 5 දවසකට ලබන පාඩුව රු.මිලි. 384. – තත්සරණී සිරිවර්ධන 

ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ඛනිජ තෙල් සහ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබුණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න. ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායික…

|

ඇයි මෙච්චර බඩු මිල වැඩි ? – තත්සරණි සිරිවර්ධන

ඇඩ්වොකාටා බත් කරි indicator එක 2021 දෙසැම්බර් මාසයේ මෙතෙක් සටහන් කරපු  වැඩිම අගය වාර්තා කළේ, සාමාජිකයින් හතරදෙනෙකුගේ නිවසක් සදහා, ආහාර ද්‍රව්‍ය වර්ග 10ක් සදහා යන වියදම සම්බන්ධවයි. නොවැම්බර් මාසයේදී බත් කරී indicator වාර්තා කල අගය රු.1387.65ක් වනවා වගේම, දෙසැම්බර් මාසයේදී මෙම අගය රු.1593.11 වුනා. මේක එක මාසෙකදී 15% ක වැඩි වීමක්. මාසෙකින් මෙච්චර මිල වෙනස්…

|

පෝර අර්බුද සත්‍යයේ විකෘතිය – කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර

පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව මගින් සලසා ඇති භාෂණයේ නිදහස මා වෙතද ඒ ආකාරයෙන්ම අදාළ වෙතැයි විශ්වාස කරන බැවිනි. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් නුදුරු අනාගතයේදී අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවට විවිධ අංශවලින් අදහස් ප්‍රකාශ වෙයි. කෘෂිකර්ම…

|

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය – කීර්ති ගොඩිගමුව

  භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ…

|

විදුලියේ අඳුරු පැත්ත – ආචාර්ය තිලක් සියඹලාපිටිය

බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය හැක්කේ ඉල්ලුමේ ප්‍රමාණයට සරිලන පරිදි සැපයුම සහතික කළ නොහැකි තත්ත්වයකට ය. සැපයුම ප්‍රමාණාත්මකව කළ හැකි වුවද විදුලිය සපයන ආයතනවල මුල්‍ය ගැටලු තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක්ද මම විදුලි අර්බුදයක් ලෙස හඳුන්වමි. අපේ විදුලි සැපයුමෙහි මේ අර්බුද දෙකම 1992 වසරේ…

|

ආර්ථික ගිනිකන්ද පිපිරේද? – තෙන්නකෝන් රුසිරුපාල

ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න අද බොහෝ දෙනා උණුසුම් අයුරින් සාකච්ඡාවට ගන්නා මාතෘකාව බවට පත්ව තිබේ. අප මෙම විෂය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට පෙර 2021 ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව පළ කළ යාවත්කාලීන දළ විමර්ශන වාර්තාව දෙස බැලීම විචක්ෂණශීලී ක්‍රියාවක් වනු ඇත. එයින් උපුටාගත් කොටසක් පහත දැක්වේ.  ‘2021 දී සියයට…

|

හොඳටම සහනාධාර දෙන්නේ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපි අදහන හැම ආගමකම දානය ගැන කියල තියනවා. බුදු දහමේ දානය හෙවත් දන් දීම නිතරම අගය කරනවා. කතෝලික ආගමේ කියන්නේ එක අතකින් දෙන දෙයක් අනෙක් අතට නොදැනෙන්න දෙන්න කියල. මුස්ලිම් ආගමෙත් නැති බැරි අයට දීම ගැන සදහන් වෙනවා. මේ අතර වාරයේදි තමයි මුදල් අමාත්‍යතුමා මේ දින වල ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට අරගෙන රජයේ සේවකයන්ට…

රාජ්‍ය ව්‍යාපාර: ආර්ථිකයේ ලොකුම අර්බුදය – මිගාර රොඩ්රිගු

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය අති විශාල සංඛ්‍යාවක් ඇත. 527 ක් වූ එකී රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය අතරින් 55 ක් උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ඒවා බවට වර්ගීකරණය කර තිබේ. ඒවායේ පමණක් මුළු රාජ්‍ය සේවක ශ්‍රම බලකායෙන් සියයට 10 ක් දෙනා සේවය කරති. එය රටේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 1.9 පමණ වෙතැයි තවත් අයුරකින් කිව…

ඇත්තටම අපිට අපේ විදේශ ණය ගෙවා ගන්න පුළුවන් ද ? – තත්සරණි සිරිවර්ධන 

2021 ජනවාරී 18 ලංකාවට ගෙවන්න තියෙන ණය වාරිකයත් සමග ණය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ණය අර්බුදය, දශක ගනනාවක් තිස්සේ සැලැස්මක් නොමැතිව ණය ලබා ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක් ණය ලබා ගන්නේ ප්‍රධාන ලෙස කාරණා 3 කට. අයවැය හිඟය පියවන්න විශාල වශෙයන් සිදුකරන යටිතල ප්‍රවර්ධන වැඩසටහන් සදහා නොසිතු…

|

සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳෝනාව නොවේ – ධනනාත් ප්‍රනාන්දු

Port City Party එකේ tickets sold out. One Galle Face එකේ මිනිස්සු පොරකති. Super market වල මිනිස්සු පොරමින් බඩු ගනිති. ඉදින් මොන ආර්ථික අවපාතද? මිනිසුන් සන්තෝසයෙන්. මේ දිනවල බොහෝ දෙනා කියන කතාවකි මෙය. මගේ ගම දෙණියාය වුවද බොහෝ කාලෙක සිට පදිංචිය මොරටුවේය. මටත් මේ දිනවල නිතරම කෑම වේල්, නත්තල් සාද සහ අලුත් අවුරුදු සාදවලට ඇරයුම්ය….

|

කළ යුත්ත නොකළ යුත්ත නොතේරීම – මහාචාර්ය සිරිමල් අබේරත්න

වර්ෂ 2021 දී මෙරටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කිරීමේදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය හා සංවර්ධන අරමුණු කරා ළඟා වීම යන මූලික ප්‍රස්තුත දෙක මත අපට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකගත හැකි තත්ත්වය වූයේ පැවති මුදල් හිඟය හේතුවෙන් ආර්ථික කටයුතු…

|

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – මහාචාර්ය රොහාන් සමරජීව

  “විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර ඔවුන්ගේ සිත් ඒකාග්‍රවීම සඳහා පරිනත වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට ඔවුහු මුහුණ දෙමින්…