|

ඩොලර් ගැටලුවට‌ කෙටි පිළිතුරු නැත – ධනනාත් ප්‍රනාන්දු

ඩොල‌‍ර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි.  එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්‍රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්‍රශ්නයේ මතුපිට පමණි. එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට…

|

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රැක ගැනීමට එය පෞද්ගලිකකරණය නොකර බැරිය – මහාචාර්ය රොහාන් සමරජීව

  ඉන්දියානු සංචාරකයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන නිසා සහ අපගේ ජනයා වන්දනාවේ යන නිසා පමණක් නොව, ඉන්දියානු මගීන් බොහෝ දෙනෙකු මැද පෙරදිගට සහ දකුණු ආසියාවට ගමන් කිරීමේ දී මාරු වීමේ ස්ථානයක් ලෙස කොළඹ භාවිතා කරන නිසා ද, ඉන්දියාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැදගත් ම වෙළෙඳපොළ වේ. එය ජාත්‍යන්තර ගුවන් මගී කේන්ද්‍රයක් නොවුව ද, මා…

|

බඩු මිල: වැරැදි තැනට ඇණ ගැසීම – ‘වෙරිටේ රිසර්ච්’ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණි අබේසිංහ

ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස්, සීනි, කිරිපිටි, ඖෂධ වර්ග සේම වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ද පිටරටවලින්  ආනයනිය කිරීමට ලංකාවට සිදුවෙයි. ඒවා ආනයනය කරන්නට වෙන්නේ ඒ ඒ රටවල පවතින මිල ගණන් වලට මිස අපට අවශ්‍ය හෝ අප කැමැති මිල ගණන්වලට නොවේ. ලෝක වෙළෙඳපොළෙහි පවතින මිල අපේ රටට බලපාන්නේ කෙසේ දැයි මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. අප මේ…

|

රජයට කැමති ලෙස ජීවත් වෙමු ද ? ජනතා කැමත්තට ඉඩ දෙමු ද? – ධනනාත් ප්‍රනාන්දු

ජීවන් තොණ්ඩමන් මහතාගෙන් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මධ්‍යව්දියෙක් ප්‍රශ්නයක් ඇසීය. එය නම්  “ඔබතුමා මොකක්ද වතුකරයේ සංවර්ධනය කියල හිතන්නේ, වතුකරයේ වැඩ කරන මිනිස්නුන්ට ගෙවල් හදල දෙන එක නෙවෙයිද සංවර්ධනය කියන්නේ?” යනුවෙනි. එවිට ඔහු ලබාදුන්නෙ ගැඹුරු පිළිතුරක්. “මම ගෙවල් 5ක් හැදුවා කියල ඇවිල්ල කියනවා, තව කෙනෙක් ගෙවල් 10ක් හැදුවා කියල කියනවා. අපි වතුකරයේ ගෙවල් හැදුවා කියන එකවත්, වතුකරයේ මිනිස්සුන්ට අපි ගෙවල් හදල දෙන එකවත් නෙවෙයි සංවර්ධනය…

|

සාම්ප්‍රදායික සහලේ මිථ්‍යාව – වී පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ  ආචාර්ය එම්.පී. ධනපාල

පසුගිය දිනෙක මගේ පරිගණකයේ තිරය මත දිගහැරුණු වීඩියෝවක් හරහා නෙත ගැටුණේ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය තුළ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී කෙරුණු අපූරු දේශනයකි. එහි දේශකයා වූයේ සාම්ප්‍රදායික වී වර්ග භාවිතයෙන් ගොවිතැනේ යෙදෙන්නෙක් වූ අතර තේමාව හැටියට සඳහන්ව තිබුණේ මිථ්‍යාවෙන් එහා යථාර්ථය නම් සිත් පැහැරගන්නා යෙදුමක්ය. මිථ්‍යාවන් රැසක් තුළ වර්තමානයේදී අතරමං වී සිටින අප යථාර්ථය සොයායාමේ පිපාසාවෙන් නිරන්තරයෙන් පෙළෙන…

|

බඩුමිල පාලනයේ ආනිසංස – මහාචාර්ය වසන්ත අතුකෝරල

මෑත කාලයේදී ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යමින් තිබේ. උද්ධමනකාරී තත්ත්වයක් වශයෙන් බොහෝ දෙනා මෙය හඳුන්වති. මේ තත්ත්වයට හේතු සාධක මොනවාද? ඒ වගේම මෙය කළමනාකරණයට කුමක් කළ යුතුද? අවධානයට ගත යුතු කාරණා කීපයකි. රටක භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යාම උද්ධමනය නම් වේ. මෙසේ මිල මට්ටම් ඉහළ යාමෙන් මිලදී ගැනීමේ හැකියාව…

|

ඩොලර් අර්බුද​යේ යථාර්ථය – මහාචාර්ය සිරිමල් අබේරත්න

මේ වනවිට අප ලංකාවේ දකින්නේ භාණ්ඩ හිඟයකි. ඒ හා අත්වැල් බැඳගත් කළු කඩ ක්‍රමයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැඩි සේ පීඩාවට පත් පාරිභෝගික සමාජයකි. 1970 දශකයෙන් පසුව වසර හතළිහක් වැනි දීර්ඝ කාලයකින් පසුව මෙවැනි තත්ත්වයක් දකින පළමු අවස්ථාව මෙය යැයි මම සිතමි. ඩොලර් හිඟය, ආණ්ඩු ගණනාවක් විසින් හදාවඩා ගනු ලැබූ ප්‍රශ්න, භාණ්ඩ මිල සම්බන්ධයෙන් හටගෙන ඇති…

|

වල් වැදුණු තෙල් ටැංකි බිමේ ජාතිය වෙනුවෙන් මල් පිපෙන දිනයක් – ධනනාත් ප්‍රනාන්දු

මම අන්තර් ජාලයේ  ලිපියක දුටුවා ඉරාකයේ රාත්‍රී පොත් සල්පිලක් ගැන. ඒ ලිපියට අනුව ඉරාකයේ එක් ගමක රාත්‍රී කාලයේ පොත් පත් කියවීමට කැමති අය වෙනුවෙන් පොත් නොමිලේ තබා තිබෙනවා. එය අධීක්ෂණය කිරීමට කිසිවෙකු තබා නෑ. දිනක් මේ අපූරු පොත් සලිපිල දකපු වෙනත් රටක විදේශිකයෙක් ඒ ගමේ මනුස්සයෙක්ගෙන් ඇහුවලු “මෙහෙම පොත් තියල ගියාම මිනිස්සු පොත් හොරකම් කරන්නේ…

|

‘එයාර් ඉන්දියා’ විකුණා දමයි; අපේ සම්පත් කබාසීනියා කරන  ‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු – මහාචාර්ය රොහාන් සමරජීව

  දිනකට  සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර මිලියන 3 ක් (වසරකට ඇමෙරිකානු ඩොලර බිලියනයකට වැඩි මුදලක්) පාඩු ලැබූ ‘එයාර් ඉන්දීයා’ සමාගම විකුණා දැමුවේ ටාටා පුත්‍රයෝ නම් මහා සමූහ ව්‍යාපාරයට සොච්චමක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් සහ රාජ්‍ය ගුවන් සේවය ලෙස වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඩොලර් බිලියන 8 ක් වන දැවැන්ත ණය ප්‍රමාණයෙන් සුළු කොටසක්…

|

වෙළෙඳපොළ අර්බුදයේ ඇතුළාන්තය – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල්

ලංකාවේ ආර්ථිකය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටීම දැන් කාලයක් තිස්සේ සිදුවන දෙයකි. මීට වසර තුනකට පෙර 2018 ඔක්තෝබරයේ සිදු වූ අගමැති පුටු මාරුවක් නිසා රට තුළ හටගත් අවිනිශ්චිත තත්ත්වය හමුවේ මෙම ඉරණමට ලංකාව මුහුණ පෑවේය. ඉන් පසුව නැවතත් 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ද ලංකාවට ඒ අමිහිරි තත්ත්වයට මුහුණ පෑමට සිදු විය….

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින් පමණි ; පැලැස්තර විසඳුම් නැත – මුදල් අමාත්‍යාංශයේ හිටපු උපදේශක ඩැනියෙල් ඇල්ෆොන්සස් විසිනි 

  ඉතිහාසය පුරාවට රටවල් විවිධාකාර අර්බුද වලට මුහුණපා තිබේ. එහෙත් ඉදිරි දශක ගණනාවක් පුරාවට ප්‍රතිවිපාක වලට මුහුණදීමට මඟපාදන තරම් දරුණු මට්ටමේ ව්‍යසන ඇත්තේ ස්වල්පයකි. 20 වැනි සියවසේ ශ්‍රී ලාංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී එවැනි අර්බුද දෙකක් කැපී පෙනෙයි – එනම් 1929 දී ඇතිවූ ගෝලීය මහා ආර්ථික අවපාතය නිසා  ලංකාවට මුහුණපෑමට සිදුවූ අර්බුදය හා 1970-77 කාලයේදී අත්විඳි…

|

විශ්වාසය ගොඩනැගීමේ අභියෝගය – මිලින්ද මොරගොඩ

ආර්ථික ව්‍යුහය පිළිබඳව අලුත් කතිකාවතක් ආරම්භ වී ඇත. රට තුළ ප්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණනාවකි. එදිනෙදා ආදායම් මාර්ග අවහිර වී ඇත. ආහාර ද්‍රව්‍යවල පවා මිල ඉහළ ගොස් තිබේ. ජීවත්වීම අපහසු බවට මැසිවිලි නැගේ. ජනතාවට පමණක් නොවේ. රජයේ ආදායම සහ වියදම ද සංකීර්ණ තැනෙකය. රාජ්‍ය ආදායම පහත වැටී ඇත. වියදම පාලනය කරගත…