පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු – සම්මානික මහාචාර්ය ඩැනී අතපත්තු
අපේ රටේ විදේශ මූල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන ආදායම අතර පැවැතියේ මහා පරතරයකි. ඒ නිසා එක් පැත්තකින් විදේශ ණය වැඩි විය. අනෙක් පැත්තෙන් ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව රුපියලට ඇතිවන පීඩනය ක්‍රමයෙන් ඉහළ ගියේය. එහෙත් මහ බැංකුව දැඩි තීරණයක සිටිමින් කියා සිටියේ ඩොලරයක වටිනාකම රුපියල් 202 ක සීමාවේ…
