මේ මොහොත පළාත් පාලන ඡන්දයට සුදුසු වේලාව නොවේ – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

පළාත් පාලන මැතිවරණයක් මේ මොහො‍ෙත් පැවැත්වීම සුදුසු ද? රටේ ආර්ථික අර්බුදය මැතිවරණ පැවැත්වීම නිසා තවදුරටත් උග්‍ර විය හැකිද? මැතිවරණ ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද? යන්න ගැන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ කළ සංවාදයකි මේ. – සීමිත කාලයකට මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා ගැනීමක් නොවේ – මැතිවරණය තියන්න IMF ලැබෙනකම්වත් ඉන්න රට පසුගිය කාලය තුළ පැවතුණේ…

කලබලේ, මේ මොහොතේ මැතිවරණයක් තියන්න ඕනෑ නෑ – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

      ඡන්දයක් තියන්න රටේ කඩදාසි තියෙනවද? රටේ මිනිස්සු දුක් විඳිද්දී සමහරුන් ඡන්දය තියන්න කියා බල කරනවා මැතිවරණයක් ඉල්ලන්නේ රට අරාජික කරන අය රට හැදුණහම එකතු වෙලා මැතිවරණයක් තියන්න පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පවසමින් විවිධ පාර්ශ්වයන් ක්‍රියාමාර්ගවල නිරත වීමට පටන්ගෙන සිටිති. එමෙන්ම එය මේ මොහොතේ අත්‍යවශ්‍ය අංගයක් බවට ඔවුහු මතයක් ගොඩනඟමින් සිටිති….

කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත් – අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපියේ අමුණා තිබෙන නිව්ස් හෙවත් ගොසිප් තුන එක ළඟ මෙහෙම මෙහෙම තියෙනවා දැක්කා. විදුලි ඉංජිනේරු මාෆියාව පැය දහයක විදුලි කප්පාදුවක් සෙට් කරන්නෙ සජිත්ගෙ වැඩසටහන ඉදිරියට ගන්නට වෙන්න පුළුවන්. අරගලකරුවන්ට තියෙනවා අවස්ථාව සජිත්ට සහයෝගයක් දෙන්න. ඇමරිකාව කොතන ඉන්නවද තවම පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, යූඑස්ඒඩ් ඔයගොල්ලන්ව තනිකරන එකක් නැහැ. නැතත්, රට පුරා චෛත්‍ය හැදීමේ බලාපොරොත්තුවෙන් රට…

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? – අජිත් පැරකුම් ජයසිංහ

මේ බිත්ති චිත්‍රය මතකද? ඒක තිබුණෙ කොතැනද කියල මට මතක නැහැ. මේ චිත්‍රය ඇන්දෙ ගෝඨාභය බලයට ආපු වෙලාවෙ චිත්‍ර අඳින රැල්ල මැද. අනෙක් චිත්‍ර මැකුවෙ නැහැ. මේක මැකුවා. අවුරුදු තුනකට පස්සෙ කල්පනා කරල බලන්න (අන්‍රයියා කියනවා වගේ) මොකක්ද වුණේ කියලා. ඇමරිකාව සිංහල-බෞද්ධ-ගොවිගම බලය බින්දා. ඒකට රාජපක්ෂ පවුලේ කෙනෙකුම පාවිච්චි කළා. හැබැයි, තවම වැඩේ ඉවර නැහැ,…

විපක්ෂයත් පාර අසන්නේ රනිල්ගෙනි

රටක දේශපාලනයත් හරියට දේශගුණය වගේ හැසිරෙන දෙයක් කිව්වට වැරදි නොවේ.දේශගුණය සමාන්‍යයෙන් කාලාන්තරයක් යන තුරු නොවෙනස්ව පවතී. වෙනස්වීම් වුණත් එය දැනෙන තරමට පෙන්වන්නේ නැත. එලෙසම රටක දේශපාලනයත් දශක ගනනාවක් ඒකාකාරීව පවතින බවත් පෙනෙන්නට තිබේ. අද ලෝකය දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන විට එය මෙරටටත් බල පා ඇති සේ ලෝක දේශපාලනය අනුව රටක දේශපාලනය වෙනස්වීම සහ ඊට…

|

නන්දලාල්ගෙන් කබ්රාල්ට පිළිතුරු …!

  පසුගිය දා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කළ දේම වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද අනුගමනය කරන බවයි. එයට වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිතුරු දුන්නේ පහත පිරිදිය: “එතුමා පත්තරේකටත් කියල තිබුණා නන්දලාල් කරන්නෙත් මම කරපු දේමයි කියලා. ඒකත් ඇත්තටම අර එතුමාගේ තේරුම්…

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ – පිලිප් දිසානායක

  මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය ලොවට හදුන්වා දී 2022 දෙසැම්බර් 10දාට වසර 74 ක් සපිරෙනවා. මෙම විශ්ව ප්‍රකාශනයට ලංකාව අත්සන තබන ලද්දේ 1965 වර්ෂයේදීයි. ඉන් පසුව එම විශ්ව ප්‍රකාශනයේ සඳහන් සමහර කොටස් මූලික අයිතිවාසිකම් ලෙස  අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් වී තිඛෙනවා. නමුත් අපට දශක ගණනාවක් ගියත් මෙම විශ්ව ප්‍රකාශනයේ සදහන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධ මූලධාර්මික කාරණා…

මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ – අජිත් පැරකුම් ජයසිංහ

යථාර්ථය ගැන සරල ඒකාකෘතික මත නිර්මාණය කරල තිබ්බාම ඇත්ත යටපත් කරන්න ලේසියි. උදාහරණයක් විදියට ලංකාවෙ ඕනැ දේකට තඩිබාන මුවහම තමයි දේශපාලකයා. දේශපාලකයන් තරමටම හෝ ඊටත් වඩා රාජ්‍ය නිලධාරීන් දූෂිත බව පෙන්වන්නට අපට අවුරුදු දහයක් විතර කැම්පේන් කරන්නට සිදුවුණා. මවල තිබුණු අර්ධ සත්‍යය මැදින් යථාර්ථය තේරුම් ගන්නකොට රාජ්‍යය කඩාවැටිල ඉවරයි. මගේ දේශපාලන භූමිකාව ඔය ජනප්‍රිය අදහස්…

|

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු – සී.ජේ. අමරතුංග

  ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම දැන් ජනප්‍රියත්වයෙන් හීනවෙමින් පවතින සටන්පාඨයකි. එයට හේතුව නම් ජාතික සම්පත් ලෙස ඇතැම් පිරිස් හඳුන්වන රාජ්‍ය ආයතන බොහොමයක් ඇත්ත වශයෙන් ම ජාතික විපත් බව තහවුරු වී තිබීම යි. එබඳු ආයතන විකුණා දැම්මත් දැන් එතරම් මහජන විරෝධයක් මතුවන්නේ නැත. ඇතැම් විට එම ආයතනවල සේවකයින්ට  පවා දැන් මෙම යථාර්ථය තේරුම් ගොස් ඇති…

ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක ප්‍රශ්න කෙරෙන භික්ෂුත්වය, ශිෂ්‍ය ක්‍රියාකාරකම් – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සීනි බද්ද සත 25 තෙක් අඩු කිරීමට රාජපක්ෂ පාලනය ගත් තීරණය, කැබිනට් ඇමතිවරයෙකුව සිටි තමන් දැන ගත්තේ මාධ්‍යයෙන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දෙසැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය, රනිල් වික්‍රමසිංහ මුල් කොට රටේ සිදුවෙමින් පවත්නා සිස්ටම් චේන්ජ් එක තහවුරු කරන්නකි. 2021 ජූනි මාසයේ 23 වෙනි දින “ ආයෝජන මණ්ඩල සමුළුවට මුදල් ඇමති වෙනුවට හමුදාපති ශවේන්ද්‍ර…

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු – අජිත් පැරකුම් ජයසිංහ

මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල.පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ. හැබැයි, තිබුණු ජීවිතේ ආපහු ලබාගන්න…

පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය – සී ජේ අමරතුංග

මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම…