|

ආර්ථිකය ස්ථාවර රටක හැමෝම එකතු වෙලා ඡන්දය තියමු – ආචාර් ය අතුලසිරි සමරකෝන්

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැඹුරුම ආගාධයට වැටී තිබෙන මේ මොහොතේ රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරවන්නේ නැතිව රටේ පිළිගත් සියලු දේශපාලන පක්ෂ සහ පුරවැසි කණ්ඩායම් වාද භේද සියල්ල පසෙක තබා ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟීමට පියවර ගත යුතු යැයි නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව…

|

විදුලි ගාස්තු හා උද්ධමනය – ඉකොනොමැට්ටා

කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි. විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු…

අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය ජනවාරි මාසයේදී වැටුපට එකතු වන අමතර ආදායම් හේතුවෙන් මන්ත්‍රීවරයෙකු රු. 80,000කට වඩා සහ ඇමතිවරයකු රු. 120,000කට වඩා බදු ගෙව්වා. මන්ත්‍රීවරයකුගේ වැටුප රු. 54,000ක් විතර ඇති. එහෙනම්, ඔවුන් මෙතරම් විශාල වැටුපක් ගෙව්වෙ කොහොමද? නිල නිවාස, වාහන, කාර්යාල, දුරකථන ආදී රජයේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත තමයි ස්ථාවර වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්ද අයකළේ. දැන් මේ…

|

රාජ්‍ය ආයතන පිලිබඳ හෙළි වූ යථාර් ථය – කීර් ති  ගොඩිගමුව

ඉතිහාසයේ යම් යම් වකවානුවල රාජ්‍ය විසින් භාරගනු ලැබූ හා අත්පත්කරගනු ලැබූ ආර්ථිකයේ යම් යම් ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා පිහිටවනු ලැබූ බොහෝ ආයතන මුල් කාල වකවානුවල දී එම අවශ්‍යතා ඉටු කළ බව පෙනෙන්නට තිබිණි. එසේ වුව ද, කල් ගතවීමේ දී විශේෂයෙන් ම දේශපාලන බලපෑම් වලට යටත්වීමේ සහ දේශපාලන අවශ්‍යතා ඉටු කරන ආයතන බවට පත්වීමේ තත්ත්වයක් තුළ රටට…

එන්න අපි පාරට බහිමු – නවන් පතිරත්න –  Chatham Street journal 

පසුගිය පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මොණරාගල පැවැති ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් අමතාරටපුරා ජනතාවට ආරාධනාවක් කළේය. ඒ”අපි සැලසුම් කරලා තමුන්නාන්සේලාට කියන්නම්, එදාට පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්න” කියාය. ජවිපෙ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ එදින පෙබරවාරි මැතිවරණ කොමිසම කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙනය. ඒ මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයට…

හෙල්මට් වලින් ගසා මැරීමට දෙන දඩුවම කුමක් ද? දඩුවම් කළ යුත්තේ කාට ද? – නිශාන්ත කමලදාස

  11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු විසින් පහර දෙනු ලැබ වැඩිහිටි පියෙකු මරණයට පත් වූ නිවසක් නිසා පසුගිය දින වල මුහුණු පොතේ විශාල සංවාදයක් ඇති විය. බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කොට තිබුනේ මේ සිසුන්ට මරණය ය. තවත් අය ආයුධ පෙන්නන සූත්‍රය භාවිතා කරන ලෙස ද තවත් සමහරු සවුදි අරාබියේ දඩුවම් ලබා දෙන ලෙස ද…

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා – අජිත් පැරකුම් ජයසිංහ

මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන් ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි…

රනිල් ගැන බොරුව – චින්තන ර්ධමදාස

ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත ‍හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ‍ශ්‍රේෂ්ටයි කියල සළකනවා.ඒත් මට ඇත්ත සහ බොරුව විදිහට ‍ලෝකෙ තේරුම් ගන්න එක තරම් බොළඳ දෙයක් තවත් නෑ. බොරුව කියන්නෙත් ඇත්ත වගේම ඇත්තක්. අනෙක් අතට ඇත්ත කියන්නෙත් බොරුව වගේම බොරුවක්. ඒත් අපිට ඕන බොරුව පරාජය කරලා ඇත්ත දකින්න. සත්‍ය ගවේෂණය කරන්න. එතකොට අපිට දැනෙනවා ජයග්‍රහණයක්….

අනුර කුමාර කෙලින් වීම දෙවන කොටස -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිය සතියේ අනුර කුමාර කෙලින්වීම පිළිබඳ ලිපියෙහි සමහරුන් දුටු  අඩුපාඩු බොහෝ ය.වසර තිස් ගණනක් පුරා රාජ්‍ය අරමුදලෙන් යැපෙන, මැති ඇමති ප්‍රභූ ආරක්ෂක සේවා අවශ්‍යතාව යනු ජනතා විමුක්ති පෙරමුණේ හපන්කමක් මිස, ප්‍රභාකරන්ගේ සාපයක් නොවේ යයි කී මිතුරෙක් මේ ප්‍රභූ ආරක්ෂාව හේතුවෙන් රාජ්‍ය දීමනා සහිතව පාතාල කල්ලි දේශපාලනයට කාන්දුවීමෙන් ඇති වූ බරපතල සමාජමය අනතුර පිළිබඳ වැඩි වගකීමක් ජවිපෙය භාර…

|

සේවාදායකවාදී රාජ්‍යය නැවත ජය ගනියි ද?- මහාචාර් ය රොහාන් සමරජීව

2023 සඳහා මා ලියු පළමු ලිපියේ මෙසේ සඳහන් කළෙමි. 2022 වසර අපට පෙන්වා දුන් යමක් ඇත්නම්, එය වන්නේ, පක්ෂයට ඉදිරියෙන් රට තබාගෙන එකට වැඩ කිරීමට අපගේ දේශපාලන පන්තිය අසමත් බවයි. ඉදිරියේ ඇති අතිවිශාල අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට බොහෝ දුර ය. වසංගතයෙන් සහ අගුළු දැමීම්වල බලපෑම් මගින් සංයුක්ත වූ උද්ධමනය සහ…

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

//ලොක්ක ගසාකන නිසා එය පහළ අය ප්‍රශ්න කරන විට පහළ උන්ටත් ගසාකන්න අවස්ථාව දෙනව// කියන එක තමයි හැමදාම වුණේ. උදාහරණයක් විදියට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කරගැනීමේ වරප්‍රසාදය ලබාගත්තා. ඒක රැකගන්නට, එම වරප්‍රසාදය ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් දුන්නා. රාජ්‍ය නිලධාරීන් මේ විදියට ගත්ත වරප්‍රසාද පිළිබඳ විස්තර මහජනතාවට දැනගන්නට පවා අමාරුයි. වැටුප් විස්තරයක්වත් ලේසියෙන් හෙළිදරව් වෙන්නෙ…

|

බලශක්ති ක්ෂේත්‍රයෙන් විදේශ ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුමේ තේරුමක් තිබේ ද ? – මහාචාර් ය රොහාන් සමරජීව

  තමන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමේ උතසාහයකින් තොරව ප්‍රතිපත්ති යෝජනා කිරීමට, දේශපාලඥයෝ සහ ඔවුන්ගේ උපදේශකයෝ පෙළඹී සිටිති. සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ දී ක්‍රියාත්මක කොට පසුව ඉවත් කරගත් ග්ලයිෆෝසෙට් තහනම එක් උදාහරණයකි. රතන හිමියන් එයට උපදෙස් දුන් නමුත් ග්ලයිෆොසෙට් සඳහා පිළිගත හැකි විකල්පයක් හඳුනාගැනීමට උත්සාහයක් දැරුවේ නැත. ප්‍රතිඵලය වුයේ ග්ලයිෆොසෙට් වලට වඩා හානිකර, අනුමත…