ටෙලිකොම් සමාගමේ අබලි තඹ කේබල්, හොර පාරෙන් ත්‍රස්ත ප්‍රහාරකයින්ට දීලා. ඒ ගැන හෙළිදරව් කල නෙත් නිවුස් වෙබ් අඩවිය වරණයක

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් සමඟ ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේනගේ සම්බන්ධතාවයක් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් මුල්වරට ඒ පිළිබඳ කරුණු අනාවරණය කළ අතර එම තොරතුරු ජනතාව හමුවේ අනාවරණය…

පාස්කු ඉරිදා මහා ඝාතනය සහ නායකත්වයේ මහා අසාර්ථකත්වය – ආචාර්ය අමීර් අලි –

ලංකා ඉතිහාසයේ කිසි දවසක මෙතරම් සූක්ෂම අන්දමින් සැලසුම් කොට, මෙතරම් සාර්ථකව දියත් කළ, මේ සා විශාල විනාශයක් ඇති කිරීමට සමත් වෙනත් සිදුවීමක් සොයා ගැනීමට නැත. මේ මහා විනාශය සැලසුම් කළ, හදවතක් නැති, විකෘති මනසක් ඇති අපරාධකරුවන්ට ආගමක් නැත. සදාචාර කල්ක‍්‍රියාවක් නැත. මිනිස් වර්ගයා සඳහා වන අබැටක ආදරයක් නැත. ඔවුහූ අධමයෝ ය. නීචයෝ ය. ඔවුන්ගේ ඒ…

බුද්ධි අංශ වැටුප් ලැයිස්තුවෙන් තව්හිත් ජමාල් සාමාජිකයන්ටත් ගෝඨාභය පඩි ගෙවලා

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.එසේම මෙම ප්‍රහාරය හමුවේ මේ වන විටත් රටේ ජනතාව විශාල භීතියකින් පසුවන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.කෙසේ වෙතත් ආරක්ෂක අංශ මේ වන විටත් රට පුරා දැවැන්ත පරීක්ෂණ මාලාවක් ආරම්භ කරමින් ත්‍රස්තවාදීන් අවසන් කර දැමීම සඳහා…

සයින්දමරුදු සිදුවීමෙන් හමුදාවේ 11 මිය ගිහින්ලු – පියල් නිශාන්ත බොරු වපුරවයි

අම්පාර සයින්දමරුදුහිදී සිදු වූ පිපිරීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 11 ක් මියගොස් ඇති බව පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනක් අතරතුර ප්‍රකාශ කර තිබේ. ‍කෙසේ වෙතත් ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ මෙම පිපිරීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවෙකුත් මියගොස් නොමැති බවයි. එසේ තිබියදී ජනතාවට වගකියන ජනතා නියෝජිතයන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළ මෙසේ හැසිරීම පිළිකුල් සහගතය….

ගිරාපෝතක මාධ්‍ය ප්‍රකාශ – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

දින ගණනාවකට එපිට නවසීලන්තයේ සිදුවූ ඝාතනයේදී එරට  අගමැතිනිය පැවසුවේ ඝාතකයාගේ නමින් ඔහු හඳුන්වා දීමට තමා කිසි විටෙකත් කටයුතු නොකරන බවයි. හේතුව ඝාතකයා  නමින් හඳුන්වා දීමෙන් අදාළ තැනැත්තාට නැති වීරත්වයක් ආරෝපණය වීමයි. ඉහත සිදුවීම මතකයට නැගුනේ  ස්ථාන කිහිපයක සිදුවූ ඝාතන සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව හැසිරෙන ආකාරය නිසයි. “කැමරාව හැමතැනම මාධ්‍ය භාවිතය වලපල්ලට” යන හිසින් එම් ඩී මහින්දපාල…

සංචාරක ව්‍යාපාරය 30%කින් බිඳවැටුණොත් එය ඩොලර්මිලියන 1500ක පාඩුවක් – මුදල් ඇමැති මංගල සමරවීර

ලොවම කම්පා කළ ඉකුත් 21 වැනි පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුකොටගෙන සංචාරක කර්මාන්තයේ සියයට 30ක බිඳ වැටීමක් සිදුවුවහොත් එය දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1500ක් තරම් වූ පාඩුවක් වන බවට ගණන් බලා ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය. වසර 2019 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ලෝකයේ ඇගැයීමට හා තෝරාගැනීමට ලක්වූ…

හෝටල්වලට පල්ලි වලට ප්‍රහාර එල්ලවන බවට වාර්තා 3ක් ලැබිලා තියෙද්දිත් ඒවා ගැන තැකීමක් නැතිව ජනාධිපති තිරුපති වඳින්න ගියා – ගාමිණි වියන්ගොඩ

පසුගිය යුද්ධ කාලෙදිවත් නොවෙච්ච මහා විනාශයක් පසුගිය ඉරිදා සිද්ධ වෙලා තියෙනව. මෙච්චර විනාශයක් එක දවසක් ඇතුළත සාමකාමී සමාජයක කොහොමද ඇති වුණේ කියන එක කාටවත් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් හැටියට අද ඉස්මතු වෙලා තියෙනව. දේශපාලන විශ්ලේශක ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශකළේ අද (26) පස්වරුවේ රාජගිරියේ දී පැවති පුවත් පත් සාකච්ඡාවක දී ය. තව දුරටත් කතා කළ වියන්ගොඩ…

ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය හදන්න මෛත්‍රිපාල සිරිසේනට බෑ – සමන් රත්නප්‍රිය

ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳම පරිචයක් තියෙන කෙනා තමයි හිටපු හමුදාපති වරයා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා. දැන් ෆීල්ඩ් මාර්ෂල්. ඔහු මේ වැඩේ කරපු කෙනා. ඒ හින්දා ඔහුට සැලකිය යුතු වගකීමක් පවරන්න පුළුවන් මේ වැඩේ සම්බන්ධයෙන්. මේ රට වැටිලා තියෙන අගාදයෙන් යම් ප්‍රමාණයකට ගොඩ එන්න. සමන් රත්නප්‍රිය මහතා එසේ පැවසුවේ අද (26) පස්වරුවේ රාජගිරියේ දී පැවති විශේෂ…

පොලිස්පතිවරයා ඉවත් කරන්නේ කෙසේද ?

ජනාධිපතිවරයාව ඝාතනය කිරීමේ සැලැස්මට පොලිස්පතිවරයා ද වගකිව යුතු බවත්, දැන් පොලිස්පතිවරයා ජනාධිපතිවරයාගේ පාලනයේ සිටින බැවින්(පොලිසිය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පවතින බැවින්) පොලිස්පතිවරයා ඉවත් නොකරන්නේ ඇයි? යන ප‍්‍රශ්නයට ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ පාර්ශවය ප‍්‍රකාශ කරන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඇති බවත් ඔවුන් එම කාර්යය සිදු නොකරන බවත්ය. මෙය ඉතා සාවද්‍ය හා තක්කඩි අදහසකි. මෙම…

ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියා ඇමති මණ්ඩලයේදී එලියට
|

ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියා ඇමති මණ්ඩලයේදී එලියට

පසුගිය 21වැනි පාස්කු ඉරිදාව ශ්‍රීලංකාවට උදාවූයේ කිසිවෙකුත් නොසිතන ත්‍රස්ත ව්‍යසනයක්ද සමගිනි. අවුරුදු නිවාඩුවට නුවරඑළිය බලාගොස් තිබූ අගමැතිවරයා යලි කොළඹ පැමිණීමට නියමිතව තිබුණේ එදිනය. එහෙත් ආණ්ඩුව පෙරලීමේ හා අගමැති මාරු කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බවට ආරංචි වීමත් සමඟ අගමැතිවරයා ඊට දින 4කට පෙර කොළඹ පැමිණ සුපුරුදු රාජකාරි ආරම්භ කළේය. එහෙත් නිළධාරීන් රැසක් අවුරුදු නිවාඩුව ගෙවමින් සිටි…

ජනාධිපතිවරයා ඍජුවම මේ රට අරාජික කිරීමේ ක්‍රියාවලියේ කොටස් කාරයෙක් – පූජ්‍ය දඹර අමිල හිමි

පසුගිය ආණ්ඩු කාලෙ ‍බොදු බල සේනා සංවිධාන හදලා, රාවණා බලකායවල් හදලා, ම‍හසොහොන් බලකායවල් හදලා මේ වගේ නැති ප්‍රශ්නයක් මේ රටේ හදන්න හදපු හැටි මතක ඇති. ඒ තත්ත්වය වලක්වන්න කළ හැකි ඉහළතම මැදිහත් වීම මම කෙරුව. හැමෝම අතගහන්නෙ නැතුව ඉන්න වෙලාවක භික්ෂූණ් වහන්සේලා මැදිහත්වෙලා ඒ සංවිධාන කරපු වෙලාවක දි, භික්ෂූණ් වහන්සේලා තුළ ඉන්න භික්ෂූන් වහන්සේ කෙනෙක්…

මේ සියලු මරණවලට ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතුයි ; ඔහු දැන දැනම මේ මිනිසුන්ව ත්‍රස්තයන්ට බිලි කළා – ඕමල්පේ සෝභිත හිමි

මෙවන් ප්‍රහාරයක් පිළිබඳව කලින් දැන ගෙනත් එය වැලැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකියකයන් හැටියට අපි කනගාටුවට පත්වෙනව. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ආරක්ෂක ලේකම්වරයා. ඔහු කියනවා මෙවන් ප්‍රහාරයක් ගැන දැනගත්තත් මෙවන් විශාල විනාශයක් වෙයි කියල හිතුවෙ නැහැල්ලු. බෝම්බයේ උස ප්‍රමාණය බර දැනගෙනමද ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මෙහෙම ආරක්ෂක ලේකම්වරයෙක් අපි දැක්කමයි. මේ සියලු මරණවලට වග…