|

යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය: ගෝඨාභය දිනවන්න ගෙනා වාගාලංකාර දැන් පරාජය වෙලා – නීතිඥ සුදර්ශන ගුණවර්ධන 

  2021 ජුනි මාසේ 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා ලංකාවේ තත්වය සම්බන්ධයෙන්. එහි වැදගත් කාරණා මොනවාද? එහි ප්‍රධාන අවධානය යොමුවුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් කියන කාරණය. මේක විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණා. තවත් කරුණු අතරේ ලංකාවට දැනට ලබාදීලා තිබෙන ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම පිළිබඳවත් එහි සඳහන් කරලා තිබුණා….

සැමට මහ පොළොවට බැසීමට කාලය පැමිණ ඇත – කීර්ති ගොඩිගමුව        

සැමට මහ පොළොවට බැසීමට කාලය පැමිණ ඇත. අපේ ජාතික සම්පත් සහ භූමිය විදේශිකයන්ට විකිණිම පිළිබඳව කතිකාවත නැවතත් කරළියට පැමිණ ඇත. මෑත කාලයේ මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සහ දැන් මේ පවතින ආණ්ඩුව ද වගඋත්තරකරුවන් වී සිටිති. මේ හරහා ගම්‍යවන එක් යථාර්ථයක් (විකිණීම) හඳුනාගැනීම වැදගත් වන හෙයින් මේ පිළිබද අපගේ ඓතිහාසික කරුණු විශ්ලේෂණය කිරීම ද වැදගත් බව…

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක්ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

  රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ඇබෑර්තුවට, මාන්නප්පෙරුම සතියකින් නම් කෙරිණ. 2010දී පොන්සේකාට අහිමි වූ මන්ත්‍රීකම යම් කාලයක් ඇබෑර්තුව තිබෙන්නට හැරීයහ. මීට සමගාමීව, සජිත් පිලේ දේශපාලන සදාචාරය කිසිවෙකු විමසුවේ නැත. එහෙත් ලංකාවේ පස්වෙනි පස්වෙනි පක්‍ෂය බවට පත් එජාපයේ එකම මන්ත්‍රී තනතුරට රනිල් වික්‍රමසිංහ නම් කිරිම දේශපාලන ප්‍රශ්නයකි. රටේ පාලනය කැබිනට් මණ්ඩලයට බලය පවරා වසංගත මර්ධනය කරන්නැයි රනිල්…

|

රාජ්‍ය අංශය ද? පෞද්ගලික අංශය ද? – නිශාන්ත කමලදාස

  අම්ම ද නැත්නම් ඔබගේ බිරිඳ ද? මේ ප්‍රශ්නය නගමින් ගැයෙන වාද බයිලාවක් ඔබ අසා ඇතුවාට සැක නැත. ගම ද නගරය ද? තවත් එවැනි ම වාදයකට ප්‍රස්තූත වෙන යුගලයකි. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ද තවත් එවැනි යුගල පදයක් ගැන ය. ඒ වඩා හොඳ රාජ්‍ය අංශය ද? පුද්ගලික අංශය ද යන්න ය. මේ වාදය සඳහා…

රනිල් වික්‍රමසිංහ ගේ කතාව සුපිරි ය – රජිත් කීර්ති තෙන්නකෝන්

ආණ්ඩුවේ දේශපාලන අර්බුදය කෙටියෙන් සරළ පැහැදිලිව රනිල් අද කිව්වේය. ජනවරම තියෙන්නේ කැබිනට් මණ්ඩලයට — කැබිනට් මණ්ඩලය (ඇමතිවරු) මේ අර්බුදයට විසඳීමට මැදිහත්විය යුතුය. කැබිනට් මණ්ඩලයෙන් පිට ගජ මිතුරු කණ්ඩායම් හරහා ප්‍රශ්න විසඳිය නොහැකිය. අමාත්‍යාංශ ලේකම්වරුන්ට උඩින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් තැබීම නොකළ යුතුය. යුධ හමුදාව දෙපාර්තමේන්තුවක් මිස රටේ සියලුම පරිපාලන කාර්යය සඳහා මැදිහත්වන තනි පුද්ගල හමුදා පාලනයකින් රටට…

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබුණේ හරි පාරෙන්ද?

දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියෙන් තමන්ට හිමිවන බලතල ප්‍රකාරව සමාවක් ප්‍රදානය කර තිබේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් අය ඝාතනය කරන ලද ගැටුමෙහිදී දුමින්ද සිල්වාට ද බරපතල තුවාල සිදුවූ බව බොරුවක් නොවේ. කෙසේ වෙතත්, ඔහුට මරණ දඬුවම හිමි වූ නඩු තීන්දුවෙන් නීති විරෝධී රැස්වීම් හා මිනීමැරීම ඔප්පු වී තිබෙන නිසාත්, අග විනිසුරු ප්‍රියසාත්…

රජ අණින් සිල් ගැන්වීම – නිශාන්ත කමලදාස

බුදුන් වහන්සේ බොහෝ රජවරු ඇසුරු කළ කෙනෙකි. එහෙත් ඒ මිත්‍රත්වය කිසිදා අපහරණය නොකළ කෙනෙකි. පන්සිල් පහ පැනවූයේ මිනිසුන්ට ය. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අංශයේ පිහිට උන්වහන්සේ පැතුවේ නැත. මිනිසුන්ට බලෙන් සිල් ගන්වන්නට වුවමනාවක් බුදුන්ට තිබුණේ නැත. සිල් ගත් අයට ඉගැන්වූයේ නිහතමානී වන ලෙස ය. උස් ආසන මහා ආසන නොසොයන ලෙස ය. සෙස්සන් සමග එකට…

රනිල් පාර්ලිමේන්තු එන්නේ කුමක් කරන්න ද? – සී ජේ අමරතුංග

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම අද උදේ සිදුවී ය. ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව නොයෙකුත් අදහස් පළවන්නට පටන් ගෙන තිබේ. සමහර වාර්තා වලින් කියන්නේ ඔහු එන්නේ ලොකු පෙරළියකට බව යි. තවත් සමහරු කියන්නේ ඔහුගේ පැමිණීම මේ මොහොතේ අවශ්‍යතාවයක් බව යි. ඒ අතර තවත් පිරිසක් කියන්නේ පරාජිතයකු වූ ඔහුට පාර්ලිමේන්තුවට…

|

ඕස්ට්‍රේලියා සහල් ප්‍රාතිහාර්යයෙන් අපට පාඩමක් – ඩබ්ලිව් ඒ විජේවර්ධන

ශ්‍රී ලංකාවේ ජනතාව ඈත අතීතයේ පටන්ම වී වගාකොට බත් අනුභව කළහ. මහාවංශයට අනුව වසර දෙදහස් පන්සියයකට පමණ පෙර කුසගින්නේ හෙම්බත් වී තම්මැන්නා වෙරළින් ගොඩබට විජය කුමරු සහ ඔහුගේ පිරිවරට, බිඳී ගිය නෞකාවේ තිබූ සහල් ගෙන කුවේනිය බත් පිස කන්නට දුන්නාය. ශ්‍රී ලංකාවෙන් සහල් අපනයනය කළ බව හෝ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කළ බවක් මහාවංශයේ සඳහන්…

ශානිගේ නඩුවේ නාටකීය අවස්ථා – අනුර සූරියබණ්ඩාර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහ ඔහු සමඟ රදවා සිටි උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට ඇප ලබාදීමට ජූනි 16 දා අභියාචනාධිකරණය විසින් නියෝග කෙරිණ .ඒ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න  සහ ආර් . ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි . ශානි සහ සුගත් නිදහස් කෙරුණේ , රුපියල් 25000/- බැගින් මුදල් ඇප…

රනිල් පැරදුණාද? පැරැද්දුවාද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 

ඊයේ පෙරේදා එජාප නායක රනිල් වික්‍රමසිංහ රටේ පාලනය කැබිනට් මණ්ඩලයට බලය පවරා වසංගත මර්දනය කරන්නැයි ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශය නිකුත් වූ වහාම, සමගි ජන බලවේගයේ ඉම්තියාස් බාකීර් මාකර් මොනවදෝ කීය. ඉන්ධන මිල වැඩි කිරිමේ ආරාවුල සම්බන්ධව ආණ්ඩුව තූළ පවත්නා ආරවුලේ එක් අවස්ථාවක නිමල් ලංසා රාජ්‍ය ඇමතිවරයා වැදගත් රාජ්‍ය රහසක් හෙළි කළේය. එනම් බැසිල් රාජපක්‍ෂ ලංකාවේ…

පොහොර හිඟය නිසා ඉදිරියේදී දැඩි ආහාර හිඟයක්. දුප්පත් ජනතාව අර්බුදයට – කෘෂි විද්වත්හු අනතුරු හඟවති !

රට තුළ පවතින පොහොර හිඟය නිසා යල කන්නයේ අස්වනු අඩුවීමෙන් ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ඇතිවනු ඇති බවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන්  අනතුරු හඟවා තිබේ. “යල කන්නයේ අස්වැන්න දැන් අපට මාස කිහිපයක් තුළ ලැබෙනවා. ඒ අස්වැන්න අඩුවීම තුළ මේ රටේ විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව ඉතාමත් පැහැදිලියි. මේ ආහාර හිඟයට අමතරව ආහාරවල මිල ඉතා දැඩි…