සජිත්ට සහය දෙන්නේ ඇයි : TNA හේතු පහදයි !

2019 ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙන බව දෙමළ ජාතික සන්ධානයට අයත් සියළුම පක්ෂ අද (07) නිවේදනය කළේය.  පාර්ලිමේන්තුවේ හිමි ආසන ගණන සහ ඡන්ද ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට ගත් තීරණය ගැන හේතු දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.  පහත දැක්වෙන්නේ එම නිවේදනයෙන් උපුටාගත්…

ගෝඨාභයට සංවාද ‘බය’ සැරට: දෙවන වරටත් ජනාධිපති අපේක්ෂක සංවාදය මඟහරියි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ප්‍රමුඛ පෙළේ  ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද (07)  කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණ නමුත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එම අවස්ථාව මඟහැර තිබේ. මෙම ප්‍රසිද්ධ  සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන…

නිදහස වෙනුවෙන් ගෙවිය යුතු මිල: යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත (2) – මනිලාල් දිසානායක

දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ මගින් හෙළිදරව් කරගෙන තිබෙන, නාවික හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කප්පම් ලබා ගැනීම සඳහා පොහොසත් පවුල්වල දරුවන් පස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ…

ගෝඨාභය අමෙරිකා‍ පුරවැසිකම අහෝසිකර ඇතිබව පෙන්වන්න: මංගලගෙන් අභියෝගයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මතහාගේ අමෙරිකානු පුරවැසිභාවය අ‍හෝසිකර ඇති බව ලබන සතියේ පැවැත්වෙන මැතිවරණයට පෙර රටට ඔප්පු කර පෙන්වන ලෙස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (06) රාජපක්ෂ මහතාට අභියෝග කෙළේය. මුදල් ඇමැතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ අභියෝගය එල්ල කළේ ඊයේ (06) සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය….

|

මිලේනියම් චැලේන්ජ් ලැබෙන්නේ කෙසේ ද? කරන්නේ කුමක් ද? – මහාචාර්ය සිරිමල් අබේරත්න

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර මුදලින් ප්‍රවාහන පද්ධතියේ අංශ තුනක් සංවර්ධනය කිරීමට සැලසුම් සකස්කොට තිබෙන අතර මාර්ග තදබදය කළමනාකරණය කිරීම හා ඒ හා සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පළමු අංශය වේ. කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි මංසන්ධි, මංමාවත්, සංඥා පද්ධති, ගුවන් පාලම්, ගුවන් මාර්ග, පදික මංතීරු හා වටරවුම් සංවර්ධනය ඊට ඇතුළත් වේ.  මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (Millennium…

අපේක්ෂකයො දෙන්නා අතරින් හොඳකෙනා ආණ්ඩුව පැත්තෙන් – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ ඉදිරිපත් කරල තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන මම කියවා බැලුවා. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ රටේ ජනතාවගේ නිදහස ගැන කතා කරනව. මට නම් බක බක ගාලා හිනායනවා. දූෂණය පිටුදකිනවලු. ශත වර්ෂයේ ලොකුම බොරුව. වැඩිම මිලට පාරවල් හැදුවෙ එයාලගෙ පාලනය යටතෙ. අපි අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවයත් මේ අය විනාශ කළා. අධ්‍යාපනය ටියුෂන් කඩයක් කළා. ශ්‍රී…

‘ඇක්සා – 1’ ගිවිසුම අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු තනාපති රොබට් ඕ බ්ලේක් – බිමල් රත්නායක

ගෝඨාභය රාජපක්ෂ මහතා ද අත්සන් කළ ගිවිසුමක් තමයි ‘ඇක්සා-1’ පළමුවෙනි ගිවිසුම. ගිවිසුම අත්සන් කළ එක්කෙනෙක් ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අනෙක් කෙනා එවකට ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා එසේ ප්‍රකාශ කළේ අද (5) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමු‌ණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති…

පෑඩ් මෑන් ද? වෑන් මෑන් ද? – ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

මම උසස්පෙළ විභාගෙට යද්දි මට මාසික වේදනා හැදුණා. මගේ සුදු ඇඳුම පුරාම ලේ… මම ආපහු හැරිලා ගෙදරට ගියා. ඒත් මට අඳින්න තිබ්බ අනිත් ඇඳුම හෝදලා වනලා තිබ්බ නිසා විභාගෙට ඇඳගෙන යන්න විදිහක් තිබුණෙ නෑ… අපේ අම්මා චීත්ත රෙද්දක් ගෙනැත් මගේ ඉන වටේට අන්දවලා කිව්ව දුවේ ගිහින් විභාගෙ ලියන්න කියල. මම හෝල් එකට ගියත් ගුරුවරු මට…

|

නව ආරක සුරංගනා කතාවක් – නිශාන්ත කමලදාස

අපේ වීරයා තමාට සපයා ගත හැකි සියලු ආරක්ෂක විධිවිධාන මැද්දේ සුරක්ෂිතව සිටිය ද, පරිවාර රථ හා සේනා සහිතව ගමන් බිමන් ගියේ වුව ද, තම ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වසා දමන්නේ වුව ද, අවශ්‍ය වුවහොත් අප වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට තරම් කැප වීමක් ඇති කෙනකු බව අපි හොඳින් ම දනිමු. එසේ, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිතය…

නිදහස වෙනුවෙන් ගෙවිය යුතු මිල: යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක –

පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප්‍රජාතන්ත්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී මංසන්ධියකි. එහිදී සියලු පුරවැසියෝ නැගී සිටිය යුත්තෝය. ඉරණම සියතට ගත යුත්තෝය. අතිශය බරපතල මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයක් යටතේ පීඩාවට පත්ව සිටි පුරවැසියන් 2015 ජනවාරියේදී එසේ කෙලින් සිටගෙන ස්වකීය බලය සංඛ්‍යාත්මකවත් පෙන්නුම් කළ බව…

ශ්‍රී ලංකා කොඩිය බිම දමා ඊලම ඉල්ලු වර්ධරාජා පෙරුමාල් ගෝඨාගේ වේදිකාවේ – මංගල

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගනු ලබන, ජාතික ධජයට ගරු කරන දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්දන්ලා සජිත් ප්‍රේමදාසට සහය පළකරද්දී, ගෝඨාබයට සහය දක්වන්නේ, 1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කර, ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්ලා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.  ඊයේ (03) මාතර පැවති තරුණ සමුළුව අමතමින් අමාත්‍යවරයා…

මිනී මැරීම රාජ්‍ය සේවයක් කරගත් අයෙකුගේ නැවත පැමිණීම !

2009 දී අධි ආරක්ෂක කලාපයේදී මහ දවල් ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය 2019 වසර වනතෙක් දේශපාලන මැදිහත් වීම් නිසා ශී‍්‍ර ලංකාවෙන් සාධාරණයක් ඉටු නොවන බව දැන ඇමරිකාවෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් සිය පියාගේ මරණයට ගෝඨාභය වගකිව යුතුයැයි කියමින් කැලිෆෝනියා අධිකරණයේ නඩුවක් ගොනු කළාය. ඒ 2019 වසරේ මැදදීය. නඩුව පසුගිය 17 වැනි දින කැලිිෆෝනියා ප‍්‍රාන්ත අධකරණයේ ගැරී…