මිරිඟු දියෙන් නාමින් ගෙවුණු වසරක් – තිසරණි ගුණසේකර

  69 ලක්‍ෂයක බලාපොරොත්තු මතින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපති ධුරයට පියනගා වසරක් ගතව ඇත. ගෙවුණු වසර තුළ තම දේශපාලන න්‍යාය පත්‍රයේ මූලික කරුණු සියල්ලම වාගේ සාක්‍ෂාත් කරගැනීමට රාජපක්‍ෂවරුන් සමත් ව තිබේ. රාජපක්‍ෂවරුන්ගේ පවුලේ පක්‍ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක් බලයක් හිමිය. 20 වන සංශෝධනය යථාර්ථයක් වී හමාරය. ජනපති, අගමැති ධුරයන්ද ඇතුළුව බලගතු…

අමරසේකර චින්තනය සමතික්‍රමණය කිරීම – ලියනගේ අමරකීර්ති

ගුණදාස අමරසේකර මහා ලේඛකයෙකි. එසේ වන්නේ ඔහු අඛණ්ඩව ජීවිතයේ අනූවෙනි දශකය දක්වා ලියූ නිසා පමණක් නොවේ. ඔහු සිංහල කවියට, කෙටිකතාවට, නවකතාවට, කවිය පිළිබඳ විචාර කතිකාවට කළ දායකත්වය ඉමහත්ය. එසේම ඔහු ලංකාවේ සමාජ දේශපාලන සංවාදය සමග අඛණ්ඩව බැඳී සිටි ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. මෑත ඉතිහාසයෙහි සිදු වූ ප්‍රධාන දේශපාලන සිදුවීම් සියල්ලම ඔහු ඇසින් දුටුවේය. නිදහස ලැබීම, පනස්තුනේ හර්තාලය,…

ඇමෙරිකානු ජනපතිවරණය , කොරෝනා සාධකය සහ ජනමාධ්‍යය – සී ජේ අමරතුංග

  ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වුයේ දින ගණනාවක් පැවති අවින්ශ්චිත බවකින් පසුව ය. වරෙක ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා ම තම තමන් ජයගන්නා  බව ප්‍රකාශ කළේ ය. ඡන්දය ගැන අවසන් වනතෙක් ඉවසීමෙන් සිටින ලෙස ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉල්ලා සිටි අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බව සහ තමන්ගේ ජයග්‍රහණය වංචාවෙන්…

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තෙවැනි සමූහාණ්ඩුවක් සඳහා පෙළගැසීමේ කාලයයි – ජයදේව උයන්ගොඩ,

විසිවැනි සංශෝධනය දැන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වී ඇත. එහි නිල මුද්‍රිත පිටපතේ පිටපතක්ද අද මට විද්‍යුත් තැපෑලෙන් ලැබිණ. අප සිටින්නේ ගිය සතියේ අප සිටි ලංකාවේම නොවන බව, එය එවූ කෙනා මට නැවතත් වක්‍ර මාර්ගයෙන් මතක් කර තිබේ. මේ අතර, ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ ක්‍රියාවලියද වහා ආරම්භ කොට තිබේ. ඒ සඳහා කමිටුවක් පත් කොට…

ස්වාධීන ජනමාධ්‍ය ඇමෙරිකාව බේරාගත්තේය  – තරිඳු උඩුවරගෙදර

ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අවිනිශ්චිතම, අඳුරුම මොහොතක ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත්ම කුළුණක් ලෙස ස්වාධීන ජනමාධ්‍ය නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේය. සැබෑවකි. ඇමෙරිකානු ජනාධිපතිවරණය අවුල් ජාලාවක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.  ඇමෙරිකාවට මැතිවරණයක්වත් පවත්වන්නට බැරියැයි චීනයත් ඇතුළු අනෙක් රටවල් උසුළු විසුළු කළේය. එහෙත්, මැතිවරණයක පරාජය බාරගන්නට බැරි ළදරු මානසිකත්වයක් ඇති ජනාධිපතිවරයෙකුගේ හැසිරීමක් මිස, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් සිදු…

ඇමරිකානු මැතිවරණය 2020: ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය වෙනස් කර ඇත්තේ කෙසේද?

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු හුදෙක් ඔහුගේ රටේ නායකයා පමණක් නොවේ, ඔහු බොහෝ විට ලොව බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනේ. ඔහුගේ තීරණ අප සියලු දෙනාගේ ජීවිතයට වෙනස්කම් ගෙනෙනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉන් වෙනස් නොවේ. ට්‍රම්ප්ගේ තීරණවලින් ලෝකය වෙනස් වී ඇත්තේ කෙසේද? ලෝකය ඇමරිකාව දකින ආකාරය ජනාධිපති ට්‍රම්ප් බොහෝ අවස්ථාවල එක්සත් ජනපදය “ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට” ලෙස ප්‍රකාශයට…

|

ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන විශ්වාසය බිඳිලා ; තත්ත්වය භයානකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශ්වාසය දිගින් දිගටම පළුදු වෙමින් තිබෙන බවත් ආණ්ඩුව තවදුරටත් බොරු කරනවා වෙනුවට මේ ඇත්ත ප්‍රශ්නයට මුහුණ දියයුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.”මම දැන් සති කීපයක් තිස්සෙම දිගින් දිගටම දැනුවත් කළා විශාල ආර්ථිකමය, මූල්‍යමය ගැටළුවකට ආණ්ඩුව මුහුණදෙමින් තියෙනවා කියලා. ඔවුන් කියන්නේ එහෙම…

අමෙරිකාවේ මීළඟ ජනාධිපති ට්‍රම්ප් ද? බයිඩන් ද?

අමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත් වීමේදී ස්ත්‍රී-පුරුෂ, වාර්ගික, ආගම් භේද නොසැලකේ. එසේ වුව ද, අවම වශයෙන් 35 හැවිරිදි වියේ සිටිය යුතුය. අමෙරිකාවේදී උපත ලබා තිබිය යුතු අතර, අවම වශයෙන් වසර 14ක් එරට ජීවත්ව සිටිය යුතුය.   අමෙරිකා එක්සත් ජනපදයේ 59වැනි ජනාධිපතිවරණය තවත් දින 3කින් එනම්, නොවැම්බර් 03 වැනිදා පැවැත්වේ. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කොරෝනා ගෝලීය වසංගතයෙන්…

|

පීලි පැන්න සැහැල්ලු දුම්රිය හා කැලණි වැලි දුම්රිය – නිශාන්ත කමලදාස

මෙම බ්ලොග් අඩවියේ මෙතෙක් පල කළේ මා ලියූ දේ පමණ ය. අද එයින් වෙනස් ව සිලොන්ටුඩේ පුවත් පතේ ඉංග්‍රීසියෙන් පල කරන ලද “පීලි පැන්න සැහැල්ලු දුම්රිය හා කැලණි වැලි දුම්රිය” යන පුවතේ මුල කොටස සිංහලට පෙරලා පල කරන්නට අදහස් කළෙමි. ඒ මුල් කොටස තුළ මේ ව්‍යාපෘති සම්බන්ධ ඇති ව තිබෙන විසංවාදයේ ප්‍රධාන පාර්ශව දෙකේ (ලලිතසිරි…

“හදිසි පනත්” පස්සා දොර නැවත නම්කිරීම ඇස් බැන්දුමක් පමණි  – මහාචාර්ය රොහාන් සමරජීව

“හදිසි පනත්” පස්සා දොර නැවත නම්කිරීම ඇස් බැන්දුමක් පමණි  – මහාචාර්ය රොහාන් සමරජීව

  පනත් සම්මත කිරීමට පෙර අභියෝග කිරීමට මහජනයාට තිබු සීමිත අවස්ථාව අහුරා ලීමේ උත්සාහයෙන් ඔවුන් පසුබැස ඇති බව අපට ඒත්තු ගැන්වීමට අමාත්‍ය මණ්ඩලයට අවශ්‍යව ඇත. එසේ වුව ද, “ජාතික ආරක්ෂාව” සහ “ආපදා” සඳහා වන ප්‍රතිපාදන තුලින් දැවැන්ත පස්සා දොරක් එහි ඉතිරි කර ගෙන ඇත. මෙය වසා දැමිය යුතු ය. ව්‍යවස්ථාදායක බලය ඇත්තේ පරමාධිපත්‍යය සතු ජනතාවට…

20 වැනි සංශෝධනය දේශපාලන වශයෙන් පරාජය කළ යුතු ය.  මහාචාර්ය රොහාන් සමරජීව

20 වැනි සංශෝධනය දේශපාලන වශයෙන් පරාජය කළ යුතු ය. මහාචාර්ය රොහාන් සමරජීව

20 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත විය යුතු ද යන්න පිලිබඳ ගතානුගතික සහ පරිස්සම් සහගත තීන්දුවේ ඉතා ම හොඳ කොටස වන්නේ ජනාධිපති මුක්තිය සම්බන්ධයෙනි. 1978 සිට 2015 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්  ජනාධිපතිවරයාට ඔහු හෝ ඇය නිල මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමින් කළ හෝ නොකළ ක්‍රියාවකට ඔහු හෝ ඇය නිලය දරණ තාක් කල් මුක්තිය ලබා දී තිබිණි….

20 වැනි සංශෝධනයේ කැත සෙල්ලම් – සී ජේ අමරතුංග

20 වැනි සංශෝධනයේ කැත සෙල්ලම් – සී ජේ අමරතුංග

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආන්ඩුව සුදානම් ය. පෙනෙන විදිහට එය සමස්ත ආණ්ඩුවේ වුවමනාවක් නොවේ. වුවමනාව ඇත්තේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමකට ය. ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාව හැකිතාක් බලය තමන් අතට ගොනු කර ගැනීමයි , ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඔහු කෑ ගසා  කියා ඇත්තේ තමන්ට…