ජාතික සේවක සංගමයත් පොහොට්ටුවෙද? – සිරිසේන රාජපක්ෂ

මේ ලියන මොහොත වන විට වර්ජන රැසක් ක්‍රියාත්මක වෙමින් තිබේ. දුම්රිය රියැදුරන් ස්ථානා‍ධිපතිවරුන් ඇතුළු පිරිස ද විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරින් ද, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද එසේ වර්ජනයට එක්ව සිටින පිරිසට අයත් වෙති. වැඩවර්ජනවලට හේතුව ලෙසින් දක්වනුයේ වැටුප් විසමතාය. ආණ්‌ඩු විසින් විවිධ අවස්ථාවල සිදුකරනු ලැබ ඇති විවිධාකාර වැටුප් වැඩි කිරීම් හේතුවෙන් රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණි අතර…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රට බෙදෙනවාය කියන එක මුළුමනින් ම අසත්‍යයක් – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

විධායක ජනාධිපති ධුරය අපේ රටට කොයි තරම් ව්‍යසනයක් කරලා තියෙනවා ද කියලා අපි දන්නවා. ලෝකයේ තියෙන්නේ, ඇමෙරිකාව කේන්ද්‍ර කර ගත්ත විධායක ජනාධිපති ක්‍රමයක ආභාසය සහ බ්‍රිතාන්‍යය කේන්ද්‍රගත කර ගත්ත පාර්ලිමේන්තු පාලන ක්‍රමය කියන පාලන ක්‍රම දෙකක්. අපේ රට නිදහස ලබලා අවුරුදු හැත්තෑඑකෙන් අවුරුදු හතළිස්එකක් රට පාලනය කරලා තියෙන්නේ, විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍රගත කර ගත්ත පාලනයෙන්….

ගෝඨාට පුළුවන්ද බැරිද? රිට් පෙත්සමේ සඳහන් කරුණු සරලව – නීතිඥ අථිල ආතාවුද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත. එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු පහත…

|

ගින්න හා දුම – නිශාන්ත කමලදාස

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද…

ගෝඨා ජනාධිපතිවරණයට පෙර අවුට් විය හැකිය – වික්ටර් අයිවන්

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාධිපතිවරණයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රය ප්‍රශ්නය ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි. ඔහු පුරවැසි නීති උල්ලංඝණය කර…

දැන් UNPකාරයන්ට තියෙන්නේ අනිත් අයව හරව ගන්න එක – රනිල්

දේශපාලනඥයින්ට ගැති නොවී අභිවෘද්ධිය කරා යෑමේ තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීම සඳහා තරුණ අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂයේ සංවිධායකවරුන් සමඟ අද(30) පැවැත්වූ හමුවකදීයී. එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවිධායකවරුන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබුණි. මෙම රැස්වීම සඳහා…

ගෝඨාට නොතීසි ! ජනාධිපති අපේක්ෂාව ඔක්. 2 වනදා තීරණය වෙයි!

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනුකර ඇති පෙත්සම ඔක්තෝබර්  02 වන දා පෙරවරු 9.30ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි.   ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ඔක්. 2 දා කරුණු දැක්වීම සදහා අද (30) අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කරන…

|

බෙදුණු එජාපය එක්කල මෙහෙයුම ; චන්දය දිනන හැටි ; කොන්දේසි කතාව ගැන ඇත්ත

එජාප අපේක්ෂකයා තේරීම දිනෙන් දින කල් යන බවත් එය අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවටත් විවිධ විෂම ජනමාධ්‍ය හා සමාජ ජාලා ප්‍රවෘත්ති මෙන්ම කටකතා පැතිර ගියද අපේක්ෂකත්වයට අදාලව එජාප අභ්‍යන්තරය තුල පැවැතියේ සන්සුන්කාරී පරිසරයකි. අගමැති රනිල් සහ සජිත් පාර්ෂව අතර සාකච්ඡා සම්මුති මෙන්ම එකඟතාද දිනෙන් දින ඇතිවෙමින් තිබිණ. දෙපාර්ශවයේ දේශපාලඥයන් විවිධ න්‍යාය පත්‍ර මත…

විධායක ආලය – සම්පත් අමරසිංහ

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ආණ්ඩුවේ යෝජනාවක් ලෙසින් විවාදයට ගැනීමට පසුගිය 19 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය තීන්දුවකින් තොරව අවසන් වී ඇත්තේ ඇමැතිවරුන් කීප දෙනෙකු ගේ විරෝධය හේතුවෙන් බව කියනු ලැබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම් සඳහා වන යෝජනාව පසුගිය වර්ෂයේ පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූයේ ජනතාව විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රීයෝජනාවක් වශයෙනි. කෙසේ…

|

මුහුණු දෙකක පරතරය – නිශාන්ත කමලදාස

එක වේදිකාවක ඉන්නේ වංචාව හා දූෂණය මැඩලන්නට අඩි හප්පා පොරොන්දු දෙන අපේක්ෂකයෙකි. බලය තිබුණු කාලයේ ඔහු අල්ලාගත් වංචාවක් දූෂණයක් නැත. අඩි හප්පා පොරොන්දු දෙන මුහුණත් වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිත් නොකර මග හැර ගිය මුහුණත් එකක් නොව දෙකකි. බලයේ සිටි කාලයේ ඒ වෙනුවෙන් කළ කිසිත් නැති නිසා මිනිසුන් ඒ ගැන විමසුවොත් දෙන්න උත්තර ද කප්පරක් තිබේ….

|

ආණ්ඩුව කළ දේ හා නොකළ දේ ; පත්වෙන ජනාධිපතිගේ බලය ; පොහොට්ටුවේ මර ලොජික්

ගෙවීගිය සතිය තුල සංවර්ධනයට අදාල කටයුතු රැසක් ජනතා අයිතියට පැවරීම මෙන්ම ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඊට කලින් සතියේ දෙවනි වතාවටත් එකම දිනක් තුල පාසැල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරූ මේ රජය පසුගිය සතියේ ඇමති චම්පික ගොඩනැගූ නිවාස 3300 ක් එකම දිනකදී අගමැතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණ. “2005 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව හැදුවේ…

සාමනේර ප්‍රශ්නය – අනුර සූරියබණ්ඩාර

හොරොව්පතාන ස්වර්ණතිලකාරාමයේ සාමනේර දෙනමකට එක්තරා පුද්ගලයකු විසින් සාහසික ලෙස පහරදෙනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග සමාජයේ මහත් කලබලයක් ඇතිවිය. බොහෝ අය ඒ සම්බන්ධයෙන් පිළිකුලෙන් යුතුවද කම්පනයෙන් යුතුවද කතා කරනු පෙනුණි. පහරදුන් තැනැත්තා ඒ අනුව අත්අඩංගුවට ගැනුණු අතර එම අත්අඩංගුවට ගැනීම නිසා සියල්ලන්ම මේ වනවිට තෘප්තියට පත් වී සිටිති….