පොහොට්ටු යුද්ධයෙන් ජිනීවා අර්බුදයට – තිසරණි ගුණසේකර
නීති විශාරදයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජී.එල්. පීරිස් මහාචාර්යවරයා තම දේශපාලන දිවියේ සැඳෑ’ සමය ගෙවනුයේ රාජපක්ෂ බැතිමතකු ලෙසය. ඔහුගේ දේශපාලන ස්ථාවරයන් තීන්දු වනුයේ රාජපක්ෂ අවශ්‍යතාවන් මතය. ඔහු කතා කරනුයේත්, ක්‍රියා කරනුයේත් රාජපක්ෂ නියමයන්ට අනුකූලවය. විමල් වීරවංශ ඇමතිවරයා හා පොහොට්ටුවේ ලේකම්වරයා ප්රමුඛ පිරිසක් අතර මේ දිනවල දිගහැරෙමින් පවතින වාචික-හා වාචාල- ගැටුමට ජී.එල්. පීරිස් මහතා ප්‍රවිෂ්ට…
