ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? – අධිනීතිඥ ලාල් විජේනායක

ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? – අධිනීතිඥ ලාල් විජේනායක

මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම තමන් ආණ්ඩුවයැයි කියා ගනිමින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ගරු කරනු ලබන කිසිදු රටක සිදු නොවී ඇති සිද්ධියකි. විරුද්ධ පක්‍ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම අප අසා ඇත. එය එතරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එහෙත් ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම තුලින් බරපතල දේශපාලන හා නීතිමය ප්‍රශ්න මතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය…

ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාට සවන් දෙමු – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාට සවන් දෙමු – අනුර සූරියබණ්ඩාර

පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි නොවන පාර්ලිමේන්තුව වර්ජනය කරන ආණ්ඩුවක් පවතින් ලොව එකම රට ශ්‍රී ලංකාවය. ආණ්ඩුව පාර්ලිමේන්තු සැසිවාරවලට සම්බන්ධ නොවන්නේය යන්නෙහි අදහස රට පවතින්නේ අරාජික තත්ත්වයක යන බවය. රටක ආරාජිකත්වය සහ දේශපාලන අස්ථාවර භාවය එම රටෙහි ආර්ථිකයටත් පැවැත්මටත් සුබදායී නැත. එසේ වුව මෙරට නීතිවිරෝධී ආණ්ඩුව ජනතාවට පෙන්වන්නට උත්සාහ කරන්නේ පවතින ආරාජිකත්වය රටට කිසිම ප්‍රශ්නයක් නොමැති බවය….

මේක කරඬුව ඔළුවෙ තියලා සරම ගැලෙව්වා වගේ වැඩක් – හරීන් ප්‍රනාන්දු

මේක කරඬුව ඔළුවෙ තියලා සරම ගැලෙව්වා වගේ වැඩක් – හරීන් ප්‍රනාන්දු

මේ මහින්ද රාජපක්ෂගෙත් මෛත්‍රිපාල සිරිසේනගෙත් අන්තිම හෝරා කිහිපය. ඇයි මම එහෙම කියන්නෙ. විශේෂයෙන්ම මම තමුන්නාන්සේලාට එකක් මතක්කරන්න ඕනැ, මහින්ද රාජපක්ෂගෙ දේශපාලනයත්, මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙල සිඳදැම්මා කියලයි මම කියන්න ඕනැ. මම ඉස්රවෙලා කිව්ව වගේ, මම ඉස්සෙල්ලා කිව්වා කරඬුව ඔළුවෙ තියලා සරම ගැලෙව්වා වගේ. මට පේන්නේ දැන් කරඬුවත් නෑ සරමත් නෑ මහින්ද රාජපක්ෂගෙ. ලැජ්ජාවක් නැතිබව ඔප්පු…

මේ රට නීතියේ ආධිපත්‍ය තියෙන ශීලාචාර රාජ්‍යක්බව අපි ඔප්පු කරල තියෙනව  මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයක් – අජිත් පී. පෙරේරා

මේ රට නීතියේ ආධිපත්‍ය තියෙන ශීලාචාර රාජ්‍යක්බව අපි ඔප්පු කරල තියෙනව මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයක් – අජිත් පී. පෙරේරා

අපේ මේ සටනේ විශාලම ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ රටේ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය තිබෙන බවට අපට හැමදාම විශ්වාසයක් තිබුණා. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හිතුවක්කාර වැඩපිළිවෙලත්, ඒවගේම මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම නීති විරෝධීව ධුරවල රැඳී සිටිමින් මේ රටට කරපු විනාශයත් වැළැක්වීම සඳහා ගරු අභියාචනා අධිකරණය විසින් අත්හිටවීමේ නියෝගයක් අද දින නිකුත් කළා. ඒකේ තේරුම මහින්ද…

බලය සමග ගනුදෙනුව – නිශාන්ත කමලදාස

බලය සමග ගනුදෙනුව – නිශාන්ත කමලදාස

බලය දූෂණයට මග පාදන්නේ ය. අසීමිත බලය සීමා රහිත දූෂණයට මග පාදන්නේ ය. මේ අප අසා ඇති කියමනකි. එහි මුල් කර්තෘ ලෙස සඳහන් වන්නේ ලෝඩ් ඇක්ටන් ය. එහෙත් මේ පාඨය බොහෝ දෙනකු විසින් නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙන දෙයකි. බලය තියෙන ඇතැම් ඇත්තෝ ඒ බලය යොදාගෙන සොරකම් කරන බව මේ රටේ මිනිසුන්ට අමුතුවෙන් කිව යුතු…

තමන් කළ දේශපාලන අපරාධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතියෙන් සමාවගත යුතුයි – ජවිපෙ නායක අනුර දිසානායක

තමන් කළ දේශපාලන අපරාධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතියෙන් සමාවගත යුතුයි – ජවිපෙ නායක අනුර දිසානායක

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත්ව සිදුකළ දේශපාලන කුමන්ත‍්‍රණය ඇතිවූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සපථකොට සිටියා, මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කොට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ගතහැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා කියලා. පසුගිය 14වැනිදා පාර්ලිමේන්තුව රැුස්වූ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ නීතිවිරෝධී, ව්‍යවස්ථාවිරෝධී අටවාගත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. එය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට රාජපක්‍ෂ කණ්ඩායම බාධා කළා. එම බාධා…

අගමැති හා ඇමති ධූර නීති විරෝධීයි / අධිකරණයෙත් අතුරු තහනමක්

අගමැති හා ඇමති ධූර නීති විරෝධීයි / අධිකරණයෙත් අතුරු තහනමක්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය හා ආණ්ඩුවේ අමාත්‍යවරුන් එම ධූර දැරීම වලක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පරාජයට පත්ව ඇති අගමැතිවරයාටත් එම කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122ක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන…

දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ මහින්ද චීනය සමඟ හොර රහසේ රු.මි. 10386ක ගිවිසුමක් අත්සන් කරයි!

දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ මහින්ද චීනය සමඟ හොර රහසේ රු.මි. 10386ක ගිවිසුමක් අත්සන් කරයි!

දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ මහින්ද චීනය සමඟ හොර රහසේ ගැසූ රු.මි. 10386ක ගිවිසුම පිළිබඳ රොයිටර් පවත් සේවය හෙළි කර තිබේ. දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ කොළඹ වරායේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කියමින් රජය, චීන සමාගම් සමඟ ගිවිසුම් දෙකකට බ්‍රහසතින්දා (නොවැ. 29) අත්සන් තබා ඇති බවයි රොයිටර් පුවත් සේවය අනාවරණය කරන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ නීත්‍යානුකූල භාවය…

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා… ජනපති තමන්ගේ බල තණ්හාව වෙනුවෙන් රටම සූදු පිටියක් කරලා..-  ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා… ජනපති තමන්ගේ බල තණ්හාව වෙනුවෙන් රටම සූදු පිටියක් කරලා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ රටේ සිදුවුණු කුමන්ත‍්‍රණකාරී බල පෙරළියට මාසයකුත් දවස් හයක් ගතවෙලා. ඇතිවූ අර්බුදය විසඳන්න කුමන්ත‍්‍රණය නිර්මාණය කළ පිරිස් කටයුතු කරන්නේ නැහැ. එයින් පීඩාවට පත්වෙලා තිබෙන්නේ රටේ ජනතාව. රට අගෞරවයට පත්වෙලා තිබෙනවා. කීර්ති නාමය කෙළෙසිලා. රට අරාජික වෙලා. ලබන අවුරුද්දේ ජනවාරි මාසය වනවිට අපේ රටේ අමාත්‍යාංශවලට මුදල් වෙන් කරන්න අයවැයක් නැහැ. අයවැයක් ගේන්න ආණ්ඩුවක් නැහැ. නිලධාරීන්ට තමන්ගේ…

මහින්ද පරණ පාරට සිග්නල් දමයි – සම්පත් අමරසිංහ

මහින්ද පරණ පාරට සිග්නල් දමයි – සම්පත් අමරසිංහ

නීති විරෝධීව ඩොලර් තොගයක් මෙරටින් රැගෙනයාමට තැත් කළ ව්‍යපාරිකයයකු වහා නිදහස් කරන්නැයි කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව නියෝගකර ඇති බව පසුගියදා හෙළිවිය. අලි රිසාසද් මෝෆ් නමැති මෙකී තැනැත්තා ඇමරිකානු ඩොලර් 53,455ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණි. එම මුදල් රාජසන්තක කර BIA/D/CASE/128/2017යන අංකය යටතේ රේගුව විසින් ඔහුට නඩු පවරනු…

සිරිසේනගේ කුමන්ත්‍රණය පරාදයි : ඉතිහාසය වෙනස් කරමින් එජාපෙ රජයක් පිහිටුවීමට TNA සහාය.

සිරිසේනගේ කුමන්ත්‍රණය පරාදයි : ඉතිහාසය වෙනස් කරමින් එජාපෙ රජයක් පිහිටුවීමට TNA සහාය.

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ. එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාපිත කිරීම සඳහා සහාය දක්වන බවයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රීවරු…

කොමිසම
|

කොමිසම

රනිල් වික්‍රමසිංහ මහතා කළ දූෂණ වංචා විමර්ශනය කරන්නට තමන් කමිටුවක් පත්කරන බව ජනාධිපති කී විට විදෙස් මාධ්‍යවේදින්, රනිල් වික්‍රමසිංහ මහතා කළ වංචා දූෂණ මොනවාද කියා ජනාධිපතිගෙන් ඇසුවේය. එවිට ජනාධිපති විදෙස් මාධ්‍යවේදීන්ට කීවේ රනිල් වික්‍රමසිංහ දූෂණ වංචා කළ බවක් තමාට පුවත්පත් වලින් දැනගන්නට ලැබුණේ නැති නිසා රනිල් වික්‍රමසිංහ මහතා කර ඇතැයි කෙසේ හෝ හොයාගන්නට පත්කරන කමිටුවට නියෝග කරන…