1970 ගණන් වෙත ආපසු ගමන් කිරීම යනු කුමක්ද? – අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන

1970 ගණන්වල ඇති වූ අර්බුදයේ මූලයන් 1948 ලංකාව නිදහස ලැබීම දක්වා දිවයයි. එය පරාධීන ආර්ථිකයක සිට ස්වාධීන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීමේ දී මුහුණ දෙන්නට සිදුවූ ව්‍යුහාත්මක අභියෝගවල ප්‍රතිඵලයකි. කෝවිඩ්-19 වසංගතය නිසා ලංකාව මුහුණ දී සිටින්නේ බහුවිධ අර්බුදයකටය. අපනයන ඇණ හිට තිබෙන සහ අපගේ විදේශ සංචිත සිඳීයමින් තිබෙන පසුබිමක, කිරිපිටිවල සිට තිරිඟු පිටි දක්වා අපගේ සියලු…

පාර්ලිමේන්තුව මියගිය එකක් නම් අගමැති, ඇමතිවරු ඇවිදින මළමිනීද ? – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව,ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ,  ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ.   පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් සමහරු එය – මියගොස්˜ ඇතැයි විස්තර කර ඇති අතර තවත් සමහරු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව අක්‍රීයව පමණක් බවත්,  විධිමත් හදිසි නීතිය ප්‍රකාශ කිරීමකින් තොරව පවා…

හොඳම විසඳුම බත් පෙරේතකමින් මිදීමය – අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමටය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනයම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේය. මැනිං මාකට් එකේ වෙළඳුන් ජාමෙ බේරාගන්නට ඇඹරුණ පරිද්දෙන්ම මේජර් ජනරාල්වරයාද බන්දු…

|

ඔරොත්තු දෙන ආහාර සැපයුමක්: නියෝග මගින්ද? වෙළෙඳපොළ තුළින්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

කොවිඩ් උත්සන්න කළ ආහාර අර්බුදය සුමටව ක්‍රියාත්මකව තිබුණු යමක් අපගේ අවධානයට ලක් වන්නේ එය බිඳ වැටුණු විට ය. 1980 ගණන් දක්වා අපගේ පැවැත්මේ කේන්ද්‍රීය මෙවලමක් වූ සලාක පොත අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලාංකික පාරිභෝගිකයනට ආහාර සපයා දුන් සැපයුම් දාමයනට බරපතළ හානි සිද්ධවුයේ කොවිඩ් 19 වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා කෙටි දැනුම් දීමකින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්…

එක්සත් ජාතීන්ගෙන් ඉවත්වෙන්න සිතීමම විකාරයක් -තමාරා කුනනායගම්

මැයි 19 වැනිදා පැවැති රණවිරු සමරු උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළ කතාව, ලංකාවේ මෙන්ම විදේශවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබේ. ‘රටට අසාධාරණයක් වෙන ආකාරයට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම්, ඒවායේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමා කිසිවිටෙක පසුබට වන්නේ නැතැ’යි ජනාදිපතිවරයා එහිදී කීවේය. ‘ලෝකයේ බලවත්යැයි හඳුන්වන රටවල නායකයන් පවා…

ගෙවතු වගා රැල්ල – 2 ; දේශීය නිෂ්පාදකයා රැකගන්නේ කෙසේද ? (Video) – නිශාන්ත කමලදාස

අපි පහුගිය කොටසින් කතා කළා ‍ගෙවතු වගාව කියන ‍යෝජනාව මිත්‍යාවක්, ඒක මයාවක්, ඒක සුන්දර සිහිනයක් විතරයි කියන එක. ‍මේක එන්‍‍‍නෙ කො‍හොමද? ‍මේකට තල්ලුව ලැ‍බෙන්‍‍‍නෙ කොහෙන් ද කියලා දැන් අපි බලමු.  අපි දැන් හුදකලා ‍වෙලා ඉන්‍‍‍නෙ‍. ගෙවල් වලට ‍කොටු‍වෙලා ඉන්‍‍නෙ. රටක් හැටියටත් අපි හුදකලා ‍වෙලා ඉන්‍‍නෙ. අපි ‍බෝඩර්ස් වහලා ඉන්‍‍නෙ. පිටරටින් ‍ගේන බඩු එක්තරා ප්‍රමාණයකට සීමා…

ආහාර සුරක්ෂිතතාව සහ ස්වයංපෝෂිතබව – මහාචාර්ය රොහාන් සමරජීව

a දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ආහාර සැපයුම් ජාල පීඩාවට ලක්ව හෝ බිඳ වැටී හෝ ඇත. එවැනි තත්ත්වයක් තුළ ආහාර සුරක්ෂිතතාව ගැන කල්පනා කිරීම ස්වාභාවික හා අවශ්‍ය දෙයකි. එසේ වුව ද, ඒ පිළිබඳව බුද්ධිමත්ව හා සාක්ෂි මත පදනම්ව සිතා බැලීම වැදගත් ය. සියලූම ශ්‍රේණිගතකිරීම් සහ දර්ශකවල අඩුපාඩු ඇත. ඒවායේ පදනම සකසන දත්ත නිසා…

කොරෝනා රැලි – ගෙවතු වගා රැල්ල ( 1 කොටස ) – නිශාන්ත කමලදාස (Video)

කොවිඩ් 19 එක්ක පැතිරුණු වසංගය හමුවේ අපේ ජීවිතවල ලොකු වෙනස්කම් ඇති වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි, අපි හිතන පතන විදිහේ වෙනස්කම් ඇතිවෙලා තියෙනව. අනාගතය දිහා බලන විදිහෙ වෙනස්කම් ඇතිවෙලා තියෙනව. මේ අතරින් මම අද දවසේ කතා කරන්න කැමතියි – ගෙවතු වගාව ඉස්සරහට අරගෙන අපේ සමාජයේ යන කතිකාවක් පිළිබඳව. මොකද; ඒ විදිහට සකස් කරන මනස ඇතුළෙ…

ලොකුම පෝලිම් තිබුණේ බාර් ළඟ නෙවෙයි උකස් බඩු කඩ ළඟ. මාධ්‍ය ඒවා පෙන්නුවේ නෑ – රනිල්

රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  “කොරෝනා වසංගතය මුළු මහත් ලෝකයේම ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක සෘණ අගයක් ගන්නවා. ලංකාවේ තත්වයත් එසේමයි. අපේ ඇඟළුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායම 60%කින් පහත…

අප මිනිසුන් වී සිටින්නේ වයිරසවලට බියේ හැංගී සිටීමට නොවේ -අජිත් පැරකුම් ජයසිංහ

කොරෝනා සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කළ මර්දන උපායමාර්ගය යම් දුරකට සාර්ථක ය. රෝගය සමාජමය වශයෙන් ව්‍යාප්ත වීම වළක්වාගෙන, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා, හමුදාව යොදාගෙන නිරෝධායනය කරවමින්, බුද්ධි අංශ යොදවා වයිරස් ව්‍යාප්තියේ සුලමුල සොයමින්, මිලිටරි ස්වරූපයකින් හඹාගෙන ගොස් පහර දීම යම් දුරකට සාර්ථක ය. රෝගය මේ මට්ටමෙන් පවත්වාගෙන යමින් එම උපායමාර්ගය අනුගමනය කිරීම හොඳ ය. එහෙත්, තම කුඩා…

පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු “අවශ්‍යතාවේ මූලධර්මය” – ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය.. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට මතු වී තිබෙන අවශ්‍යතාව හේතුවෙන් නීතිමය බවට පත් කරනු ලැබේ. අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ 74 වගන්තිය පැහැදිලි කිරීමට යොදාගන්නා උදාහරණයකට අනුව එය මහා ගින්නක් තවදුරටත් පැතිරීම වළක්වාගැනීමට නිවාස කඩා බිඳ දැමීම වැනි ය. එහෙත් හානි…

කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි

‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි. මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට විශාල පිරිසක් එක්ව සිටියදී, තමන් කලින් ‘වීරයෙකුව සිටි’ බව සිහි…