පොහොට්ටු යුද්ධයෙන් ජිනීවා අර්බුදයට – තිසරණි ගුණසේකර

නීති විශාරදයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජී.එල්. පීරිස් මහාචාර්යවරයා තම දේශපාලන දිවියේ සැඳෑ’ සමය ගෙවනුයේ රාජපක්‍ෂ බැතිමතකු ලෙසය. ඔහුගේ දේශපාලන ස්ථාවරයන් තීන්දු වනුයේ රාජපක්‍ෂ අවශ්‍යතාවන් මතය. ඔහු කතා කරනුයේත්, ක්‍රියා කරනුයේත් රාජපක්‍ෂ නියමයන්ට අනුකූලවය. විමල් වීරවංශ ඇමතිවරයා හා පොහොට්ටුවේ ලේකම්වරයා ප්‍රමුඛ පිරිසක් අතර මේ දිනවල දිගහැරෙමින් පවතින වාචික-හා වාචාල- ගැටුමට ජී.එල්. පීරිස් මහතා ප්‍රවිෂ්ට…

හෘදසාක්ෂියට එකඟව වැඩ කළ ජීවකයාණෝ – ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී

දින කිහිපයකට පෙර සිදුවූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය  වෛද්‍යවරයකු, මුද්‍රණ ශිල්පයේ ව්‍යවසායකයකු හා දැක්මක් සහිත දේශපාලනඥයකුගේ  වර්ණවත් ජීවිතය අවසන් කළේය. වෛද්‍ය ප්‍රනාන්දු මහතා දේශපාලනයේදී ගත් සමහර ස්ථාවරයන් සමඟ මා එකඟ නොවන්නට ඇත, එහෙත් මෙම සමාජයේ යහපත උදෙසා ඔහු සිතූ දේ පසුපස හඹා යාමේ ඔහුගේ ධෛර්යය හා දැක්ම අගය කරන්නෙක් වෙමි. ඔහුගේ ජයග්‍රහණ කිහිපයක් සහ…

දේශපාලනයේ ආදර්ශයට ගතයුතු ඉරාන්ගේ කතාව – “ලංකාදීප” කතුවැකිය – 19/2

මෙරට සිටි කීර්තිමත්, රටට දැනෙන වැඩක් කළ වෛද්‍යවරයකු, ව්‍යවසායකයකු සහ තම හෘද සාක්‍ෂියට අනුව කටයුතු කළ ඍජු අදහස් තිබූ දේශපාලනඥයකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ නාමය මෙරට වෛද්‍ය අධ්‍යාපන ඉතිහාසය තුළ නොමැකෙන සළකුණක් සනිටුහන් වී තිබේ. අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව බොහෝ කරුණු කාරණා පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ…

|

ආයෝජන පිටුපාන ජැටිය

  කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ එකම හිමිකරුවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය බවට පත් වන්නේය යන නිවේදනය බොහෝ අය සතුටින් පිළිගත්හ. ඇතැම්හු සිය මතෘභූමියේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ද සැලකූහ. මෙම නිවේදයන කන වැකෙන තුරු අපගේ ජාතික දේපල විකිණීමට පෙළඹිය යුතු නොවන්නේ මන්ද යන්න ගැනත් රටේ ස්වෛරීභාවය හා ජාතික ආරක්‍ෂාව පවා අනතුරට ලක්ව ඇති බවත් කියවෙන…

එන්නත්කරණය: කාටද? කුමන පිළිවෙළකටද? – මහාචාර්ය රොහාන් සමරජීව

එන්නත්වල කාර්යක්ෂමතාව, අවදානම ආදිය පිළිබඳව අදහස් දැක්විය යුත්තේ ඒ ඒ විෂයයන් පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත උදවිය විසිනි. එසේ වුවද, ආර්ථික විද්‍යාව, නීතිය සහ තාක්ෂණය පිළිබඳ අන්තර් සම්බන්ධතාව තුළ කටයුතු කරන අයට ද, වැදගත් දායකත්වයක් කළ හැකි ය. එන්නත්කරණය කුමන ආකාරයේ භාණ්ඩයක්ද? යම් රටක යම් නිශ්චිත මොහොතක තිබෙන එන්නත් තොගය සීමා සහිතය. එන්නත් කුප්පි යනු මුදලට…

දේශපාලන අවියක් ලෙස බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය – හර්ෂ ගුණසේන 

දේශපාලන අවියක් ලෙස බොරු දේශප්‍රේමය සහ ජාතිවාදය – හර්ෂ ගුණසේන 

  ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඒකාධිපති හෝ දේශපාලන නායකයෝ පොදුජන විඥානය කෙරෙහි නිර්මාණාත්මක ලෙස සමාජය නගා සිටුවීම සඳහා හෝ  විනාශකාරී ලෙස හෝ බලපෑම් කිරීමට උත්සාහ කරති. නෙල්සන් මැන්ඩෙලා පළමු වර්ගයට අයත් වන අතර හිට්ලර් දෙවන වර්ගයට අයත් වෙයි. මෙම බලපෑම් සමස්ත රටේ  අභිවෘද්ධිය උදෙසා වේ දැයි ජනතාව සිහි කල්පනාවෙන් සිටිය යුතුය. පොදුජන විඥානය කෙරෙහි  විනාශකාරී…

ඉන්දියාවට ECT කොටස් දීමෙන් ස්වෛරීත්වයට හානියක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

ඉන්දියාවට ECT කොටස් දීමෙන් ස්වෛරීත්වයට හානියක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාවට ඉඩ ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක් සිදු නොවන බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. “මගේ මතය, විදේශ ආයෝජනයක් අවශ්‍යයයි. සම්බන්ධතා දර්ශක අනුව අපි ඉන්නෙ පළවෙනි විස්සෙ. මේ තත්වය අපට ලැබිලා තියෙන්නෙ ඉන්දියාවෙන් ලැබෙන බහාලුම් නිසා. මේක ඉන්දියාව නැතිව අපට කරන්න බැහැයි කියලා මම කියන්නෙ නෑ. භූ…

ඇමෙරිකාවේ සිදුවීම්, සයිබර් අවකාශයේ ආරක්ෂාව හා අපට විවර වී ඇති කවුළුව –   මහාචාර්ය රොහාන් සමරජීව

ඇමෙරිකාවේ සිදුවීම්, සයිබර් අවකාශයේ ආරක්ෂාව හා අපට විවර වී ඇති කවුළුව – මහාචාර්ය රොහාන් සමරජීව

ඵලදායි ප්‍රතිපත්ති මැදිහත්වීමකට ලැබෙන අවස්ථා හඳුන්වනු ලබන්නේ ප්‍රතිපත්ති කවුළු වශයෙනි. වසංගතයකින්, ව්‍යසනයකින් හෝ ආන්දෝලනාත්මක සිද්ධියකින් මතුවන අවස්ථා අනපෙක්ෂිත ය. එසේ වුව ද, විශේෂයෙන් යම් නිත්‍ය කාලසටහන් අනුව මැතිවරණ පවත්වන රටවල, ඇතැම් ප්‍රතිපත්ති කවුළු ගැන අනාවැකි කිව හැක; ඒවායින් ප්‍රයෝජනයක් ගැනීමට කල් ඇතිව සූදානම් විය හැක. එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයෙකු රාජකාරි ආරම්භ කරන අවස්ථාව ප්‍රතිපත්ති කවුළුවක්…

ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම්…

රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) – අජිත් පැරකුම් ජයසිංහ

රන්ජන් රාමනායක නීතිමය වශයෙන් වරදක් කර තිබෙන බවට අර්ථ නිරූපණය කළ හැකිය. නීති ද අර්ථ නිරූපණ වේ. මේ අර්ථ නිරූපණ කාලෙන් කාලෙට වෙනස් වේ. උදාහරණයක් ලෙස, අතීතයේ පැවති නීතිමය අර්ථ නිරූපණය අනුව මුස්ලිම් ජාතිකයෙකුට ඕනෑම ළමයකු කසාද බැඳිය හැකිය. වර්තමානයේ එම නීතිය වෙනස් කර, මුස්ලිම් ජාතිකයන් ඇතුළු සියලුදෙනාට විවාහ වන නීතිමය වයස අවුරුදු 18ක් බවට…

සිංහල බෞද්ධ ජාතිවාදයේ උභතෝකෝටිකය – හර්ෂ ගුණසේන

බුදු සමයෙන් හික්මවනු ලැබූ මෙරට සිංහල බෞද්ධයෝ වාර්ගික සම්බන්ධතා විෂයෙහි ලා සියවස් ගණනාවක් මුළුල්ලේ විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. මෙකල ජාතික නායකත්වය සඳහා ජන වර්ගය, ආගම සහ කුලයද සාධක ලෙස සැලකෙන නමුත් ඉතිහාසයේ ජනතා අනුමැතිය සහිතව රාජ්‍යය කළ  විවිධ ජනවර්ගයන්ට අයත් නරපතියෝ සිටියහ. බලයෙන් රාජ්‍යය අත්පත් කරගත් ආක්‍රමණිකයන් ද මෙරට රජ කල නමුත් ඔවුහු ආක්‍රමණිකයෝ නොවූහ….

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව
|

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ…