|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුවට අකැප ඇයි ? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය  සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙක ම 1944 එක ම දිනක අමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා ගනු ලැබී ය.න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ක්‍රියාකාරිත්වය පවතින ක්ෂේත්‍ර  වන්නේ, මූලික වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ක්‍රියාකාරිත්වය සහ මුල්‍ය ස්ථාවරත්වය…

සීනි කොරෝනා පොකුරු – අනුර කේ එදිරිසූරිය 

  1970-77 සිරිමා බණ්ඩාරනායක පාලන සමය හැඳුන්වූයේ ” පෝළිම් යුගය ” යනුවෙනි. වත්මන් තරුණ පරපුරට ආගන්තුක නමුත් එකල : හාල් පෝළිම් , පාන් පෝළිම් ආදි බොහොමයක් පෝළිම් තිබුණි. පෝළිම් යුගය සිහියට නැඟුණේ ඊයේ පෙරේදා සීනි පෝළිම් දැකීමෙනි. මේ මෑත කාලයේ අප දුටු පළමු පෝළිම නොවේ. ආසන්නතම පෝළිම ගෑස් පෝළිමය. ආණ්ඩුවට හිතවත් චනල්වල ජනයා සීනි දුන්නාට…

|

ආණ්ඩුවේ බඩු මිල පාලනය අතීසාරයට අමුඩ ගැසීමකි – සී ජේ අමරතුංග

මේ ආණ්ඩුව පැමිණි දා සිට ම බඩු මිල පිම්මේ ඉහළ  යන බව ඉතා පැහැදිලි කරුණකි. මේ වනවිට සහල්, සීනි, පරිප්පු, හාල් මැස්සන්, කරවල, එළවළු, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලෙහි මිල පිම්මේ ඉහළ ගොසිනි. වසර දෙකකට පෙර රුපියල් 85 ට තිබු සීනි කිලෝව දැන් රුපියල් 220 කි. ලසන්ත අලගියවන්න ඇමතිවරයා කියා තිබුණේ එයට කරන්න දෙයක් නැති බව…

|

තටුවේ එල්ලි රට පනින ඔවුන් හා බෝට්ටුවෙන් ඉතාලි යන අපි – ධනනාත් ප්‍රනාන්දු

                        මා විදේශ රටක සංචාරය කළ අවස්ථාවක මට ඇෆ්ගනිස්තාන මිතුරකු හමුවුණා. ඒ වසර 5කට තරම් ඉහතදී. ඇෆ්ගනිස්තානය කොතරම් සුන්දර රටක්ද කියා ඔහු මට පැහැදිලි කළා. සංචාරයෙන් පසුව මාගේ මිතුරා කියූ දේ තහවුරු කර ගැනීමට මා “The kite runner” චිත්‍රපටය නැරඹුවා. මගේ මිතුරා තවමත් ඇෆ්ගනිස්තානයේ…

|

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නොදන්නා ළමා ආරක්ෂණය – නිශාන්ත කමලදාස

ළමයින්ගේ ආරක්ෂණයේ දී වැදගත් ම කාර්යයක් වන්නේ ලිංගික අපයෝජනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම ය. ඒ එවැනි අත්දැකීම් ඉතාමත් දැඩි ව ඔවුන්ගේ අනාගතයට බලපාන නිසා ය. එතැනින් නොනැවතී සමාජයට ද එහි අතිරික්තයන් උතුරා යන නිසා ය. මේ ගැන කරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන වැදගත් ම කාරණය නම් ඔවුන් අපයෝජනයට ලක් වන්නේ ඔවුන්ගේ ම ආරක්ෂකයන් අතින් බව ය….

කැබිනට් කොට්ට මාරුවේ අරුත – සී ජේ අමරතුංග

ජනාධිපතිතුමා පසුගියදා තමන්ගේ ඇමති මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීම සාකච්ඡාවට ලක් වේය යුතු සිදුවීමකි . කලින් බොහෝ දෙනා  පුරෝකථනය කොට තිබු ආකාරයේ විශාල ඇමති මණ්ඩල වෙනසක් එහි දී සිදු වුයේ නැත. එමෙන් ම ජනාධිපතිතුමා මෙම ඇමති මාරුව සිදු කිරීමට හේතුව නැතහොත් එහි අරමුණ තේරුම් ගැනීම වැදගත් වන්නේ ආණ්ඩුවේ හදිසි අවශ්‍යතා මෙන් ම දේශපාලන වර්ධනයන් පිලිබඳ ඉඟියක්…

පරාක්‍රම සමූද්‍රයේ වෝකින් ට්‍රැක් එක ; අටුව කඩා පුටුව හැදීම – නිශාන්ත කමලදාස

පරාක්‍රම සමූද්‍රයේ බැම්ම මතින් ඇවිදින මං තීරුවක් දැමීමට කටයුතු කොරෝනා සංචරණ සීමා මැද්දේ ම ලහි ලහියේ ආරම්භ කර තිබේ. මේ ගැන පක්ෂව ද විපක්ෂව ද කරුණු ඉදිරිපත් කෙරෙමින් තිබේ. ඉහත සටහනෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳව දක්වන මහජන විරෝධයේ ස්වභාවයයි. ඒ ගැන විමසුමක් කරන කෙනෙකුට සළකා බැලීමට පැති කීපයක් ඇත. එකක් මේ මංතීරුව ඉදිකිරීමේ දී පරාක්‍රම සමූද්‍රයේ…

ජනාධිපති ජාතියට දැමූ “ජාතිය” – සී ජේ අමරතුංග

ජනාධිපතිතුමා පසුගිය දා ජාතිය අමතා කතා කළේ රට වහන බව කියන්නට ය. කෙසේ වෙතත්, ඒ වනවිට වෙළෙඳ ප්‍රජාව සහ මහජනයා රටේ නගර සියයකට වඩා වසා දමා තිබිණි. රට වසන ලෙස හැම අතින් ම බලපෑම් එල්ල වී තිබිණි. ආණ්ඩුවේ පක්ෂ දහයක් ද එම ඉල්ලීම කර තිබිණි. මහා නායක හිමිවරු ද ජනාධිපතිට ලිපියක් යොමු කළහ. ජනාධිපති රට…

වැටුප් පරිත්‍යාගය  – අනුර කේ එදිරිසූරිය 

  මාසයක වැටුප් පරිත්‍යාග කිරීම මේදවස්වල ජීවන වියදමටත් ඉහළින් යන මාතෘකාවකි. කැබිනට් මණ්ඩලය එක් මසක වැටුප පරිත්‍යාග කරන්නට එකපයින්ම සූදානම්ය. ශ්‍රීලනිපයේ දාහතරකින් යුතු මන්ත්‍රී කට්ටලය රුපියල්  ලක්ෂය බැගින් සභාපති සිරිසේනට බාර දෙනු ප්‍රවෘත්ති විකාශවල  පෙනුණි. රාජ්‍ය ඇමැති කෙනෙක් කියනු පෙනුණේ අප්පොච්චියේ මටනම් දෙන්න බැරියෝ පඩියම ණයට කැපෙනවා යනුවෙනි. ඩිලානුත් මුළුමනින්ම නොව අඩක් දෙන්නට සූදානම්ය. සමගි…

විසඳුම් වෙනුවට මහජනයාට සීනි බෝල දීම – ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති කිශු ගෝමස්
|

විසඳුම් වෙනුවට මහජනයාට සීනි බෝල දීම – ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති කිශු ගෝමස්

  මේ රටේ ආර්ථික අර්බුදය අදක ඊයේක ඇතිවූවක් නොවේ. මේ නිසා ආර්ථිකය යළි ගොඩ ගැනීම සඳහා රැඩිකල් තීන්දු ගැනීමේ අවශ්‍යතාව ඉහළ මට්ටමක පැවැතියේය. එහෙත් ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ නව ආණ්ඩුව බලයට පැමිණ කිසියම් තීන්දු සංඛ්‍යාවක් ගනිමින් සිටින විටය. ආර්ථිකය පැවැතියේ කවර පක්ෂයක් බලයට පැමිණියත් කිසියම් මාර්ගයක් පෙන්වා දියුණු කළ හැකි සරල තත්ත්වයක ද නොවේ….

හදිසියේ ම සමුගත් මංගල – නිශාන්ත කමලදාස

දේශපාලනඥයෙකු මිය ගිය අවස්ථාවල මා සැලුණේ නම් ඒ දේශපාලනඥයන් දෙදෙනෙකු ගැන පමණ ය. පළමුවැන්නා විජය කුමාරතුංග ය. දෙවැන්නා මංගල සමරවීර ය. මංගල සමරවීර ගැන අපේ බ්ලොග් අඩවියේ සටහන් දෙකක් ම ඇත. තව සටහන් ගණනාවක ඔහු ගැන සඳහන් කර ඇති තැන් ද බොහෝ ය. ඒත් අද ලියන්නට සිදු වන්නේ අපෙන් සමු ගත් මංගල ගැන ය. ඔහු…

|

වෙළෙඳපොළ මිල පාලනය නිසා හිඳෙන කිරි – ධනනාත් ප්‍රනාන්දු

මගේ මතකයේ තදින්ම සටහන් වුණු වෙළෙඳ දැන්වීමක් තිබෙනවා. ඒ තමයි පොඩි දරුවෙක් හඳ දිහා බලාගෙන “අම්මේ මට හඳ අල්ලන්න ඕන, හඳ මගේ ළඟට ගෙනැල්ලා දෙන්න කියලා’ මොරදෙමින් අඬනවා. අම්මා “මම කොහොමද පුතේ හඳ ගෙනැල්ල දෙන්නේ?, ඒක තියෙන්නේ ගොඩක් ඈතනේ’’ කියල පුතාට තේරුම් කරන්න හැදුවත් පුතා හඳ හාමිව අල්ලන්න ඕන කියමින් යටිගිරියෙන් කෑ ගහනවා. දරුවාගේ තාත්තා…