මිරිඟු දියෙන් නාමින් ගෙවුණු වසරක් – තිසරණි ගුණසේකර
69 ලක්ෂයක බලාපොරොත්තු මතින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පියනගා වසරක් ගතව ඇත. ගෙවුණු වසර තුළ තම දේශපාලන න්‍යාය පත්‍රයේ මූලික කරුණු සියල්ලම වාගේ සාක්ෂාත් කරගැනීමට රාජපක්ෂවරුන් සමත් ව තිබේ. රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක් බලයක් හිමිය. 20 වන සංශෝධනය යථාර්ථයක් වී හමාරය. ජනපති, අගමැති ධුරයන්ද ඇතුළුව බලගතු…
