ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය ! – ඉකොනොමැට්ටා ( LNW )

  ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා…

මෙහෙම මෝඩකම් කරන්න පුළුවන්ද කියල හිතාගන්නවත් බෑ – පාඨලී චම්පික රණවක

කවුරුත් දන්නවා 14 ටයර් අද වෙළඳ පොළේ නෑ. කවුද අපහසුතාවයට පතවෙලා තියෙනනෙ? ඩිමො බට්ටා. එතකොට කවුද ඩිමො බට්ටා කියනනෙ? මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථිකයෙ පධාන කොඳුනාරටියක් තමයි මේ ප්‍රවාහණයට යොදන ඩිමො බට්ටො. පධාන බැංකු දෙකේ අද ඩොලර් නෑ. මොකද තෙල් බිල ගෙවන්න එල්.සී. ගෙවල. ඊළඟට පසුගිය මාස දොළහෙ සල්ලි අච්චු ගහල තියෙනව බිලියන…

|

රසායනික පොහොර ආනයන තහනම ; විජ්ජා නොපෙන්වා විද්‍යාත්මකව බලමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

කෑගල්ලෙන් පටන් ගත් පැණියේ කතාව විජ්ජාවක් බව පසුගියදා අනාවරණය විය. විද්‍යාත්මක පර්යේෂණ වලින් පසු එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවේ යයි සනාථ වී ඇති නිසා, මෙම ආන්දෝලනය නවතිනු ඇතැයි සිතමි. විජ්ජාව පරදා විද්‍යාව ජයගැනීම සැනසීමට කරුණකි. එය අනාගතය පිලිබඳ හොඳ පෙර නිමිත්තකි. මිත්‍යාව සහ අවිද්‍යාව වැඩි කල් පවතින්නේ නැත. අවිද්‍යාව සහ මිත්‍යාව වැළඳගෙන ආරූඪ කරගත් ආත්ම…

පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම සෞභාග්‍යයේ දැක්මට පටහැනියි , දෝෂ සහිතයි – මහාචාර්ය රොහාන් සමරජීව

සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට  සහ ඊට සම්බන්ධ ක්ෂේත්‍රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය. 20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන්…

වරාය නගර විවාදය, කුහකත්වය සහ වැරදි වසාගැනීම – මහාචාර්ය රොහාන් සමරජීව

කුහකකම “එක රටක්, එක නීතියක්” යන සටන් පාඨය තදින් ඉදිරිපත් කරමින්, එවකට පැවති රජය සහ සුළුතරයන් යක්ෂ වෙස් ගන්වා පෙන්නුම් කළ දේශපාලන සන්ධානයක්, වරාය නගර සංවර්ධනයේ දී එය රටේ පවතින බොහෝ නීති සහ බහුලව ඇති භාවිතයන්ගෙන් නිදහස් භූගෝලීය ප්‍රදේශයක් ලෙස නිර්මාණය කිරීමට යෝජනා කිරීම කුහකත්වයකි. සුළඟ වැපිරූ අයට අස්වැන්න ලෙස කුණාටුවක් ලැබී ඇත. රටට අවශ්‍ය…

යහපාලනය තවමත් ජීවමානය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලංකාව සිංගප්පූරුවක් කිරීමට ජනතාව ඒකරාශී කළ හැකිවේ. එහෙත් ලී ක්වාන් යූ කෙනෙකු සොයා ගත හැකිද? 2015දී යහ පාලනය ජයග්‍රහණය කරවූ සිවිල් සමාජ ව්‍යාපාරයේ දේශපාලනයක් තිබුණේම නැත. යහ පාලනය පොළොවේ පැළ කිරීමට භාර ගත් රනිල්-සිරිසේන ඩබල තමුන්ද විනාස වෙමින් රාජපක්‍ෂලාට ඉඩ සැලසූහ. ඊට හේතුව යහ පාලනය පිළිබඳ සිවිල් සමාජය තුළ පවත්නා අවබෝධය විශ්වාසය සහ ගෞරවය 38…

වරාය නගර පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි – අජිත් පැරකුම් ජයසිංහ

  පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය යනු අතීතයට අයත් දේ ය. ප්‍රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපය තුළට ඇතුළු වීමයි!!! ආණ්ඩු විරෝධීන් මොන බයිලා…

නව ලිබරල්වාදයට නව විවේචනයක් අවශ්‍යය – ජයදේව උයන්ගොඩ,

‘නව-ලිබරල්වාදයට විරුද්ධව සටන් කරමු’ යන්න මෑත කාලයේ ලෝකයේ බෙහෙවින් පැතිරුණ දේශපාලන සටන් පාඨයක් විය. ලංකාවේද වාමාංශික සහ රැඩිකල් කණ්ඩායම්වලට සීමා වී තිබුණ එය දැන්, පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික සහ ජාතිකවාදී නැඹුරුවක් ඇති කණ්ඩායම් අතර පැතිරී තිබෙන සටන් පාඨයකි. ජවිපෙ දේශපාලන කතිකාවෙහිද, එම සටන් පාඨයට මෑත කාලයේ පටන් නව අවධානයක් ලැබී තිබෙන බව පෙනේ….

|

පෝර්ට් සිටි ව්‍යාපෘතිය බුදුදහමට අනුකූලද ? – ධනනාත් ප්‍රනාන්දු 

අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින් දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුව​න්.  අද කතාව ‘Port City’ ගැන. මං මේ ලඟදි කෝච්චියෙ එ​න ගමන් දෙන්නෙක් ලොකු කතාවක මේ Port City එක ගැන. කතාවෙන් තේරුණ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ. ‘අපේ…

අරුන්දික ප්‍රනාන්දුට තර්කයක් ඇත – මහාචාර්ය රොහාන් සමරජීව

පොල්, කිතුල්, තල්, රබර් වගා ප්‍රවර්ධන සහ සම්බන්ධ කාර්මික නිෂ්පාදන සහ අපනයන විවිධාංගීකරණ  රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු නීති විරෝධි මත්පැන් සුළු වශයෙන් නිෂ්පාදනය කරන්නන් ගැන ලිහිල් ලෙස ක්‍රියා කරන්නැයි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගෙන් ඉල්ලා සිටීම වැරදි ය. සහකාර පොලිස් අධිකාරී පෙරේරා නිවැරදිව පෙන්වා දුන් පරිදි නීති කඩන්නන් අතර සුළු පරිමාණ කවුද? එසේ නොවන්නේ කවුද?…

මැතිවරණ කොමිසමේ  “සංස්කෘතික පොලිස්” භූමිකාව –  ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි පක්ෂ වල නමෙහි හෝ ව්‍යවස්ථාවේ එවැනි සඳහනක් ඇත්නම් එවැනි  සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා වෙනස් කල යුතුය. එසේ නොකළහොත් එවැනි පක්ෂවල ලියාපදිංචිය අවලංගු වන වන බව එයින් ගම්‍ය වේ. මැතිවරණ…

|

අර්ථශාස්ත්‍ර 3: ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටද? ( 2 කොටස ) – රොහාන් සමරජීව

වර්තමානයේ, ශ්‍රී ලංකා රාජ්‍යය බොහෝ දේ නරක ලෙස කරයි. ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදී පවා, පිළිවෙලකට එන්නත ලබාදීම සඳහා සූදානම් වන්නට මාස ගණනක් ලැබී තිබුණත්, එන්නත පිළිවෙලකට ලබාදීමට රජය අසමත් වී තිබේ. පොදු ප්‍රවාහනය සංවර්ධනය කිරීම අමතක කර දමා ඇති එය අධිවේගී මාර්ග ඉදිකරයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බොහෝ දේ හොඳින් කරන රාජ්‍යයකි. අවම වශයෙන්, රාජ්‍යය…