ෆැසිස්ට් කුමන්ත‍්‍රණයක්! – භාතිය බරුකන්ද

ගිය කාලය තුළ අඛණ්ඩව අවධාරණය කළ කරුණක් වූයේ පරාජිත රෙජිමයේ සැලසුම වන්නේ ආණ්ඩුව අර්බුදයකට ලක් කොට බලය අල්ලා ගැනීම වෙනුවට ‘‘රාජ්‍ය අර්බුදයකට ලක්කර බලය අල්ලා ගැනීම’’ බවයි. මැකිවරණයක් මගින් සිදුවන හුදු බල හුවමාරුවකට වඩා ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩු මාරුවෙන් ඔබ්බට ගිය බලාධිපත්‍යක් යළි රට තුළ තහවුරු කිරීම බවයි අපට පැහැදිලිව පෙනී යන්නේ. මේ තත්ත්වය අපට…

ජනතා ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග

 රාජාංගනය වැවේ ජ‍ලයෙන් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවයක් ප්‍රචණ්ඩකාරී වීම නිසා පනස් එක්දෙනෙකුට දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කරන්නටද සිදුවිය. පසුව වාර්තා වූයේ මෙය කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද බවයි. ඔවුන් මේ ගොවි ජනතාවට කියා ඇත්තේ පානීය ජල ව්‍යාපෘතිය නිසා ගොවිතැනට ජලය මදිවන බවයි. කෙසේ වෙතත් පසුව හෙළිදරව් වූයේ පානීය ජල ව්‍යාපෘතියට…

නිතිය හා සාමය රන්ජිත් මද්දුම බණ්ඩාරට

තිය හා සාමය පිළිබද කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.

දේශ ද්‍රෝහීන්ගේ ගොඳුරු නොවී බුද්ධිමත්ව කටයුතු කරන්නැයි අගමැති සියලු දෙනාගෙන් ඉල්ලයි.

ජාතිවාදය මතින් තම අරමුණු ඉටු කර ගැනීමට මාන බලන දේශ ද්‍රෝහීන්ගේ ගොඳුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(06) දින පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. රට තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයේදී ඉතා ඉවසිලිවන්තව හා…

ව්‍යාපාරයක් ම නොවන ව්‍යාපාර – නිශාන්ත කමලදාස

 බසයකට ගොඩ වැදුනොත් බොහෝවිට මුණ ගැහෙන චරිතයක් තිබේ. ඒ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෙකි. ඔහු බොහෝවිට ව්‍යාපාරය ගෙනියන්නේ තනිවම ය. නිශ්පාදනය හා අලෙවිය දෙකම කරන්නේ ඔහු ම ය. වරෙක ඔහු විකුණන්නේ හඳුන්කූරු ය. ඒ බැලූ බැල්මට ය. එහෙත් ඔහු දක්ෂ අලෙවි කරුවෙකි. හඳුන්කූරු ගන්නට කැමැත්තක් නොදක්වන අයට ඔහු හෙමින් සීරුවේ ඔහුගේ දුක ද විකුණන්නේ ය. සිය පවුල…

ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලූත් බයිලාව – සුරනිමල උමගිලිය

පසුගිය පෙබරවාරි 27 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය වශයෙන් පළවූ ‘‘ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවුලක’’ නැමැති ප‍්‍රවෘතියට ප‍්‍රතිචාර දක්වමින්, ලසන්ත වික‍්‍රමතුංගව තිරිසන් ලෙස ඝාතනය කර දැමූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා වූ ද, ඝාතනයෙන් ටික දිනකට පසු ‘‘ලසන්ත කියන්නේ කවුද?’’ මැයෙන් බී.බී.සී. ගුවන් විදුලියට කුප‍්‍රකට සම්මුඛ සාකච්ඡුාවක් දුන්නා වූ ද ගෝඨාභය රාජපක්ෂ, සටකපට…

“හොස්ටල්” සයිටම් සහ අන්තරය – සම්පත් අමරසිංහ

  ‘හොස්ටල්’ යනු ඉන්දීය චිත්‍රපටයකි. එහි නිරූපණය කෙරෙන්නේ එරට විශ්වවිද්‍යාලයක තත්ත්වයයි. චිත්‍රපටයේ කතාව සැකවින් මෙසේය. නවක ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට පැමිණේ. ඔහු නේවාසිකාගාරයේ කාමරයට යන විට එතුළ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකි. ඔවුහු නවක සිසුවාට අඩම් තෙට්ටම් කරති, ලිංගික හිරිහැර පවා කරති. කප්පම් ගනිති. නවක සිසුවා ඔවුනට විරුද්ධ වීමට උත්සාහ කළ ද ඔහුගේ බැචන් නැතහොත් සමකාලීන සිසුන් අනුගමනය කරන්නේ…

|

වෙන්ව යන බව පොහොට්ටුව කියයි; එජාප ප්‍රතිසංවිධානය කමිටු තුනකින්

  යහපාලන ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය පසුගිය ඉරිදා සිදුකරනු ලැබුවා. කැබිනට් ඇමැතිවරුන් හයදෙනෙක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙක් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා කීවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ යම් කිසි ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව පෙනීගිය බවයි. එයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමැති තනතුරුවල සංශෝධනය මෙදින…

කැබිනෙට් සංශෝධනය මොකටද ? – අකුරැස්සේ වින්සන්ට් ප්‍රනාන්දු

කැබිනට් සංශෝධනය නැවත වතාවක් ආණ්ඩුවේ අර්බුදය වෙනත් මුහුණුවරකට විතැන් කර ඇති බවයි පෙනෙන්නෙ. කැබිනට් සංසෝධනය ගැන අප්‍රසාදය පළ කරන දෙපිරිසක් දක්නට ලැබෙනව. එක් කොටසක් තමයි එක්සත් ජාතික පක්යෙ මන්ත්‍රි පිරිස. අනිත් පිරිස සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු ජනතාව. රවී කරුණානායක මන්ත්‍රිවරයා කියා තිබුණෙ එය විහිළුවක් නැත්නම් ‘ජෝක් එකක්’ බවයි. පාලිත රංගෙ බණ්ඩාර විරෝධය පල කර තිබුණේ පුත්තලමේ…

අවස්ථාවාදීන්ගේ කැබිනට් මේනියාව – භාතිය බරුකන්ද

“ජයග්‍රාහකයාට පියවර සියයයි – පරාජිතයා අවජාතකයි” කියලා කතාවක් අප අතර තිබෙනවා. මේ කතාව දේශපාලනයේදී තරම් වෙන කිසිදු තැනක ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි දැකිය හැකි වන්නේ. එය මිනිසා දේශපාලනය ආරම්භ කළ දා සිට අඛණ්ඩව, සෑම තැනම ක්‍රියාත්මක වෙනවා. එහෙත් ප්‍රශ්නය වන්නේ “ආඬි කැඳ ඉව්වා වාගේ ” වැඩ කරලා අවසානයේ “වාසි පැත්තට හෝයියා” කියන අවස්ථාවාදීන් බහුල ලංකාවේ…

යහපාලනයට මොකද වුණේ ?- ගාමිණී වියන්ගොඩ

පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව වැනි පක්ෂයක් ඉහලට එම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතුයි .මෙය යහපාලන ආණ්ඩුවේ පරාජයක් සහ යහපාලන ආණ්ඩුව පිළිබද අවුරුදු තුනක් තිස්සේ රටේ ජනතාව තුල ඇති වූ කලකිරීමක් නිසා එයට විරුද්ධව ලබා දුන් ඡුන්දයක් ලෙස දකින්නට පුළුවන්. කුමන සංඛ්‍යා ලේඛන පදනම් කර ගත්තත් මෙය පරාජයක් .අවශ්‍ය නම් අපට පුළුවන් සංඛ්‍යා…

|

ජනමතය – සී. ජේ. අමරතුංග

 දැන් සියලු දේශපාලන නායකයන් කතා කරන්නේ ජනමතය පිළිබඳවය. පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ ප්‍රතිඵලය අනුව පරිපාලනයේ හා ආණ්ඩුවේ වෙනස්කම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනමතය තේරුම්ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය. ඇමැති මණ්ඩලයේ වෙනසක් ද සිදුකළේ නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැති අතට ගනිමිනි. වහාම ක්‍රියාත්මක…