අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්රකාශයක් 2017/11/30
රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට කිසිදු බලපෑමක් නොවූ අතර සුපුරුදු පරිදි ඊයේ (30දා) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙනි. අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණද ඊයේ දින පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැතිණි. එසේ වැඩිපුර පැමිණ සිටියේ…
