ඉස්පිරිතාලත් දැන් ඉස්මාට් වෙලා හලෝ

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින්  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්. කොහේද? පිටරටක ද? නැහැ. ලංකාවේ. පෞද්ගලික රෝහලක වෙන්න ඇති. නැහැ රජයේ රෝහල්වල….

|

නව ආරක සුරංගනා කතාවක් – නිශාන්ත කමලදාස

අපේ වීරයා තමාට සපයා ගත හැකි සියලු ආරක්ෂක විධිවිධාන මැද්දේ සුරක්ෂිතව සිටිය ද, පරිවාර රථ හා සේනා සහිතව ගමන් බිමන් ගියේ වුව ද, තම ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වසා දමන්නේ වුව ද, අවශ්‍ය වුවහොත් අප වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට තරම් කැප වීමක් ඇති කෙනකු බව අපි හොඳින් ම දනිමු. එසේ, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිතය…

2010-2015 ජනපතිවරණවල දී පොදු දේපළ අවභාවිත කළේ මෙහෙමයි

වකට පැවැති ආණ්ඩුව පොදු සම්පත් අයථා ලෙස, අනීතික ලෙස තම මැතිවරණ ක්‍රියාවලියට උපයෝගී කරගත් බවට ලිඛිත සාක්ෂි මේ ලිපිය මගින් ඉදිරිපත් කරනවා. ‘රජයේ අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නා සහ රජය නඩත්තු කරන සහ අයිතිය පැවරී ඇති නිශ්චල හෝ චංචල ඕනෑම මාදිලියක දේපොළක් ‘පොදු දේපොළ’ ලෙස’ අර්ථ දැක්වෙන බව 2010 පොදු සම්පත් අයථා පරිහරණය පිළිබඳ සිය නිරීක්ෂණ හා විශ්ලේෂණ ඇතුළත් වාර්තාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය…

|

පරම බලය – නිශාන්ත කමලදාස

පරම බලය දුන් විට නැවත ගැනීම අමාරු ය. ඒ නිසා ම පරම බලය ගොඩ නැගෙන්නට අප විසින් අවසර නොදිය යුතු ය. ඉඩ නොහල යුතු ය. එය නිල්පාටින්, කොළ පාටින්, දම් පාටින් කුරහන් පාටින් හෝ රතු පාටින් වුව එහි වෙනසක් නැත. එය කුමන පාටකින් හෝ ගොඩ නැගීමට අප ඉඩ නොදිය යුතු ය. අපට අවශ්‍ය වන්නේ තමන්…

|

ජනාධිපතිවරණ ගනුදෙනුව – නිශාන්ත කමලදාස

අපට ලොකු ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නම් අප ඒ සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ බලයට පත් වූ පසු බලපෑම් ඇති කිරීම හරහා ය. බලයේ ඉන්නේ බාප්පොච්චී වුව ද හරි දේට හරි යැයි ද වැරදි දේට වැරදි යැයි කීම හරහා ය. වැරදි දේ කරන අය වර්ජනය කිරීම හරහා ය. එවැනි සක්‍රීය ජනතාවකට පමණක් රට වෙනස්…

|

අප කුමන ආගමේ ද? -නිශාන්ත කමලදාස

දෙවියන් වැඩ හිඳින්නේ දේවාලවල නොවේ. කුඹුර කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ය. බෞද්ධයන් ඉන්නේ ද පන්සල් දේවාල අසපු ආරණ්‍ය ආශ්‍රිතව නොවන්නට ඒ නිසා ම ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් ඇත්තේ සාමාන්‍ය මහජනයා අතර ය. අනේක දුක් කරදර දරා සිටින කඨෝර දිවි මග තුළ ය. ඔවුන් බොහෝ බෞද්ධයන් මෙන් පිරිත් නූල් දුසිම්…

|

නොපෙනෙන දෙවියන් හා පෙනෙන දෙවියන් – නිශාන්ත කමලදාස

දේශපාලන දෙවියන්“ අපට සරණ වූවාට ඔවුන් ද සරණ පතා ඇතැම් විට යන්නේ අප සරණ පතන අතීත දෙවියන් ළඟට ම ය. නොපෙනෙන දෙවියන් ළඟට ම ය. ඇතැම් විට ශ්‍රීපති කෝවිලට ය. සමහර විට කතරගම දෙවොලට ය. නැතිනම් රත්නපුරේ මහ සමන් දේවාලයට ය. විෂ්ණු කෝවිලට ය. කන්දේ දේවාලයට ය. එහෙම බැලුවහම තාමත් හැබෑ වැඩකාරයා වන්නේ මේ නොපෙනෙන…

|

ව්‍යාජ දේශප්‍රේමය – ‘’යුද්ධය මිනිසා සංවේ දී මානවයකු නො කරයි. එය මිනිසා තිරිසනකු බවට පරිවර්තනය කරයි” – ආචාර්ය සුනිල් රණසිංහ

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය. ශරීරය අභ්‍යන්තරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පවතින වග මහලු මිනිසෙක් සිය…

|

ගින්න හා දුම – නිශාන්ත කමලදාස

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද…

|

මුහුණු දෙකක පරතරය – නිශාන්ත කමලදාස

එක වේදිකාවක ඉන්නේ වංචාව හා දූෂණය මැඩලන්නට අඩි හප්පා පොරොන්දු දෙන අපේක්ෂකයෙකි. බලය තිබුණු කාලයේ ඔහු අල්ලාගත් වංචාවක් දූෂණයක් නැත. අඩි හප්පා පොරොන්දු දෙන මුහුණත් වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිත් නොකර මග හැර ගිය මුහුණත් එකක් නොව දෙකකි. බලයේ සිටි කාලයේ ඒ වෙනුවෙන් කළ කිසිත් නැති නිසා මිනිසුන් ඒ ගැන විමසුවොත් දෙන්න උත්තර ද කප්පරක් තිබේ….

අධ්‍යාත්මික වංචනිකයෝ – ආචාර්ය සුනිල් රණසිංහ

වංචනික ආත්මීය ගැලවුම්කරුවන් මෙන්ම ගුප්ත විද්‍යා විශාරදයන් සමාජය මත පිළිලයක් ලෙස පැතිරයාම භයානක වසංගතයකි. සෑම උදෑසනක ම රූපවාහිනියෙන් පෙනී සිටින මෙම වංචනිකයෝ ජන ජීවිතයේ ස්වභාවික ගලා යාම විකෘති කොට මිථ්‍යා බලපෑම් මගින් සමාජයේ ඉදිරි ගමනට බාධා පමුණුවති. කලින් කළ විවිධ අධ්‍යාත්මික හාස්කම්කරුවෝ මෙම දිවයින මත පහළවෙති. විශ්ව ශක්තිය, දෙවිදේවතාවන්ගේ බලවේග, මළවුන්ගේ බැල්ම, යක්ෂයන් ලවා වැඩගැනීම,…

|

තවත් සංචාරක සටහනක් – නිශාන්ත කමලදාස

අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුණ ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල්වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්‍රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේරවරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන. කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත…